The title of the page
peranmai
7.1
84

Peranmai (2009) Sinhala Subtitles | දේශය වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග

Peranmai 2009 Sinhala Sub
ඔන්න ඊලගටත් ටිකක් පරන ෆිලුමක්ම අරන් ආවා . ඒ ජෙයම් රවිගේ ” පේරාන්මයි ” එනම් වික්‍රමයයි. මෙය IMDb 7.1/10 අගයක් ලබාගෙන ඇති අතර , ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත 84 %ක් ලබාගෙන ඇත .ඒ වගේම මෙය Action/Adventure ලෙස වර්ගීකරනය කර ඇත. පැය 2 ක් හා විනාඩි 30ක් තිරයේ දිග හැරුන මෙය 2009 ඔක්තෝබර් 09 වන දින තිරගත විය, Boris Vasilyev ගේ The Dawns Here Are Quiet 1972 රුසියානු චිත්‍රපටයේ අනුසාරයෙන් මෙම චිත්‍රපටිය නිර්මාණය වී ඇත. මෙය හින්දියෙන් Kasam Hindustan Ki ලෙස 2011 දීද Ranadheera ලෙස තෙලුගුවලින්ද හඩ කවන ලදි.

Peranmai 2009 Sinhala Sub
S. P. Jananathan ගේ අධ්‍යක්ෂණයෙන් Vidyasagar ගේ සංගිතයෙන් ඔප වු මෙය S. R. Sathish Kumar ගේ සිනමාකරණයක් වේ . බෙදාහැරීම හා නිෂ්පාදනය කවදත් දමිළ සිනමාවේ නොමැකෙන නාමයක් රැන්දු Ayngaran International වේ. Ayngaran International කියන්නේ එදා තමිල්නාඩුවේ නමක් රැන්දු ඉහල තත්වයේ දමිළ සිනමා නිෂ්පාදනය හා බෙදාහැරීමේ නමක් රැන්දු ආයතනයකි .

නලුවන් ගැන ගත්තනම් මේකේ කැපි පෙනෙන හොලිවුඩ් නලුවෙක් ඉන්නවා . ඒ Roland Kickinger . එයත් එක්ක ප්‍රධාන චරිතයට Jayam Ravi හා Saranya, Dhansika, Vasundhara Kashyap, Varsha Ashwathi හා Liyasree රංගනයෙන් දායක වෙනවා . අම්මෝ මෙච්ච්ර කෙල්ලෝ ගොඩාක් මොකටද ප්‍රධාන චරිතයට කියලනම් අහන්න එපා. ඒ අයත් එක්ක අපිව ටිකක් හිනස්සන්න Vadivelu .

මේ කතාව තේමා වෙලා තියෙන්නේ වන ආරක්ෂක නිළධාරියෙක්ට බාරවෙන කැඩෙට් නිළධාරිනියන් . ඔවුන්ව පුහුණුකිරීම හා එයින් තෝරගන්නා අයවලුන්ව වන තරණය සදහා එක්කන් යෑම. දුරුවන් තමයි මේ වන නිළධාරියා (Jayam Ravi ) . මෙයා ආදි වාසියෙක් නමුත් හොදින් ඉගෙන ගෙන මේ තැනට එන දුරුවන් රට දැයට දැඩිව ආදරය කරන්නෙක්. ඒ වගේම ආදිවාසින් උගත යුතුයයි සිතන්නෙක්. නමුත් මේ කඩෙට් නිළධාරිනියන් මාන්නෙන් ඔලුව උදුම්මාගත් අයවලුන් . හිතාගන්න පුලුවන්ද මේ වගේ අය කොහෝම වේවිද කියලා. එහේමනම් මේ ෆිලුම බලල පොඩි අදසත් කොටා ගෙන යන්න.
මෙහි ආදායම් වාර්තාව .

Budget ₹50 million (equivalent to ₹100 million or US$1.4 million in 2019)
Box office ₹250 million (equivalent to ₹510 million or US$7.1 million in 2019)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
BDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


188
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. නියමයි අයියා..

  3. Arawinda Sunimal

    thanks sub ekata jayawewa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login