The title of the page
Beast (2022) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
5.8
81

Beast (2022) Sinhala Subtitles | “මෘගයාගේ ආගමනය” | සිංහල උපසිරැසි සමඟ

(Beast (2022) Sinhala Subtitles) (Beast (2022) Sinhala Subtitle) (Beast Sinhala Subtitle) (Beast Sinhala Sub)

Beast ( මෘගයා )


Tamil | Acting | Comedy
IMDb 5.7 /10
156 mins

“Im not a Politician, Im a Soldier”
(මම දේශපාලකයෙක් නෙවෙයි.. මම හමුදා නිළධාරියෙක්… !!!)

Beast නොහොත් මෘගයා. නෙල්සන්ගේ නිර්මාණයක් වන මෙය තලපති විජෙයිගේ 65 වන චිත්‍රපටයයි. Sun pictures නිළ මාධ්‍ය දායකත්වය වෙනදා වගේම ලබා දුන්නා.. Master චිත්‍රපටයෙන් පසු නැවත කරලියට පිවිසෙන තලපතිගේ action comedy චිත්‍රපටයක් කාලෙකට පස්සෙ බලන්න අපිට පුලුවන් වුණා. බොහෝ දෙනාගේ negative reviews අහන්න ලැබුණා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද තලපති විජෙයි කිව්වාම ගොඩක් අයට රුස්සන නලුවෙක් නෙවේ. ඒ ඇයි කියලා මම කියන්න යන්නෙ නෑ. ඒත් ඒ අකමැති බනින හැමෝම හොරෙන් හොරෙන් හොය හොයා බලන්නෙත් විජෙයිගෙ ෆිල්ම තමයි. කෙසේ හෝ negative positive reviews අතර චිත්‍රපටය ලොව පුරා තිරගත වුණා. කීප වතාවක්ම දින කල් යවමින් තිබූ අතර අවසානයේ මාර්තු 13 වන සිංහල දමිල අවුරුදු දා ලොව පුරා සිනමා ශාලා විශාල සංඛ්‍යාවක තිරගත වුණා.

Beast ගැන කෙටි හැදින්වීමක් කලොත් කාශ්මීරයේදී උමාර් ෆාරුක් නමැති ත්‍රස්තවාදියා අල්ලා ගැනීම සඳහා ඉන්දීය රෝ ඒජන්තවරයකු වන වීර රාඝවන් වෙත පැවරේ. ඔහු එය සාර්ථකව සිදු කරන අතරතුර, ෆාරුක්ගේ පලායාම වැළැක්වීම සඳහා ඔහු විසින් එල්ල කරන ලද මිසයිලයකින් ඔහු පෞද්ගලිකව දන්නා හඳුනන දරුවෙකු මිය යයි. මංගල උත්සවයකදී ප්‍රීතී නම් වූ සුන්දර යුවතියක් සමග සමීප සම්බන්ධතාවක් ඇති කර ගන්න රඝවන් ඇගේ උදව් ද ඔහුගේ රාජකාරීවලට නිබද ලැබෙනවා.මේ අතර තමිල්නාඩු රජයට චෙන්නායි හි සැලසුම් කර ඇති ප්‍රධාන ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ලැබේ. මේ අතර ත්‍රස්තවාදීන් පිරිසක් විසින් සුපිරි සාප්පු සංකීර්ණයක් වෙත ඇතුලු වෙලා කලහාකාරී ලෙස හැසිරෙමින් එහි සිටින මිනිසුන් ප්‍රාණ ඇපයට ගන්නවා. එලෙස ගලා යන අතර පකිස්තාන ගුවන් හමුදා සමග විශාල සටනක්ද ගුවනේ දී ඇති කර ගන්නවා. ඔහොම තමා කතාව ගලාගෙන යන්නෙ..

Beast හි ප්‍රධාන රංගනය තලපති විජෙයි වන අතර සුරූපි පූජා හෙග්ඩේ සමගයි. සෙසු නළු නිළි පිරිස අතර,

❖ Selvaraghavan
❖ Shine Tom Chacko
❖ Yogi Babu
❖ Redin Kingsley
❖ VTV Ganesh
❖ Shaji Chen
❖ Aparna Das
❖ Sathish Krishnan
❖ Lilliput
❖ Ankur Ajit Vikal
❖ Pawan Chopra
❖ Prudhvi Raj
❖ Sunil Reddy යන නළු නිලි පිරිස වෙයි..

Beast හි සංගීත නිර්මාණය Anirudh Ravichander වෙනවා. මීට පෙර තලපතිගේ කත්ති හා මාස්ටර් සදහා අනිරුධ් සංගීත නිර්මාණය කලා. ඉතාම ලස්සන වගේම සමාජ ජාලා වල ගින්දරක් වගේ ජනප්‍රිය වෙච්චි ගීතයක් වන ” Arabic kuthu” (Halamathi habi bo) ගීතය සමග තවත් ගීත දෙකක් ඇතුලත් වුණා. ඒ “Jolly O Jimkana ” හා ” Beast mode” ගීත ද ඇතුලත් වුණා. තලපති හා පූජාගේ නර්තනය නම් එහි අති විශිෂ්ටයි.

අප්‍රේල් 13 වනදා තිරගත වූ beast තරමක් පසුබෑමට ලක් වූ බව බොහෝ දෙනාගේ මතයයි. ඒ එසේ වීමට හේතුව අවුරුදු ගානක් බලන් හිටපු KGF2 ඊට පසු දාම තිරගත වීමයි. කෙසේ හෝ තලපති කියන brand එක නිසා ෆිල්ම් එක එක පයින්ම ගොඩ ගියා කිව්වොත් නිවැරැදියි. KGF2 සමග සසදා මෝඩයෙක් නොවන්න. beast කියන්නෙ වෙනස්ම එකක්. action comedy එකක්. KGF2 ලංකාවේ තිරගත වූවත් beast එකට හවුස් ෆුල් මට්ටම තිබුණා බොහෝ සිනමා ශාලාවල. ඒ තලපති කියන brand එක නිසා.

කෙසේ හෝ නියම කළ දිනට පෙර වෙබ් කොපියක් රිලීස් වුනා. අපි එයටද උපසිරැසි ලබා දුන්නා. ඔරිජිනල් වෙබ් එක මේ වන විට අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. බලන්න කියලා ආරාධනා කරනවා.

සිනෙරූ වෙනුවෙන් මම,
– නිත්‍යා රූපසිංහ –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

26 comments

  1. Secret N ( නාරා )
    Cineru Family Member

    FDFS බලලා තියෙනවා ඒත් පාන්දර 4ට ගිහින් පට්ට සෙනගක් එක්ක පට්ට ආතල් එකේ බලපු එකම ෆිල්ම් එක ” Beast ” ආයේ ඉතින් “அண்ணா யாரு தளபதி” ( අයියා කවුද තලපති!! 💥💥💥 )
    நன்றி Peter அன்னே 💖

  2. Anushka Udayanga

    Meka copyda

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. thnx bro
    jaya veva!

  5. udaya saman
    Cineru Family Member

    එලනේ අයියා. ඉක්මනටම සබ දීල.නියමයි නියමයි

  6. mee film ekata sub add karala T.V eken balanna puluwanda

  7. niyamai supari pari ithiri

  8. ammo thnx patta asawen hitiye meka denakan hamadama awith baluwa dalada dalada kiyala maru thanx

  9. wagakimen kiyannw….!!!!!!!
    meyage aklin film wage newei ,
    guuuuuuuuuuuuuuuuuuuuuuuuuuu thanikarama

  10. Video eka pennnne nane bn

    • දැන් බලන්න..ලින්ක් අප්ඩේට් කරලා තියෙන්නෙ..

  11. ඇත්තම කිව්වොත් DIRECTOR NELSON ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනා..

  12. බොහොම ස්තූති සබට සහො ! ජය ඔර්ජිනල් එනකන් හිටියෙ ජය (තලපති ) 😍❤️

  13. Anushka Udayanga

    Web eka thama nedda dala

  14. Roxx
    Cineru_users

    තලපතිගෙ,,වැඩක්ම නැති ෆිල්ම් එකද කොහෙද,very despointed😑,shit nelson guu karan me ka😒😑

  15. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login