The title of the page
padayappa 1999 sinhala sub
8.1
89

Padayappa (1999) Sinhala Subtitles |වියරු ප්‍රේමය|සිංහල උපසිරැසි සමග|

ඉස්සෙල්ලාම දෙවෙනි පාරටත් සිනෙරු එකට සුබ උපන්දිනක් කියල සුබ පතනනවා. ඉතින් සිනෙරු එයාගේ පලවෙනි සංවත්සරය සමරණ නිසා, මට හිතුනා ටිකක් විශේෂත්වයක් තියෙන ෆිලුමකට උපසිරැසි ගේන්න ඕනේ කියල. ඒ තමයි 1999 දී අප්‍රියෙල් මාසේ 10 වන දින තිරයට පැමිණි ” පඩයප්පා ” . අපේ “සිනෙරු” 01 සංවත්සරය සමරණ අතර ” පඩයප්පා” එයාගේ 21 වන සවත්සරය සමරණවා . රජිනිට රගපාන්න බෑ කිව්වා , පඩයප්පා එකෙන් රජිනි පෙන්නුවා එයාගේ රංගනය . සිනෙරුට සබ් බෑ කිව්වා සමහර අය , සිනෙරු වසරක්තුල පෙන්නුවා එයාට කරන්න පුලුවන් දේ . මේ හැම දෙයක්ම වෙන්නේ කැපවීම . ඒ සිනෙරු කණ්ඩායමේ ඉන්න පොඩි කොල්ලන්ගේ කැපවීම හා උපසිරැසි ලබාගන්න එන ඔබලාගේ සහයෝගය.(padayappa 1999 sinhala sub)

පඩයප්පාගේ විස්තර.. 

මේ ෆිලුම වර්ග කරල තියෙන්නේ Action, Comedy, Drama කියල. IMDb අගය 8.1/10 ක් ලබාගෙන ඇති මේ ෆිලුම ගූගල් පරිසීලකයන්ගේ කැමත්ත 87% ලබා ඇත . පැය 3 ක් හා විනාඩි 3 ක කාලයක් තිරයේ දිග ඇරෙන මෙය K. S. Ravikumar විසින් අධ්‍යක්ෂණය කර කතාවද ලියා ඇත. සිනමාකරණය S. Murthy හා Prasad විසිනි. සංගීතය A. R. Rahman විසිනි. මෙය Kalki Krishnamurthy විසින් රචිත Ponniyin Selvan යන ඓතිහාසික දෙමල නවකතාවක කොටසක් ලෙසින් තිර රචනය කරන ලද්දක් විය.

padayappa 1999 sinhala subtitle

මෙහි රූගතකිරීම් 1998 ආරමභවූ අතර තිරයට පමිණියේ 1999 සිංහල දමිළ අවුරුදු සමයෙදීය . ලොවපුරා පලමුවරට පිටපත්
210 ක් හා ගීත කැසට් පට ලක්ෂ 7ක් නිකුත්කල පලමු චිත්‍රපටය මෙය විය . ආදායම් වාර්තා පිහිටුවා සම්මාණ පවා
ලබාගැනීමට සමත්විය . Tamil Nadu State film Awards – 1999 හී හොදම චිත්‍රපටය සදහා සම්මානය ලබා ගත්තේ
පඩයප්පා විසිනි. ඒ වගේම හොදම ගායකයා Srinivas විසින්ද හොදම වේශනිරූපනය සදහා Sundaramoorthy ද Tamil
Nadu State film Awards – 1999 හී සම්මාන දිනා ගන්නා ලදි .

padayappa 1999 sinhala subtitle

පඩයප්පා නලු නිළියන්

ප්‍රධාන රංගනයෙන් ” සුපර්ස්ටාර් ” රජිනිකාන්ත් දායක වන අතර මෙය රජිනිගේ හොදම රංගනයක් දැක්වු චිත්‍රපටයක් විය .
මෙහි රංගනය වෙනුවෙන් රජිනිකාන්ත්ට Tamil Nadu State film Awards – 1999 හොදම නලුවාගේ සම්මාණය ලබා
ගැනීමට හැකිවිය . ඔහුගේ රංගනය මෙහි අතිවිශිෂ්ට එකක් වීම කවුරුත් පිලිගන්නා දෙයකි . Ramya Krishnan පඩයප්පාහි
ජීව නාලිය ඇය විය. නීලාම්බරි යන නපුරු හිතුවක්කාරියගේ චරිතයට පනදුන් ඇය පඩයප්පා හී විලන් චරිතය වූවාය . මේ
වෙනුවෙන් ඇයට 46th Filmfare Awards South Tamil හොදම නිළියට හිමි සම්මානය හා Tamil Nadu State film
Awards – 1999 Best Actress (Special Prize) දිනා ගත්තාය .

padayappa 1999 sinhala subtitle

මේ චරිතය රසිකයන් හා සිනමා රසිකයන් අතරේ කොතරම් ප්‍රසිද්ද වුවාද යත් එම නමින්ම ඇය බාබා චිත්‍රපටයේද පෙනි සිටයාය . ” රංගන තිලකය ” Sivaji Ganesan දමිළ සිනමාවේ පතාකයා . පඩයප්පාගේ පියාලෙස කෙටි රංගනයක් වූවත් එය මුලු චිත්‍රපටයටම විශාල ගැමක් වූවාට සැකයක් නැත . Saundarya පඩයප්පාගේ පෙම්වතිය හා බිරිද ලෙස . මේ චරිතය සදහා තෝරාගෙන තිබුනේ Simran වූවත් පසුව එම ස්ථානය Saundarya ට හිමි විය. Senthil පඩයප්පාගේ මිතුරා ලෙස සිනමාවේ විකට චරිතයට පනදුන් මොවුන්ට සහය නලුනිලියන් වූයේ Lakshmi, Radha Ravi, Nassar, Manivannan හා Abbas දායක විය.

 

පඩයප්පා කතාව

කතා තේමාවනම් , කෙනෙකුගේ අහංකාරය හා කෝපය ඔහුව හොදින් ජීවත්කරවන්නේ නෑ . ඒකත් ගැහැනියකට
කොහෙත්ම සුදුසු නොවේ. අහංකාරයෙන් උද්ධච්චකමින් පිරිණු ගැහැනියක් තමන් පෙම්කල කෙනා ලබා ගැනීමට අවසන්
මොහෝත දක්වා කරන සටන හා ප්‍රතිපල මනාව විදහාපාන ලස්සන ආදර්ශමත් ෆිලුමක් මේක .

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ….

padayappa 1999 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


190
Total Subtitles

6 comments

  1. නියමයි… සිනෙරු මාරයි දැන්… ඉස්සර ගිය සයිට් වලට යන්න කලින් දැන් සිනෙරු බලලා තමයි දැන් ඒවට යන්නෙ.. මොකද මාර අප්ඩේට් එකක් මේක… සුපිරි… චුටි ප්‍රශ්නයක් තියේ… සමහර ෆිල්ම් වලට ලින්ක් හොයන්න අමාරුයි.. ඒකට පිලියමක් දෙනවද… ?

    • Asanka Weerasinghe
      Cineru Family Member

      අපේ සබ් දීපු එකක් නම් අනිවාරෙන්ම අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ලින්ක් දෙනව. නැති එකක් තියෙනව නම් ඉල්ලීමක් කරන්න ලබාදෙයි.

  2. Mekee video file eka gnna site eka mokkda

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. අයියෙ.. 13B ටැමිල් හොර් ෆිල්ම් එකට හොද කොපි එකක් බලලා සබ් එකක් කරල දෙන්න පුළුවන් ද… ලොකු දෙයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login