The title of the page
Payanigal Gavanikavum (2022) Sinhala Subtitles
Payanigal Gavanikavum (2022) Sinhala Subtitles

Payanigal Gavanikavum (2022) Sinhala Subtitles | “ මගීන්ගේ කාරුණික අවධානය පිණිස” | සිංහල උපසිරැසි සමඟ

(Payanigal Gavanikavum (2022) Sinhala Subtitles) (Payanigal Gavanikavum (2022) Sinhala Sub)

එයා තාත්තා නැති ළමයෙක් කියලා..
එයාගේ අම්මා කිව්වා සර්..

 තාත්තා කෙනෙක් නැති ළමයෙක්ගේ..
වේදනාව, වගකීම් මොනවද කියලා මම දන්නවා.. 
 නිකන් නොදැන තේරුම් නොගෙන..
හදිස්සියට දෙයක් කරා.. 
 නීතියෙන් ඕනේ නම් එයාට දඬුවම් කරයි.. 
ඒත්.. අපි මිනිස්සු නේද සර්..? 
අපිට සමාව දෙන්න පුළුවන් නේද ? 
 මීටත් එහායින් අනිවාර්යෙන් ඔයා එයාට
දඬුවම් දෙන්න හිතනවා නම්.. 
මන්ම එයාට එක දඬුවමක් දෙන්නම්..
 එයාට සමාව දෙන එක තමයි..
මම එයාට දෙන ලොකුම දඬුවම.. 

මට පැමිණිලි මුකුත් ඕනේ නැහැ සර්.. 

ඔන්න එහෙනම් තව අලුත් දෙමල ෆිල්ම් එකක් තමයි අද මම මේ අරගෙන ආවේ.. මේක මේ අවුරුද්දේ ” aha Tamil ” හරහා තමයි එලියට ආවේ.. මේ ෆිල්ම් එක ” සත්‍ය සිදුවීමක් පාධක කරගෙන ” හැදුන ෆිල්ම් එකක්.. ඇත්තටම මේක මලයාලම් ෆිල්ම් එකක් වෙන ” Vikruthi ” එකේ දෙමල Remake එක.. ඒ මලයාලම් ෆිල්ම් එක බලපු අය නම් දන්නවා ඇතිනේ කතාව ගැන නම්.. ඇත්තට පට්ටම ලස්සන කතාවක් තමයි.. ඒ වගේම දෙමල එකත් ඊට දෙවනි නැහැ ආයේ ඉතින් ” විදාර්ත් “ගේ රඟපෑම් ගැන කියන්න දෙයක් නැහැනේ.. ” විදාර්ත් “ට අමතරව තව දන්න කියන අය කට්ටියක් ඉන්නවා ඉතින් මේ ෆිල්ම් එකේ..

( Vikruthi ( Malayalam ) – Payanigal Gavanikavum ( Tamil )

මම කලින් කිව්වා වගේ මේ ෆිල්ම් එකේ තියෙන්නේ සත්‍ය සිදුවීමක්.. මේ පහල පින්තූරේ ඉන්නේ ඒ සත්‍ය සිදුවීමට මුහුණදුන් කෙනා සහ පවුලේ අයගේ පිංතුරයක්..

 

කතාව පැත්තට යමු නේද ?

මේ විදිහට කතාව ගැන කෙටියෙන් කියන්නම්.. අපි හොයන්නේ බලන්නේ නැතුව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ්අඩවි වල දුර දිග හිතන්නේ නැතුව අපේ භාෂාවෙන් කියනවා නම් නිකන් ආතල් එකට එක එක අයගේ ෆොටෝ එහෙ මෙහෙ ෂෙයාර් කරනවා නේද ? අන්න ඒ වගේ ෂෙයාර් කරපු දුරදිග නොබලා ෂෙයාර් කරපු පිංතුරයක් නිසා කෙනෙක්ගේ ජීවිතයක්ම කෙනෙක්ගේ නෙවෙයි පවුලක්ම බලපෑමට ප්‍රශ්න ගොඩකට මැදිහත් වෙන කතාවක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.. ඇත්තටම ඒ මිනිස්සු ඒ පිංතුර ෂෙයාර් වීමත් එක්ක සමාජෙට මුහුණ දෙන්න බැරි තත්වෙටම වැටෙනවා..
එහෙනම් මෙතනින් එහාට කතාව අරගෙන බලන්න ඔයාලා, මොකක්ද මේ සත්‍ය සිදුවීම, මොකක්ද මේ එච්චරට ප්‍රශ්න ගොඩකට මැදිවෙන පින්තූරේ.. මේ සේරටම උත්තර එතකොට ඔයාලට ලැබෙයි..
” අපි ඇත්තටම දන්නේ නැහැ තව කෙනෙකුගේ ජිවිතයක් ගැන, ඒ මිනිස්සු මොන මොන ප්‍රශ්න වල ඉන්නවද කියලා.. ඒ නිසා අපි දැක්ක පමණින්ම කෙනෙක්ව විනිශ්චය නොකර ඉමු.. අන්තර්ජාලය හරහා දෙයක් ෂෙයාර් කරද්දී දහස් සැරයක් හිතමු.. “
එහෙනම් මම ගියා ආයේ එන්නම් අලුත්ම දෙමල ෆිල්ම් අරගෙන.. 
 Secret N ( නාරා ) 
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Buddhika laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියටg

  3. umesh maduranga

    sub ekata thank you secret N brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login