The title of the page
gentleman 2020
7.1
75
96

Gentleman (2020) Sinhala Subtitles | නිදිමත මහත්මයා | සිංහල උපසිරැසි සමග

“- කෙනෙක් හොඳ නින්දක් ලබනව නම්
ඕනම ලෙඩක් සනීප කරන්න පුලුවන්..”

“- ඒත් නිදාගන්න එක ලෙඩක් උනොත් මොකද කරන්නෙ ?..”

“- ඔව්, අද අපි සාකච්ඡා කරන්නෙ ඒක ගැන තමයි
Sleeping beauty syndrome”

“- මේ නිද්‍රාගත තත්වය කෝටි
හතරකින් එක් කෙනෙකුට වගේ දකින්න පුලුවන්”

“- මේ ලෙඩේ තියෙන කෙනෙක්”

“- දවසකට පැය 12 ක් එහෙමත් නැත්තම්
පැය 14ක්, 18 ක් එක දිගටම නිදාගන්නවා..”

දවසට තියෙන්නේ පැය විසිහතරයි. සාමාන්‍යයෙන් මනුස්සයෙක් නිදියන්නේ පැය අටක් වගේ කාලයක්..

නමුත් මිනිහෙක් පැය විසි හතරෙන් පැය දහ අටක්ම නිදාගත්තොත් කොහොමද?
කොහොම ජීවත් වෙයිද.. ඒත් එහෙම ජීවිතේ ගෙවන කෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නෙ..

2020 පෙබරවාරි 7 වෙනිදා තිටගත කරපු මේ සුපිරි ගණයේ කන්නඩ සලරුව IMDb අගය 7.1 වගේම 96% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් ලබාගන්නටත් සමත්වෙලා තියෙනවා.. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Jadesh Kumar Hampi විසින්.. නිෂ්පාදනය කරන්නෙ Guru Deshpande විසින්.. චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය ඒ කියන්නෙ භරත්ගෙ චරිතයට පණපොවන්නෙ Prajwal Devara ඒවගේම Nishvika Naidu, Sanchari Vijay ත් රංගනයෙන් දායක වෙනවා…

ඉතින් මේ භරත් කියන්නෙ එයාගෙ අයියයි නෑනයි එයාලාගේ පුංචි දුවත් එක්ක ජීවිතේ ගෙවන කෙනෙක්.. භාරත් කවදාවත් හිරු උදාවෙනවා දැකපු කෙනෙක් නෙවෙයි. රෑ දහයට නින්දට ගිහාම ආයෙත් ඇහැරෙන්නේ පහුවදා හවස හතරට . රස්සාව කරන්නෙත් පාට් ටයිම් විදිහට ඇහැරිලා ඉන්න පැය හය ඇතුලත..

මේ අතරෙ භරත්ට Thapasvini කියලා ගෑණු ළමයෙක්ව සෙට් වෙනවා.. Thapasvini භාරත්ට හමුවන්නේ රැකියාවට යන අතරතුරදී.. ඇය සමග කාලය සතුටින් ගත කරනකොට එක් වරම භාරත්ගේ ජීවිතේ උඩුයටිකුරු වෙනවා.. භාරත්ගේ අයියා නැනා අනතුරකින් මිය යනවා. ඔවුන්ගේ පුංචි දරුවා භාරත් ලඟ තනිවෙනවා. පැය දහ අටක් නිදාගන්න භාරත් කොහොම දරුවා බලාගනීද. ජීවිතේ කොහොම ගෙවයිද ?.. කතාව සංවේදී වෙන්න පටන් ගන්නේ එතන ඉදන්.. ඒ ඇයි කියලා ඔබටම බලන්න වෙයි.

පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම කුතුහලය එක්ක බලන්න පුළුවන් .. සංවේදී කතාවක් බලන්න ආසනම් අනිවාර්යයෙන් බලන්න.මේ වසරේ කන්නඩා සිනමාවේ ආව හොඳම එක මොකක්ද කියලා ඇහුවොත්.. කියන්න දෙයක් නෑ . ඒක තමා මේක..

චිත්‍රපටය නරඹන අතරෙ මහා පරිමාණ ජාවරමක සුලමුල එලිවෙන හැටිත් ඔයාලට බලන්න පුලුවන් වේවි… ඒ නිසා මගඇරගන්නෙ නැතුව මේකත් අනිවාර්‍යෙන්ම බලන්න ..

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

One comment

  1. නියම වැඩක් පසියා..❤️ තෑන්ක්ස් සබට..😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login