P77 (2025) Sinhala Subtitles
P77 (2025) Sinhala Subtitles
6.4

P77 (2025) Sinhala Subtitles | “පෙන්ට්හවුස් 77” | සිංහල උපසිරැසි සමඟ

(P77 (2025) Sinhala Subtitles) (P77 (2025) Sinhala Subtitle) (P77 (2025) Sinhala Sub)

ආසියාවෙ හැදෙන Horror Film කොහොමද කියලා ඒ Fans ලා හොඳට දන්නවා. 2025 පිලිපීනයේ P77 කියන්නෙත් අන්න ඒ වගේ කතාවක්…

මේ කතාව යන්නෙ Luna කියන තරුණිය ගැන. එයා නැව්වල වැඩ කරන කෙනෙක්. හැබැයි එයාට රස්සාව දාලා ගෙදර එන්න වෙනවා එයාගෙ පොඩි මල්ලි, Jonas අසනීප වෙන නිසා. ගෙදර ආවම එයා දකිනවා එයාගෙ අම්මා අතුරුදහන් වෙලා කියලා…

ඉතින් අම්මව හොයාගෙන යන ලූනා, මල්ලිත් එක්ක Penthouse 77 කියන සුඛෝපභෝගී, හැබැයි අමුතු පාළු තැනකට යනවා. මේ ගෙදර ඇතුලෙ මොකක්ද තියෙන්නෙ, ඇත්තටම අම්මට මොකද වුණෙ කියන එක හොයද්දි Luna ට මුහුණ දෙන්න වෙන භයානක සිදුවීම් ටිකක් තමයි Film එකේ තියෙන්නෙ. මේක නිකම්ම Horror එකක් නෙවෙයි, Psychological Horror කතාවක්…

මේ Film එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Derick Cabrido. මේ Film එකේ ප්‍රධාන චරිතය වෙන Luna ගේ චරිතය කරන්නෙ පිලිපීනයේ ඉන්න අතිශය ජනප්‍රිය ටීවී නිළියක් වන Barbie Forteza. එයා කොච්චර ජනප්‍රියද කියනවා නම් එයාව හඳුන්වන්නෙ Kapuso Primetime Princess කියලා. ඔයාලා පිලිපීන කතා බලනවා නම්, එයා හිටපු Maria Clara at Ibarra වගේ TV Series වල දැකලා ඇති. හැමදාම ලස්සන, අහිංසක චරිත කරපු එයා පළවෙනි වතාවට මේ වගේ Horror චිත්‍රපටයකට සම්බන්ධ වීම විශේෂත්වයක්. Luna ගෙ පොඩි මල්ලි විදිහට රඟපාන්නෙ Euwenn Mikaell. 2023 දි ආපු Firefly කියන චිත්‍රපටයේ ප්‍රධාන ළමා චරිතය කළේ මෙයා. ඒ Film එකේ එයා කරපු රඟපෑමට එයාට හොඳම ළමා නළුවා සම්මාන පවා ලැබුණා…

ඔයා Horror Genre එකේ Film වලින් Jumpscares වලට වඩා දෙයක්, එහෙමත් නැත්තම් Psychological Horror එක්ක යන Film වලට ආස නම් මේක නියමයි. පවුලක ප්‍රශ්න, මානසික පීඩනය වගේ දේවල් Horror එක්ක ලස්සනට ගළපලා තියෙනවා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

One comment

  1. අඩෝ … තෑන්ක්ස් මචං..
    ඕක ඩවුන්ලෝඩ්කරගෙන හිටියේ බලන්න..
    දැං ඉතිං දිංහල සබ් එක්කම බැලුවහැකි….
    තෑන්ක්ස් මචං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login