The title of the page
Palmer 2021 Sinhala Sub
Palmer 2021 Sinhala Sub
7.3
75
94

Palmer (2021) Sinhala Subtitles | ජීවිතය නැවත ගොඩනගා ගැනීම සඳහා.. | සිංහල උපසිරැසි සමඟ

(Palmer 2021 Sinhala Sub) කොහොමද යාළුවනේ.. ඉතින් ඔන්න ටික දවසකින් මම තවත් උපසිරැසියක් අරගෙන ආවා..හැබැයි මේක නම් මම කරන්න බලාපොරොත්තු වුණ උපසිරැසියක් නෙවෙයි.. ඒත් සයිට් එකේ සබ් පෝස්ට් කීපයකම කමෙන්ට් සෙක්ශන් එකේ මං දැක්කා අපේ Top Fan කෙනෙක් සබ් එකක් request කරලා තියෙනවා.. බලද්දී Palmer කියලා එකක්.. අපේ Top Fan කෙනෙක් ඉතින් අපෙන් ඉල්ලුවාම ඒවා අහක දාන්න බෑනේ 😁 පුළුවන් විදිහකට ඒවාට සාධාරණයක් කරන්න උත්සාහ කරනවා..😁 ඒ නිසා තමා මේ උපසිරැසිය කරන්න හිතුවේ..

හැබැයි මෙහෙම මහන්සි වෙලා උපසිරැසියක් කරලා ෆෑන්ලගේ වුවමනා ඉශ්ට කරාට හුගාක් අය සබ් එක අරන් යන්න යනවා.. තප්පර 10ක් වැය කරලා කමෙන්ට් එකක් දාන්නෙ නෑ.. ඔයාලගේ කමෙන්ට් එකයි download count එකයි තමයි අපේ එකම සතුට.. අපිට මේවා කරාට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැහැ.. හිතේ සතුටට කරන්නේ.. ඒ කරලත් එහෙම සලකපුවාම දුකයි.. 😥ලොකුම දුක තියෙන්නේ අපේ උපසිරැසි කිසිම අවසරයක් නැතුව උස්සලා තමන්ගේ වගෙ දාන සයිට් නිසා තමා.. මොකද සබ් එකට වැටෙන download ගානට වඩා අපේම සබ් එක දාපු හොර සයිට් වලට download තියෙනවා..😥😥ඒ විතරක් නෙවෙයි කමෙන්ට්ස් පවා අපිට වඩා තියෙනවා.. මොනා කරන්නද ඉතින් ලංකාවේ හැටිනේ.. හොරුන්ට තමා තැන තියෙන්නේ..

දැන් දුක කියලා ඉවරයි.. නැත්නම් මට බනියි දුක්ගැනවිල්ල ලියනවා කියලා 😏හොඳයි අපි ආයෙත් මාතෘකාවට එමුකෝ 😁

Palmer කියන්නේ 2021 ඇමරිකානු Drama කැරගරියට අදාළ චිත්‍රපටයක්..
2021 ජනවාරි 29 වන දින Apple Tv+ මඟින් ඩිජිටල් ලෙස නිකුත් කළා.. මෙය ෆිෂර් ස්ටීවන්ස් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර රචනා කරන ලද්දේ චෙරිල් ගුවේරියෝ විසිනි. මේ චිත්‍රපටයට සාමාන්‍යයෙන් විචාරකයින්ගෙන් ධනාත්මක විචාර ලැබුණා.. මොකද මේකේ කතා තේමාව සංවේදී මාතෘකාවක්..

අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරුනොත්,
වසර 12 ක සිර දඬුවමෙන් පස්සේ, හිටපු උසස් පාසල් පාපන්දු තරුවක් වෙන එඩී පල්මර් සිය ජීවිතය නැවත ගොඩනගා ගැනීම සඳහා ආපහු නිවසට එනවා, කරදරකාරී නිවසක ඉන්න නොසලකා හරින ලද පිරිමි ළමයෙකු වන සෑම් සමඟ අනපේක්ෂිත බැඳීමක් ඇති කරගන්නවා. ඉතුරු ටික ඔයාලම බලන්න කියලා ඉල්ලනවා.. එහෙනම් ආයෙත් අලුත් සබකින් හම්බෙමු.. ඔයාලට ජය..!!!

– සුපුන් සදීප –
#උපසිරැසිකරණයේ නවමු රැල්ල …

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

13 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපුනෝ පට්ට ඈ,

  3. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  4. Chandimal Kariyapperuma

    thanks for the subtitles. keep up the good work.

  5. Chathurika Dias

    thanx brother..i downloaded it

  6. Thanks bro…👌

  7. sithum sandipa
    Cineru_users

    Thanks mcn..♥️

  8. Ravindu Ekanayaka

    Thanks brother ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login