The title of the page
Pithamagan 2003 Sinhala Sub
Pithamagan 2003 Sinhala Sub
8.4
95

Pithamagan (2003) Sinhala Subtitles |නපුරු සොහෝන්පල්ලා| සිංහල උපසිරැසි සමග|

2003 ඔක්තෝබර් 24 වන තිරයට ආ මෙය නාට්‍යමය හා අපරාධ ඝණයට වර්ගකර, පැය දෙකයි විනාඩි තිස් අටක් තිරයේ දිග හැරෙන මේ ෆිලුම IMDb මීටරය 8.4 කරකවන්න සමත්වෙලා තියෙනවා.(Pithamagan 2003 Sinhala Sub)

මෙහි ප්‍රධාන චරිතය සදහා දමිළ සිනමාවේ කවුරුත් හොදින් දන්නා ප්‍රියකරන “චියාන්” වික්‍රම් හා සූර්යා ගේ විශිෂ්ට රංගනයෙන් හා සේදු, නන්දා හා පරදේශි වැනි විශිෂ්ට නිර්මාණයන් ලබාදුන් බාලාගේ අධ්‍යක්ෂණයෙන් බිහිවු අතිවිශිෂ්ට යයි කිව හැකි සම්මාන 9ක් ම දිනාගැනීමට සමත් වු සලරුවක් මේක.. මේ ෆිලුමේ පවතින්නේ රංගන තරගයක් දෝ සිතන තරමට ප්‍රධාන චරිත කිහිපය එකිනෙකා පරයා තම කුසලතාවයන් එලිදැක්වීම නිමිත්තෙන් ෆිල්ම් ෆෙයාර් වෙතින් හොදම නලුවා (වික්‍රම් ) හොදම නිළිය (ලයිලා) හොදම සහය නලුවා (සූර්යා) හොදම සහය නිළිය ( සංගීතා) ලෙස ප්‍රධාන චරිත හතරටම සම්මානයෙන් පිදුම් ලැබු අතරම හොදම චිත්‍රපටය ලෙසද හොදම අධ්‍යක්ෂක ලෙස බාලාද සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම ඉන්දිය සිනමා ලොකයේ කලාකරුවෙකුට ලබා හැකි ඉහලම ගෞරවය හා සම්මානය වන National Film Award එක 2003 වසර හොදම නලුවාට පිරිනමන Silver Lotus Award එක වික්‍රම් විසින් දිනා ගන්නා ලදි. මෙය දමිළ සිනමාවට හොදම නලුවා සදහා National Film Award එක ලැබුණු තුන්වෙනියා ලෙස වික්‍රම් පත්විය. මීට පෙර ලබාගෙන තිබුනේ එම්.ජී.ආර් සහ කමලහසන් (තුන්වරක්ම) විසිනි. එමෙන්ම තමිල්නාඩු රජය විසින් පිරිනමනු ලබන Tamil Nadu State Film Awards හී හොදම නලුවා (වික්‍රම් ) හොදම නිළිය (ලයිලා ) හොදම සහය නිළිය ( සංගීතා) යන සම්මානයන් ලබා ගන්නා ලදි.

මේ සිනමාවේ කතා තේමාව වී තියෙන්නේ ජයකාන්තන්ගේ Nandhavanathil Oru Andi කියන කතාවේ සොහෝන් පල්ලෙකුගේ චරිතාපදානයයි. චිත්තන් (වික්‍රම් ) කියන මේ සොහෝන් පල්ලාගේ දුක්බර කටුක ආදරයක් අනුකම්පාවක් නොලැබු ජීවිතයට මවක්මෙන් , පියෙක්මෙන්, සොහෝයුරෙකුමෙන් ශක්ති ( සූර්යා ) ගෙන් ලැබෙනාඅදරය රැකවරණය හමුවේ චිත්තන්ගේ ජීවිතය වෙනස්වෙන ආකාරය. චිත්තන් හා ශක්ති අතර තිබෙනා බැදීම් කොතරම් ගැඹරු බැදීමක්ද යන මනාව විදහා පාන මේ සිනමාව ඉලයරාජාගේ මියුරු සංගීතයෙන් තවත් ඔප දමා ඇත. එයිනුත් මධූ බාලක්‍රිෂ්ණන් විසින් ගයන” පිරයේ පිරයේ” හා ශ්‍රීරාම් විසින් ගයන “ඉලංකාට්ටෘ වීසුදේ “යන ගීතයන් දෙක සිය දහස් වාරයක් ඇසුවත් සිතට දෙනෙන සහනය කියා නිමකල නොහැක. චිත්තන් ගමේ සොහෝන බලාගන්න ඉන්න කෙනා. චිත්තන් ඉපදුනේ හැදුනේ වැඩුනේ මේ සොහෝන් බිමේමයි. ඒ එයාගෙ අම්මා මේ සොහොන්බිමේ චිත්තන්ට ජීවය දී ලොව හැරයමත් සමගමයි. ඔහුව හදාගන්නා එවක සොහෝන්පල්ලාද චිත්තන් ලමාකාලයේදීම ලොවෙන් සමුගන්නවා. කුඩා චිත්තන් සොහොන්බිමේ වැඩභාරගන්නා අතර ඔහුගේ ජීවිතය ගෙවී යන්නේ මේ සොහොන්බිමය සීමාවීමෙනි. සොහොන් කටයුතුවලින් චිත්තන්ගේ ජිවිතය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔහුට තම කුසගින්න නිවාගැනීමට ගමට යන්නට සිද්ධ වෙනවා. ගම චිත්තන්ට හුරු නැති නිසා ඔහුට එහි ජීවන රටාව නොදන්නා නිසාත් කරදර, අඩ දබර වලට පැටලෙන අතර එහිදී ගෝමති ( සංගීතා) විසින් මොහුබේරාගෙන ගංජා වත්තක වැඩක් ලබා දෙනවා. මෙහි ගංජා වැවිම හා ප්‍රවහනය ඉතා රහසිගතව සිදුවන අතර. මේ රැකියාව ලැබීමත් සමගම චිත්තන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස්වෙන්න ගන්නවා.

මේ ෆිලුමේ සාර්ථකත්වය උඩ මෙය 2007 දී කන්නඩ භාෂාවෙන් උපේන්ද්‍ර හා දර්ශන්ගේ රංගනයෙන් Anatharu ලෙස නිරමාණය විය.
මෙහි සාර්ථකත්වය මතම හින්දි භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කිරීම සදහා බාලාගේම සේදු නිර්මාණය කල සතිස් කෞෂික් විසින්ම අයිතිය ලබා ගත් අතර ඒ සදහා සේදු හින්දි යේ (තෙරේ නාම්) රගපෑ සල්මන් ඛාන්වම තෝරාගැනීමට තැත්කල අතර කුමන හෝ හේතුවක් මත එය නොකෙරිණි. චිත්තන් නොහෝත් වික්‍රම් ගේ ජීවිත කාලයටම බැලිය හැකි හොදම රංගනය මෙහිදී බලාගන්න ඔයාලට පුලුවන් වෙනවා අනිවාර්යයෙන්ම ඒ වගේම අනෙක් සියලුම ප්‍රධාන හා උප චරිතයන් සියල්ලම විශිෂ්ට අන්දමින් යොදවාගනිමින් සියලු පාලනයන් තමන්වෙත ගෙන ඉතා සාර්තක සිනමාවක් දමිළ රසිකයන් වෙත ගෙන ඒමට බාලා සමත් වෙලා තියෙනව.

ඔබ දමිළ සිනමා රසිකයෙක්ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නොවේ මෙවෙනි උසස් නිරමාණයක් රස විදින්න. සිනමා රසිකයෙක් වන සෑම කෙනෙක්ම රස විදිය හැකි සිනමා සිත්තමක් ලෙස මෙම පිතාමගන් සිනමා සිත්තම හැදින්විය හැක.

සම්මානයන්
National Film Awards 2003
Won – Silver Lotus Award for Best Actor – Vikram
Filmfare Awards South
Won – Filmfare Best Film Award (Tamil)
Won – Filmfare Best Director Award – Bala
Won – Filmfare Best Actor – Vikram
Won – Filmfare Best Actress – Laila
Won – Filmfare Best Supporting Actor Award – Suriya
Won – Filmfare Best Supporting Actress Award
Sangeetha
Tamil Nadu State Film Awards
Won – Best Actor – Vikram
Won – Best Actress – Laila
Won – Best Supporting Actress – Sangeetha

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Lalani Maduwanthi

    Thank you Peter aiye,,,puluwan nam,,,,90/2000 years wala poddak parana Tamil movies walata subtitles dennako?

  3. Arawinda Sunimal

    thanks sub ekata jayawewa…………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login