The title of the page
6.7
88

Bigil (2019) Sinhala Subtitles|පිය සෙනෙහස|සිංහල උපසිරැසි සමග|

අපි ඉහලින්ම ජීවත්වෙලා පෙන්වන එක තමයි
අපි ජීවත්වෙන්න හොද නෑ කියල හිතන අයට දෙන ලොකුම දඩුවම

ඔන්න මම කයිදි එකට පස්සේ ගේන ඊලග ෆිලුම තමයි බිගිල් ( විසිල්) . ෆිලුම ගැන නම් මම කිසිම දෙයක් කියන්න යන්නේ නෑ. මොකද දැනටත් කට්ටිය මේ ෆිලුම ගැන දන්න නිසා. අනෙක අපේ අනුජ සහෝ මේ ගැන හොද විස්තරයක් දීල තියෙන නිසත්. මෙය 7.5/10 IMDb ලබාගෙන ඇති ඇත . සටන් , ක්‍රීඩා ලෙස වර්ගීකරනය කර ගූගල් පරිසීලකයන් විසින් 88% කගේ කැමැත්ත ලබාගෙන ඇත. 2019 ඔක්තෝබර් 25 වන දින තිරගත වූ බිගිල් සීමිත Imax තිර වලින් තිරගත වූ පළමු දෙමළ චිත්‍රපටයයි. ඊජිප්තුවේ සහ ජෝර්දානයේ තිරගත වූ පළමු දෙමළ චිත්‍රපටය ද මෙය වේ. මෙම චිත්‍රපටය ඉන්දියානු කෝටි රුපියල් ₹180 ක වියදමක් දරා එති අතර . 2019 දී වැඩිම ආදායමක් උපයාගත් දෙමළ චිත්‍රපටය ලෙස ලොව පුරා ඩොලර් බිලියන 300 ක් ඇස්තමේන්තු කර ඇති අතර එය රාජ්නිකාන්ත්ගේ පෙට්ටා ​​අභිබවා යමින්ය .

මෙම චිත්‍රපටය විදේශීය ප්‍රදේශවල සාහෝ සහ හවුස්ෆුල් 4 අභිබවා ගියේය. බිගිල් යනු ප්‍රංශයේ සහ එක්සත් රාජධානියේ මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් දෙමළ චිත්‍රපටයයි. එය ආරම්භක සති අන්තයේ මැලේසියානු බොක්ස් ඔෆිස් හි තෙවන ස්ථානයට පත්විය සහ ශ්‍රී ලංකාවේ ද වාර්තාගත අන්දමින් තිරගත විය . කවදාත් ආදායම් වාර්තා තබන්නට උපන් හපන් විජේගේ මේ බිගිල් සිනමාව 11 November 2019 වනවිට ඉන්දියානු රුපියල් කෝටි ₹300 ලෝ පුරා ප්‍රදර්ශනයෙන්උපයා ගන්නා ලදි . තමිල්නාඩුවේ පමණක් බෙදාහැරීමේ අයිතිය ඉන්දියානු රුපියල් කෝටි ₹80 ක් විය. සති හතරකින්ම මෙය දළවශයෙන් ඉන්දියානු රුපියල් කෝටි ₹143 උපයා ගැනීමට සමත් වී ඇත . සති තුනක් තුල චෙන්නාහි පමණක් කෝටි ₹13 එකතුවී ඇත. බිගිල් විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක US$1 ආදායමක් ඇමරිකාවෙන් වාර්තා කර ඇත . මෙය බ්‍රිතාන්‍යයේ පවුම් GBP 588,234 ආදායමක් වාර්තා කර ඇත . දින හයක් ඇ තුලත මැලේසියාවේ ඩොලර් මිලියන $2 ක් උපයාගෙන ඇත .

රංගනයෙන් Vijay ද්විතව චරිතයෙන්ද , Nayanthara, Jackie Shroff , Vivek, Yogi Babu හා Kathir එක්වෙන අතර . මෙය රාජා රානි ෆිලුමෙන් දමිළ සිනමාවට සම්බන්ධ වු Atlee Kumar විසින් අධ්‍යක්ෂණයකර ඇත . මෙය Vijay හා Atlee Kumar එකතුවෙන් තිරයට එන තුන්වන ෆිලුම වේ. මීට පෙර ආ තේරි හා මිරසල් හරහා Atlee විසින් SIIMA Award For Best Director සම්මාණය දිනා ගන්නා ලදි. මේ අනුව ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටි තුනම සම්මාණයන්ට පාත්‍රවිය. සංගීතයනම් A. R. Rahman. එයා ගැන මම කියවන්න ඕනේ නෑ කියල හිතනවා . ඒ වගේම මේකේ සිනමාකරණය ඉතාමත් උසස්ම අන්දමින් G. K. Vishnu විසින් හසුරුවා ඇත .

Atlee Kumar

A. R. Rahman

G. K. Vishnu

Facebook පිටුවේ Great Movies We Watched ගෘපයේ .

අනුජ විජේසිංහ සහෝගේ අදහස කොහොමද බලමු

චිත්‍රපටය ගැන අදහසක් දක්වන්න කලින් විජෙය් කියන චරිතය පිළිබඳව පොඩි අදහසක් දක්වන්න හිතුනා.

හුඟක් අය දන්නෙ මෙ මනුස්සයගේ තිරය ඉදිරිපස කතාව මිසෙක පිටුපස කතාව නොවෙයි. මිනිහා ජීවිතේ සෑහෙන්න කටුකත්වයෙන් පිරුණු අමිහිරි අත්දැකීම් ගොඩකට මුහුණ දුන්නු කෙනෙක්. කෙනෙකුට හිතෙන්න පුලුවන් සිනමා පවුලකින් පැමිණි විජෙය්ට මොන අගහිඟකමක්ද කියලත්?

විජෙය්ගෙ නංගිගේ අකල් වියෝව නිසා වර්තමානයේදීත් මිනිහා සෑහෙන්න විඳවනව. විජෙය්ගෙ මව කියන විදිහට ඔහු ඇගේ මරණයෙන් පසුව ඒ කෙළිලොල් ජීවිතය සම්පූර්ණයෙන්ම අතහැර දැමුවා කියල මං අහල තියෙනව. ජීවිතේදී අපිට එන හැම ප්‍රශ්නයකටම අභියෝගයටම එකීමෙකීනොකී දෙනාහට නිහතමානී සිනහවකින් සංග්‍රහ කරන්න විජෙය්ට පුලුවන්. සිනමාව සහ සැබෑ ජීවිතය ඈඳා නොගත්තු පරිසමාප්තියෙන්ම සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්නාවූ වගකීමක් සහිත පියෙක්. සිනමාවට දේවත්වයෙන් සළකන්නාවූ රටක විජෙය් නම් දමිළ සිනමා තරුව කියන්නෙ වෙනමම සිනමා සංස්කෘතිකත්වයක්. එහෙව් රටක විජෙය්ට දේව සැළකිලිවලට භාජනය වන එකෙත් මං පුදුමයක් දකින්නැහැ මොකද මිනිහ තුළ තියෙන චරිත ලක්ෂණත් එක්ක බලද්දී. අලුත් චිත්‍රපටයක ඉවක් දැනෙනකන් ඇඟිලි ගැන ගැන ඉඳල, තිරගතවෙනකන් මඟඅහුරගෙන ඉඳල, චිත්‍රපටය නරඹන්න සිනමාශාලාවට ගිය ඔහුගේ අසීමාන්තික රසිකයින් තුළ පවත්නා මීළඟ කුතුහලය නම් ඔහුගේ මුල්ම දර්ශණයට අවතීර්ණ වීමයි. එසැනින් අසුන් තුළින් නැගිට විසිල් ගසා තම සතුට ප්‍රකාශ කරන ඔවුන් මහ පුදුමාකාර රසිකත්වයක් අප ඉදිරියේ තබනව. ඔව්, මේක උමතුවක්!

චිත්‍රපටයට අවතීර්ණ වෙනව නම් ඇත්තටම මේක ඇට්ලිගෙ පෙර අධ්‍යක්ෂණය කෙරුණු රාජා රානි,තෙරි, මෙරසල් වැනි නිර්මාණයන් මෙන්ම සාර්ථක හැඟීම්බර සළරුවක්. ලේඩි සුපර්ස්ටාර් නයන් වුනත් ඇයගේ සන්නාමය පසෙකලා තමන්ට ලැබෙන චරිතයයන් තුළ උපරීම සාධාරණයක් ඉටුකළ හැකි නිළියක් බවත් නැවත වතාවක් සනාථ කොට හමාරයි. ඒ වගේම අපිට විවේක්ගේ රංගනයත් අමතක කරන්නම බැහැ. ඒ.ආර්.රාහ්මන් නම් සංගීත පතාකයාගේ විශ්ව භාෂාව බඳු සංගීතය මෙම චිත්‍රපටය තුළ හරි අපූරුවට බෙදාහැරීමකට ලක්කර උචිතම අවස්ථාවන්හිදී ඒ ඒ හැඟීම් අප තුළ තවතවත් හාරඅවුස්සන හැකි අන්දමට පසුබිම් සංගීතයද ඉතාමත් සාර්ථකව ඔහු අපවෙත තබනව. කෙසේවූවද විජෙය්ට වයස යන්න නිකන්ම නිකන් ඉලක්කමක් පමණයි කියන කාරණය අප සැවොමයන් දත් දෙයක්. තවද රහ්මන්ගේ හඬින් වර්ණවත්වන සිංගප්පෙන්නේ ගීතය මෙන්ම තලපති විජෙය්ගේ හඬින් ගැයෙන වෙරිත්තනම් ගීතය අප හදවත් තුළ මින්පෙර නොවිඳූ අත්දැකීමක් ඇතිකරනවා නොඅනුමානයි. සැළකිය යුතු මට්ටමක හොඳ වර්ණ සංකලනයක් බිගිල් තුළ ඔවුන් භාවිතාකර තිබෙන බවද දකින්නට පුලුවන්. ඒ සඳහා සෑහෙන්න වෙහෙසක් දරන්න ඇතිකියල අපිට හිතාගන්න පුලුවන් ඒ ඒ ලොකේශන්ස්වල ලෙවල් එක අනුවත්.

එමෙන්ම චිත්‍රපටය තුළ විජෙය්ගෙ සහජත්වය එනම් දෙබස් භාවිතාව නම් මනා ලෙස කළමනාකරණයකට ලක්වෙලා සාර්ථක අන්දමින් උපයෝගී කරගෙන ඇතිබවද පසක්වනව. ඉන්දියාව වගේ රටක කාන්තාවන්ට බහුතරයකට අත්වන තිබෙන ඉරණම් මෙන්ම සීතල මතගැටුම් යනාදියට හොඳ පිළිතුරක් මෙම චිත්‍රපටය තුළින් සමාජගත කරනව. කාන්තාවන් යනු මුළුතැන්ගෙයක හිරවෙල කඳුළු සඟවෙන හිනාවෙන්න වෙරදරන චරිතයක් නොවන බවත් ඔවුන්ටද ඔවුනොවුන්ගේම කියල අයිතීන් මෙන්ම ආශාවන් ඇතිබවද පිරිමින්ට සමාජය තුළ ලැබිය යුතු තැන හා සමානත්වයක් ඔවුන්ටද හිමිවිය යුතු බව මෙම චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයා තුළ උද්දීපනය කිරීමට සමත්වෙලා තියෙනව. VFX පැත්ත ගැන නම් ලොකු සෑහීමකට පත්වෙන්න අමාරුයි. විජෙය්ගෙ චිත්‍රපටයක් තුළ පවත්න අනන්‍යතාවය එනම් ධනාත්මක සිතුවිලි මෙන්ම සමාජ ආමන්ත්‍රණය මෙම චිත්‍රපටය තුළ කදිම අන්දමින් ගෙනහැර පාන අතැරම ස්ක්‍රීන්ප්ලේ එකේ පොඩි මන්දගාමීත්වයක් තිබුනත් මා දකින පරිදි එය බිගිල් හි හරයට නම් කිසිවිටෙකත් බාධාවක් ඇතිකළේ නම් නැහැ.

ඉතින් මම වගකීමකින් නිර්දේශ කරනව ඔබ සැමටත්, බිගිල් යනු හොඳ රසවින්ඳනයක් ලබාගතහැකි නැරඹිය යතුමවූ මෙම වසරේ තිරගතවූ ආදර්ශමත් දමිළ සිනමා සළරුවක් බව!

ඉතින් ඔබත් හැමවිටෙකම සිහිතබාගන්න,

කාන්තාවන් යනු කිසිම දිනෙක දුර්වල ජාතියක් නොවන වග!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

14 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    කලින්ම දුන්නා එහෙනම් ආ….ආදරේයි…තව සබ් දෙන්න ගැම්ම ලැබේවා..ටයිප් ස්පීඩ් වැඩි වේවා…

  2. sub ekata thanks bro..

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. ambo deiyane. mata pissu wage thankyou thankyou thankyou

  5. Thanks sub ekata Peter thx pluwannam under world filmtath sub dennko please

  6. බොහොම ස්තූතියි ඉක්මනින් සබ් එක දුන්නට.ජය වේවා 🙏🙏🙏

  7. අම්මෝ ටැමිල් නම් ඉතින් පීටර් අයියා තමා.
    ෆිල්ම් එක එන පමාව සබ එකත් වැටෙනවා
    පට්ටම

  8. Thankz brother sub ekt…issrhatath thawa thawath film pissonta sub denna labewa

  9. Tnx bro

  10. Thanks for sub bro….(Jaguar 2016) Telugu movie eke sub damu bro…please….

  11. ගොඩාක් ස්තූතියි පීටර් අයියේ

  12. Thank you Peter aiye,,,God bless you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login