The title of the page
4.5
83

Action (2019) Sinhala Subtitles | “සටන” | සිංහල උපසිරැසි සමඟ |

ඔන්න මම සිංහල සබ් ගේන ඊලග ෆිලුම තමයි විශාල්ගේ Action දමිළ ෆිලුම. මේක IMDb 4.7/10 අරගෙන තියෙන සටන් මූලික කරගෙන නිෂ්පාදනය කරපු එකක්. විශාල් කියන්නේ සටන් ජවනිකා තමන් විසින්ම කරන කෙනෙක් . සටන් මූලික කරගෙන තිබුනත් මෙහි කතාව හා ෆිලුම ගලගෙන යන ආකාරය කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් තත්වයක් ලැබිල තියෙනවා. ඒකට හේතුව මෙය අධ්‍යක්ෂණය කල අධ්‍යක්ෂ Sundar C. වීමයි. Sundar C. කියන්නේ ඕනේම මසාලා එකක් ලස්සනට ගොතල දෙන්න පුලුවන් කෙනෙක්. මේක ඉහලම විදියට දීල තියෙන්නේ . ඒකට Vishal ගෙන් ලැබිල තියෙන සහයෝගය ඉහල මට්ටමෙන් තියෙනවා .ඒ වගේම Sundar C. හා Vishal එකට එකතුවෙන දෙවන ෆිලුම . මීට පෙර මේ සුසංයෝගය එක්වුවේ Aambala ෆිලුමෙන්.

ඉතින් මේ Action ෆිලුම තිරයට ආවෙනම් 15 නොවැම්බර්2019 දී . විනාඩි 157 ක දාවන කාලයක් ලබා දී ඇත . මේකේ කතාව හා අධ්‍යක්ෂණය Sundar C කරද්දී . රංගනයෙන් Vishal සමග Tamannaah හා Aishwarya Lekshmi සමග Yogi Babu එකතුවෙනවා .  ඒ වගේම සංගීතය Hiphop Tamizha විසින් මෙහෙයවා ඇත . සිනමාකරනය Dudley.

මම මගේ ලිපිය මෙතනින් නවත්වලා ………………

හැමදාම වගේ ෆිල්ම් එක ආපු ගමන් ඉත්තෑව තියෙන වැඩ සේරම අතඇරලා  ඉත්තෑව කියන බයානක සතාගෙ දැගලීම වැඩි නිසා ෆස් ට්  ඩේ  ෆ්ස්ට් ශෝ එකම බලන අපි  බැලු චිත්‍රපටිහි      මාෂල් ජැන්ස්   සහෝදරයගෙ  අදහස බලමු

ඇක්ෂන් ➡️

සුන්දර් ගේ අධ්‍යක්ෂණයෙන් සහා විශාල් ගේ රංගනයේ නිර්මාණය වුන චිත්‍රපටයක් තමයි ඇක්ෂන්… 2019/11/15 වෙනිදා තිරගත වීමට ආරම්භ වුනා… මම හිතන විදිහට normal budget එකකට ලැබෙන්න ඕන ඒ ජයග්‍රහණය මෙම චිත්‍රපටය ලැබෙනවා කොයිදෝ… හරියට ඒ ගැන කියන්න බෑ මට 😌.

චිත්‍රපටයේ නම ඇක්ෂන් නිසා කොයිදෝ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ඇක්ෂන් සීන් වලින් පුරවලා…. ඒක ඉතින් හොදයි අවුලක් නෑ. ඇයි කිව්වොත් ➡️ගොඩක් දෙනෙක් ඒ විදිහට තමයි බලාපොරොත්තු වුනේ. හැබැයි Negative එක පැත්තෙන් බැලුවොත් 50%ක් රියැලිටි එකත් තියෙනවා ඒ වගේම රියැලිටි නැති ගතියකුත් තියෙනවා. Fright Seen විශාල් උපරිම හොදට කරලා තියෙනවා., හැබැයි Stunt Seen තමයි සම්පූර්ණයෙන්ම VFX වලින් කවර් කරලා තියෙන්නේ. පොඩි පොඩි Stunt seen original backgrounds use කරලා තමයි අරන් තියෙන්නේ. ඒ වුනාට Tom cruise ගේ ලෙවල් එකට යන්න බැරි නිසා, hard Stunt ටික graphics backgrounds වලින් තමයි අරන් තියෙන්නේ… ඒ ටික හොදට ඇවිල්ලා තියෙනවා විශාල් ගේ උත්සාහයෙන්

චිත්‍රපටයේ screenplay එක ටිකක් විතර මේ වර්ෂයේ තිරගත වුන #Chanakya තෙලිඟු චිත්‍රපටයට සම්බන්ධ වෙනවා.. ඒ වගේ ලයින් එකක් තමයි තියෙන්නේ.. චිත්‍රපටය බලපු අයට ඒ ගැන දන්නවා ඇති.

රොමෑන්ස් සීන්ස් ගොඩක් හොදට ඇවිල්ලා තියෙනවා… 1st Half එකේදී තමන්නා නෙමෙයි ප්‍රධාන නිළියට ඉන්නේ වෙනත් කෙනෙක්. #Aishwarya Lekshmi.. තමන්නා ගේ profomans ටික 2nd Half එකේදී තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ.. ඊට කලින් එන Aishwarya Lekshmi එයාට දුන්න චරිතය උපරිම හොදට හැගීම් බරව පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම සුන්දර් සර් රොමෑන්ස් සහා ඒමෝෂනල් කැටගරි දෙක උපරිම හොදට ගෙනියලා තියෙනවා. 👌.

සුන්දර් සර් නම් අනිවාර්යෙන්ම comedy සහා horror තමා….

උපරිම හොදට කරනවා ඒ වගේ චිත්‍රපට… හැබැයි මේ ඇක්ෂන් චිත්‍රපටයේ ආරම්භය බලනකොට හැමෝටම හිතෙන දෙයක් තමයි  [මේක ඇත්තටම සුන්දර් ගේ චිත්‍රපටයක්ද බං කියලා] අන්න ඒ විදිහට තමයි පටන් ගන්නේ, ඉටපස්සේ විශාල් ගේ Entry එක බැලුවට පස්සේ, තිබ්බ සැකේ නැති වෙලා ගියා 😁

චිත්‍රපටය බලන් යනකොට මැදින් මැද පොඩි බයක් දැනෙනවා., විශාල් මේ දේ හරියට කරයි ද ? mission එක හරි විදිහට ඉවර වෙයිද.? මේ විදිහට ටිකක් විතර ගැස්සෙනවා. ඒ වගේ හැගීමක් එනකොට සුන්දර් සර් මැදට පැනලා හොද කොමඩි සීන් එකක් දාලා ෂේප් කරනවා.

background Score එක  හොදට නිර්මාණය කරලා තියෙනවා….

මම දැනුවත්ව මේ චිත්‍රපටයට ලැබුන ලොකුම හයිය  විශාල්.. ලොකු උත්සාහයක් දක්වලා තියෙනවා ඇක්ෂන් සීන් වලට…

සුන්දර් සර් Fantasy එක උපරිම ඉහලින් පෙන්නුම් කරන්න ගොඩක් දක්ෂයි. කොමඩි එකෙන් ම Fantasy එක ඉහල තැනකට ගෙනියනවා… මේ චිත්‍රපටයෙත් ඒ දේ ඇක්ෂන් පැත්තෙන් ගෙනියලා තියෙනවා.

Climax එක thriller පැත්තට බර කරලා තියෙනවා. ඒක හොඳයි අවුලක් නෑ විශාල් ඔහුගේ ස්වරූපය මාරු කරගෙන තමයි ගේමට එන්නේ.., ඒ විශුවල්ස් උපරිම හොදට ඇවිල්ලා තියෙනවා.

මාසාලා පැත්තට කැමති අය අනිවාර්යෙන්ම නරඹන්න ඕන චිත්‍රපටයක්.

තවත් නවතම උපසිරසකින් හමු වෙමු …… 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

14 comments

  1. Godak sthuthi sahooo mechchara ikmanatama sub dunnata…

  2. ela bro suppa film ekak sinhala sube ekata thanks (Munirathna Kurukshetra (2019)kannada film ekatath sube danna jayawewa…

  3. thanx aiye sub ekata ela

  4. බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  5. එරංග සඳරුවන්
    Cineru_users

    උප සිරැසියට බෝම ස්තූතියි.
    ජය වේවා..

  6. Asanka Weerasinghe
    Cineru Family Member

    තැන්ක්ස් පීටර් අයියා 🙏 ❤

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  8. Pattaaaaaaaaaaa

  9. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා……

  10. Kavi Jayasinghe
    Cineru_users

    Tnxx mcnn

  11. Thanks Brother 👍

  12. machan film eka downloade keranna link ekak dapanko

  13. බොහොම ස්තුතියි..සබ් එක සුපිරියටම කරල තිබුන..Bigil එකත් සුපිරි..ජය වේවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login