The title of the page
prathi Roju Pandage 2019 Sinhala Sub
prathi Roju Pandage 2019 Sinhala Sub
6.2
92

Prathi Roju Pandage (2019) Sinhala Subtitles|හැම දිනයක්ම උත්සවයක් මෙන් සමරමු|සිංහල උපසිරැසි සමග|

Prathi Roju Pandage 2019 Sinhala Subtitles


අපිව ළමා අවධියේ දි ඇවිද්දවන..

අම්මයි,තාත්තයි…
මහන්සි වෙලා..ඇවිදගන්න බැරි වයසෙදි..
එයාලගේ සහයට හිටගෙන හිටියහම…
හැම ගෙදරකම ..
හැම දවසක්ම උත්සවයක් වගේ වෙයි..

වැඩ වලට යටවෙලා , සල්ලි පස්සෙම දුවන,හැමදේම කාර්මික බවට හැරුනු වර්තමාන ලෝකයේ වෙසෙන හැම පුතෙක්ටම, දුවෙක්ටම තමන් විසින් අමතක කර දැමූ දෙමාපියන්ව යලි සිහියට නගවන ආදර්ශයමත් විනෝදබර කතාවක් මේ…

ආයුබෝවන් ! ඔන්න එහෙනම් මම ආයි ඉක්මනින්ම තවත් අලුත්ම තෙලිඟු සලරුවක සිංහල උපසිරැසි අරගෙනයි ආවේ.එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු.

මේ චිත්‍රපටිය තිරගත කිරීම ආරම්භ කලේ 2019 ගිය අවුරුද්දේ දෙසැම්බර් 20 වෙනිදා..ආරම්භයේ ඉදන්ම සාර්ථකත්ව තිරගත වුනු මෙය නැවතුනේ බොක්ස් ඔෆිස් හි ඉහල ආදායමකුත් ලබාගෙන.අතිදක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන Maruthi Dasari ගේ අධ්‍යක්ෂණයෙන් හා කතාව සමග Thaman ගේ සංගීතයෙන් රසවත්ව තමයි මෙය නිම වුනේ..

එදාමෙදාතුර තෙලිඟු සිනමාවේ ඉහලම සිටින ජේශ්ඨ රංගනශිල්පීන් සිට නවකයින් දක්වා මෙහි රංගනයට යොදාගෙන තියෙනවා.ප්‍රධාන නලුවා ලෙසින් එක් වෙන්නේ Supreme Hero ලෙස හදුන්වන Sai Dharam Tej විසින් වන අතර ප්‍රධාන නිලිය ලෙසින් එක් වන්නේ සුරූපි රුවැත්තිය Rashi Khanna විසින්.මේ ද්විතය මීට පෙර Supreme 2016 චිත්‍රපටියෙන් එක් වුනාට පස්සෙ තමයි මේකෙන් ආයෙ හම්බවෙන්නෙ.ඒ වගේම Sai Dharam Tej ගේ රංගන ජීවිතයේ ඉහලම ආදායම හිමි කරගත චිත්‍රපටිය බවටත් මේක පත් වෙනවා..ඒ වගේම චිත්‍රපටයේ එන ” You Are My High” කියන ගීතයට Rashi Khanna ගායනයෙන් එක් වී තිබෙනවා..ඒ ගීතයටත් උපසිරැසි එක් කරල තියෙන්නෙ.

Prathi Roju Pandage 2019 Sinhala Subtitles

Prathi Roju Pandage Sinhala Sub

හරි මම එහෙනම් කතාව පැත්තට යොමු වෙන්නම්.

කතාව පටන් ගන්නෙම එයාර්පෝර්ට් එකෙන්.ඇමරිකාවේ ඉදන් සායි එයාගේ සීයගෙ ගමට යන්න ඇවිත් ඉන්නව.සායිගේ තාත්තා එයාට මාරම ආදරෙයි..කොච්චර ද කියනවනම් වදයක් වෙන තරමට..මොකද එයාගෙන් අනිත් අයව දුරස් කරල එයාව තමන් ලගම තියාගන්නයි තාත්තා උත්සහ කරන්නෙ.ඔය අතරෙ සායිගෙ සීයාට පෙනහලු පිලිකාවක් තියෙනව කියල එයා තව ජීවත් වෙන්නෙ සති පහයි කියල දොස්තර කීමත් එක්ක තමයි සායි මෙහෙම ඉන්දියාවට ඇවිත් තියෙන්නෙ..සායිගේ තාත්තා සායිට කොච්චර ආදරේ වුනත් එයාගේ සීයගෙයි,තාත්තගෙයි අතර නම් එහෙම බවක් නෑ..සායිගේ තාත්තා අමුතුම කෙනෙක්..තමන්ගේ තාත්තගේ අන්තිම කාලෙත් එයා ගාව ඉන්න එන්න පැකිලෙනව රස්සව හින්දා..

ඉතින් සායිට පුළුවන් වෙයිද මේ දේවල් වෙනස් කරන්න ?..නොහිතපු විදියට ටික්ටොක් පිස්සියක් මෙයාගේ ජීවිතේට එන්නේ කොහොමද ? සීයගෙ තත්වෙ මොනා වෙයිද ?

මේ ඔක්කොම දැනගන්න අනිවාරෙන්ම අරගෙන බලන්න කියල ආරාධනා කරනවා හැගීම්බර ,ආදරණීය , විනෝදාත්මක මේ අපූරු තෙලිඟු සලරුව..මේ චිත්‍රපටියෙන් ලබාදෙන පණිවිඩය නම් සමහර අයගෙ ජීවිතේම වෙනසක් ඇති කරයි..ඒ තරමට ආදර්ශමත් සලරුවක්..එහෙනම් ඉතින් මම ගිහින් එන්නම් ආයෙම උපසිරැසියක් අරගෙන බලාපොරොත්තුවෙන්..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

5 comments

  1. tanx bro sub ekata

  2. thanks sub ekata (madushan priyankara) jayawewa…………………

  3. Machan…meke font size1ka adu karanna beyda ??

  4. Sub ekata thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login