The title of the page

La Femme Nikita (1990) Sinhala Subtitles| නිකිටාගේ ආරම්භය |සිංහල උපසිරැසි සමග|

ඉතින් හැමදාම අලුත් ෆිල්ම් කරන එකේ හිතුනා පරණ ෆිල්ම් එකක් කරන්න.ඉතින් තෝරා ගත්තේ ගොඩක් පරණ ෆිල්ම් එකක්.ෆිල්ම් එක නිකුත් කරලා තියෙන්නේ 1990 දැනට මේ ෆිල්ම් එක ඇවිල්ලා අවුරදු 29 වෙනවා.අම්මෝ නේ…හරි එහෙනම් අපි කතා  කරමු දැන් ෆිල්ම් එක ගැන .මේ ෆිල්ම් එක භාෂා තුනකින් කතා වෙනවා.ෆිල්ම් එක නම නිකිටා ,මතක වෙන්න ඇති නේ..මේකේ ඉන්නේ ඔයාලා දැකලා පුරුදු නිළිය නම් නෙමෙයි ,එත් එයාගේ රගපෑම ගැන නම් සැහීමකට පත් වෙන්න පුළුවන්.වෙලාවකට හිනත් යනවා.
නිකිටා කියන්නේ තරුණ වයසේ ඉන්න මත්ද්‍රව්‍ය වලට ඇබ්බෑහි උනු කෙනෙක්.ආරම්භය වෙන්නේ මෙයාලාගේ සෙට් එකක් යනවා අදුරන කෙනෙක්ගේ  ෆාමසියක් කොල්ලකෑමට .ඉතින් වැඩේ ටිකක් අවුල් වෙනවා එතනට එනවා පොලිසියෙන් ඉතින් පොලිසිය අතර සහා මේ කන්ඩායම අතර වෙඩි හුවමාරුවක් වෙනවා එකෙන් මේ කන්ඩායමේ ඔක්කොම සාමාජිකයෝ මැරෙනවා නිකිටා ඇරන්න.ඒවගේම පොලිසියේ අයත් මැරෙනවා.ඉතින් මේ වැරදි වලට නිකටා වැරදි කාරයා වෙනවා.
ඉතින් දඩුවම වෙන්නේ ජීවිතාන්තය දක්මා සිර දඩුවමක්.එත් මෙයා ගේ මරණය වියාජ මරණයක් කරලා නිකිටාව අරගෙන යනවා වෙන තැනකට පුහුණු වෙන්න..මොනවා පුහුණු වෙන්නද? ඇවිදින්න,කතා කරන්න සටන් කරන්න වගේම එතන හැම දෙයක්ම උගන්වනවා. එතනින් එහාට කතාව කියන්නේ නැහැ බලන්න..!

IMDB අගය 7.3 ලබා ගෙන තියෙනවා මේ කතාව පවුලේ සැමට නම් එකට වාඩි වෙලා බලන්න බැහැ. ඒවගේම මේ චිත්‍රපටය පසු මේ චිත්‍රපටය පදනම් කරගෙන් රූපවාහිනී කතා මාලාවක් 1997 දී විකාශය උනා.ඒවගේම කියන්න ඕනේ මේ ෆිල්ම් එක කිහිප සැරයක්ම නැවත නැවත අලුතෙන් නිෂ්පාදන කරලා තියෙනවා.මේ ෆිල්ම් එක එම වසරේ මේ චිත්‍රපටය හොදම ආදායම් ලබපු ෆිල්ම් අතරින් තුන් වෙනියට ආපු එකක් .බැලුවට පාඩු නැහැ ,අවසානට කියන්න තියෙන්න ගත්ත සබ් එකේ තිබුන ලයින් වල වැරදි තිබුනා කතා කරන ඒවා නෙමෙයි තිබුනේ ගොඩක් තැන මන් අහගෙනයි ගැහුවේ.වැරදි අඩු පාඩු තියේ නම් සමාවෙන්න !!

මන් සබ එක ගැහුවේ වයිටිඑස් එකෙන් ෆිල්ම් එක අරගෙන එකේ තියෙන්නේ ඉංග්‍රීසි ඩබ් කරපු එකක්.බලන්න පුළුවන් කිසිම ප්‍රශ්නක්  නැහැ

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login