The title of the page

Pandaga Chesko (2015) Sinhala Subtitles | ජීවිතයත් සමරන්න උත්සවයක් වගේ | සිංහල උපසිරැසි සමඟ |

පලිගන්නවා කියන්නේ විරුද්ධවාදීන් මරන එක නෙමේ..තමන්ගෙ සතුට  තමන්ම මරාගන්නවා කියන එක..

ආදරය ඇතිවෙලා ඒ තුලින් පලිගැනීම්,වෙන් වීම්,රණ්ඩු වීම්  වගේ දේවල් ඇති වෙනවා අපි ගොඩක් අහල දැකල තියෙනවා.ඉතින් මේ දේවල් වෙන්න හේතුව තමා එකිනෙකා අතර ඇති අනවබෝධය.ඉතින් ඒකෙන් පටන් අරගෙන අවුරුදු ගනන් වෛරය වඩමින් සතුට අහිමි කරගෙන ජීවත් වෙන්න එයාලට වෙනවා..එහෙම ජීවිතය ගෙවනවද..? උත්සවයක් වගේ සන්තෝෂයෙන් තමන්ගේ ජීවිතේ ගෙවනවද..?

ආයුබෝවන් සියලුම සිනමා රසික හිතවතුන්ට..තවත් අපූරු තෙලිඟු සිනමා සලරුවකට උපසිරැසි අරගෙන තමා මම අද වෙබ් අඩවියට ගොඩ වුනේ.පහුගිය කාලේ පුරාම බොහෝ දෙනෙක් ඉල්ලීම් කරපු උපසිරැසියක් මේ.නමුත් ඉංග්‍රීසි භාශාවෙන් උපසිරැසියක් තිබ්බෙ නැති නිසා අසාලිවීමක් කරල තමා උපසිරැසිය කරන්න වුනේ..එහෙනම් ෆිල්ම් එක පැත්ට බලමු.

2015 වර්ශයේ මැයි 29 තමයි සලරුව තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ..Drama | Action | Comedy කාණ්ඩ ලෙස වර්ග කරන්න පුළුවන් මේ සදහා 5.3 ක IMDB අගයකුත් , 89% ක ගූගල් පරිශීලකයන්ගෙ මනාපයත් හිමිවෙලා තියෙනවා..ඉන්දියානු රුපියල් කෝටි 15 ක් වැය කරමින් නිම වුනු චිත්‍රපටිය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 28.2 ක ආදායමක් ලබා ගන්න සමත් වී තිබෙනවා..Gopichand Malineni විසින් තමා මෙහි අධ්‍යක්ෂණය කරල තියෙන්නේ..

නලු නිලියන් ගැන බැලුවමනම් හුරුපුරුදු තෙලිඟු නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ප්‍රධාන නලුවා ලෙසින් එක් වන්නේ තෙලිඟු සිනමාවේ Energrtic Star ලෙසින් හදුන්වන Ram Pothineni විසින්. ප්‍රධාන නිලිය ලෙසින් සුරූපී Rakul Preeth Singh සමඟ Sonal Chauhan ද එක් වෙනවා..
තව Brahmanand , Vennela Kishor , M.S Naryana කියන විකට නලුවන් තුන් දෙනත් ඉන්න නිසා හොඳට හිනා වෙන්නත් පුළුවන් ෆිල්ම් එක බලද්දි..😁

හරි මං කතාව පැත්ත පොඩ්ඩක් මතක් කරන්නම්..

කාර්තික් කියන්නේ පෘතුගාලෙ ඉන්න ධනවත් තරුණ ව්‍යාපාරිකයෙක්..මෙයා හැමදේම බිස්නස් මට්ටමෙන් හිතන කෙනෙක්.ඉතින් තවත් මේ වගේම ව්‍යාපාර වලින් ඉහල තැනක ඉන්න කෙල්ලෙක් තමා අනුශ්කා කියන්නේ..කොහොමහරි බිස්නස් වැඩකට සෙට් වෙලා මේ දෙන්න බදින්න තීරණය කරනවා..ඉතින් මේ විවාහය පස්සෙ අනුශ්කටනම් ලොකු හේතුවක් තියෙනවා..අනිත් දේ තමයි මේකත් හරියට බිස්නස් ඩීල් එකක් වගේ කෙරෙන්න යන හින්දා කාර්තික්ගේ ගෙදර අයනම් පොඩ්ඩක්වත් කැමති නෑ මේකට..ඉතින් ඔහොම කතාව යද්දි කාර්තික්ගේ ඉන්දියාවෙ තියෙන රසායනික ෆැක්ට්‍රියෙ වෙන ප්‍රශ්නයක් නිසා ඉන්දියාවට එන්න වෙනවා…

ලොකු අතීත කතාවකුත් තියෙන ගොඩක් රහස් එලිවෙන්නේ ඔන්න එතකොට තමා..එහෙන් පලිගන්න ඉන්න තරහකාරයොයි ඉස්සරටනම් තවත් අපූරු විදියට තමා කතාව ගලා යන්නේ.. ඒක දැනගන්න ඔයාට අනිවාර්යයෙන්ම අරන් බලන්න වෙනවා..

FAMILY ENTERTAINMENT විදියට HIT වුනු තවත් අපූරු තෙලිඟු සලරුවක් තමයි මේ..මගෑරගන්නැතුව අනිවාරෙන්ම බලන්න කියල ඉල්ලනවා..එහෙනම් තවත් අපූරු සලරුවක් අරගෙන ඉක්මනට එන්නම් ඔයාලගේ අදහසත් පහලින් දාගෙන යන්න..

එතෙක් ඔබ සැමට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

8 comments

  1. thankx bro kaurthma me film ekata sb dila thibune neha supiri waddak bro oya

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Thanks for sub bro……(supreme 2016) Telugu movie eke sub denna bro please…..

  4. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    බොහොම ස්තුතියි සහෝ. ඉතාමත් වෙහෙසක් දරලා අපිට මේ උපසිරැසිය ලබා දුන්නාට!

  5. meke film eka download krnne kohomd oya uda site eken gnna kiwwta gnna bhne

  6. thanks……………

  7. Malith Sandeepa

    තැන්ක්ස් බොක්ක😘
    මේ වගේ සබ් නැති අනිත් පරණ ඒවටත් සබ් ඕන😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login