The title of the page
5.2
80

Love Action Drama (2019) Sinhala Subtitles |කවියක් වගේ ආදරේ| සිංහල උපසිරැසි සමග

දිනේශන් සහ ශෝභාගේ ප්‍රේම කතාවේ ආරම්භ, ගලාගෙන යෑම සහ අවසානය Love Action Drama….. හදිස්සියේම මුණ ගැහිලා, පළමු දැක්මෙන් ඇතිවෙන ආදරයක් තමයි Love Action Drama……2019 ඕනම් උත්සවය වෙනුවෙන් කේරළය පුරා හමාගෙන ගියපු මහා සුළඟ Love Action Drama…..

එහෙනම් ඉතින් මෙන්න තියනවා, බලන්න Love Action Drama…..

නිවින් පෞලි සමග නයන්තාරා ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඒ වගේම මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය ධ්‍යාන් ශ්‍රීනිවාසන්. එයාගේ පළවෙනිම චිත්‍රපටිය. සෑහෙන්න දුරකට සාර්ථකයි කියලා කියනන පුලුවන්. ඒ වගේම ශාන් රහ්මන්ගේ සංගීතයෙන් ගීතවත් වුන ලස්සන සිංදු කීපයක් තියනවා.

Love Action Drama එකත් එක්ක ඕනම් උත්සවය වෙනුවෙන් රිලීස් වුනා මෝහන් ලාල්ගේ ‘ඉට්ටිමානි; මේඩ් ඉන් චයිනා’ සහ ප්‍රිත්විරාජ්ගේ(මතක විදියට) ‘බ්‍රදර්ස් ඩේ’ චිත්‍රපටි දෙක. ඒ දෙකටම මේ LAD නිසා නොසෑහෙන්න බලපෑමක් වුනා. අසාර්ථක නෙවෙයි, නමුත් ඉක්මනින්ම ෆිල්ම් හෝල් වලින් ගැලවුනා. LAD එකේ තියන ප්‍රේමය නිසා බීමත් වෙන දර්ශන, හිටු කියලා ජෝඩුව රණ්ඩු වෙන එක ඇතුලු තවත් බොහෝ සාධක මේ චිත්‍රපටිය අවුරුදු විසිපහට අඩු තරුණ ජනතාව අතරේ අතිශය ජනප්‍රිය වෙන්න හේතුවක් වුනා කියලා කියවෙනවා. කොහොම නමුත් මේ ඕනම් උත්සවයේදි කේරළය පුරාම Love Action Drama සුළඟ හමාගෙන ගියා දවස් 75 ම.

2019 ඕනම් උත්සවට සමගාමීව කේරළයේ පාසල් සහ කොලේජ් වල තිබුනු ඕනම් උත්සව වල තීම් සෝන්ග් එක වුනේ මේ චිත්‍රපටියේ ‘On the floor baby’ සිංදුව. ගොඩක් වීඩියෝ තියනවා ඊට අදාලව. ෆාදර් කෙනෙක් එහෙමත් නටන වීඩියෝ එකක් තියනවා. ඒ සිංදුව එක්තරා විදියක උන්මාදයක් බවට පත්වුනා කේරළයේ තරුණයෝ අතරෙ. ඒක ‘ජිම්ක්කි කමාල්’ සිංදුව නිසා ඇතිවුනු රැල්ලට සමානයි. ඒ සිංදු දෙකම විනීත් ශ්‍රීනිවාසන්ගේ.
ඒ වගේම මේ චිත්‍රපටියේ සියලුම ගීත හරිම ලස්සනයි. හොඳ සංගීත නිර්මාණයක්, හාට් ටචින් ලිරික්ස් එහෙම තියන සිංදු. චිත්‍රපටියේ ජනප්‍රියතාවයට සහ සාර්ථකත්වයට ඒක ගොඩක් බලපාලා තියනා.

ඊළඟට නයන්තාරා හරිම ලස්සනට ඉන්නවා. බොරු කියන්න ඕන නෑනේ, කඩා හැලෙන ලස්සනක් තියෙනවා. නිවින් වුනත් හොඳ පෙනුමයි. නයන්තාරට ගැලපෙන විදියේ පෙනුමක් තියනවා. අජූ වර්ගීස් කියන්නේ ඉතිං මෝහන් ලාල්ගේ ඉඳලා දිලීප් හරහා මලයාලම් සිනමාවේ ඉන්න ආධුනිකම නළුවට වුනත් ගලපන්න පුලුවන් හොඳ සහය නළුවෙක්. නිවින් සහ අජූ වර්ගීස් අතර තියන එ් ගැලපීම චිත්‍රපටියට හොඳ විනෝදාස්වාදයක් එකතු කරලා තියනවා.

සමස්තයක් විදියට මේක විනෝදාස්වාදය ලබා දෙන්න කරපු චිත්‍රපටියක්. ලොකු සෝශල් මැසේජ්, ෆයිට්ස් එහෙම නෑ. ඒ අරමුණ නම් ඉෂ්ඨ කරගෙන තියනවා සාර්ථකව. ඒ වගේම හොඳ විචාරක ප්‍රසාදයක් ලැබිලා තියනවා.
IMDb අගය 5.9 වෙනවා. ඒකේ තේරුම ප්‍රේක්ෂකයෝත් චිත්‍රපටිය ප්‍රතික්ශේප කරලා නෑ.

ඔලුවේ තියන ප්‍රශ්න කරදර පැත්තකින් තියලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕන කියලා හිතෙනවා නම් Love Action Drama කියන්නේ බලන්න හොඳ චිත්‍රපටියක්. ඇත්තටම මේක මිස් වුනොත් අපරාදේ!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුමේෂ් බස්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුමේෂ් බස්නායක

August 21, 2019


29
Total Subtitles

9 comments

  1. අම්මෝ බොහොම ස්තූතියි මචං සබ් එක දුන්නට.ජය වේවා 🙏🙏🙏

  2. Under world film sub dennko please thx

  3. ජය වේවා සුපිරි

  4. හේමන්ත ද සිල්වා

    ස්තුතියි රොමේෂ්….

  5. හේමන්ත ද සිල්වා

    ඒත් මේක ඩවුන් ලෝඩ් කරගන්නෙ කොහෙන්ද… ගැලපෙන පිටපත. ?

    • අපගේ ඩවුන්ලෝඩ් වෙබ් අඩවියට යන්න .එකේ තියෙනවා ගැලපෙන පිටපත

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. Thank you,,,,God bless you

  8. Achi
    Top Fan ⭐⭐⭐

    ඔයා එහෙනම් ඒකට සබ් දුන්නා ආදරේයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login