Oscar Shaw (2025) Sinhala Subtitles
Oscar Shaw (2025) Sinhala Subtitles
5.8

Oscar Shaw (2025) Sinhala Subtitles | “ විශ්‍රාමික පොලිස්කාරයාගේ අවසන් සටන ” | සිංහල උපසිරැසි සමඟ

(Oscar Shaw (2025) Sinhala Subtitles) (Oscar Shaw (2025) Sinhala Subtitle) (Oscar Shaw (2025) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ! ඔන්න ඉතින් මේ සැරේ අරගෙන ආවේ Action ෂොට් වලින් පිරුණු, අන්තිම තත්පරේ වෙනකන් කුතුහලයෙන් හිරකරගෙන ඉන්න පුළුවන් සුපිරිම Crime Thriller කතාවක් අරගෙනයි! 🔥🔫

ඉතින් මේ කතාව ගලාගෙන යන්නේ ‘ඔස්කා ෂෝ’ (Oscar Shaw) කියන චරිතය වටා. මෙයා කලින් පොලිසියේ හිටපු දක්ෂ නිලධාරියෙක් වුනාට, ඉහළ නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් නිසා රස්සාවෙන් එලියට විසි වුනු කෙනෙක්. දැන් පාඩුවේ ජීවත් වෙන ඔස්කාගේ ලෝකයම කණපිට පෙරලෙන්නේ එයාගේ හොඳම යාළුවා වුනු ‘රේ ජැක්සන්’ (Ray Jackson) ගේ හදිසි මරණයත් එක්ක. පොලිසිය කියන්නේ මේක සාමාන්‍ය ගෙවල් බිඳීමක් කියලා වුනාට, ඔස්කා දන්නවා මේක ඊට වඩා ලොකු දෙයක් කියලා. 🤔

යාළුවාගේ ගෙදර රහසිගතව හංගලා තිබිලා ඔස්කාට ඩොලර් ලක්ෂ දෙකක මුදලක් හම්බවෙනවා. ඒත් එක්කම, පාරට වැටුනු ‘අන්ද්‍රේ’ (Andre) කියන අහිංසක පොඩි ළමයෙක්වත් බලාගන්න ඔස්කාට සිද්ධ වෙනවා. මේ පොඩි එකාවයි, අර සල්ලි මිටියයි බේරගෙන ඔස්කා පටන් ගන්න සටනේදී එයාට තේරෙනවා තමන්ගේ යාළුවව මැරුවේ වෙන කවුරුත් නෙවෙයි, පොලිසියේම ඉන්න දූෂිත ලොක්කෝ සෙට් එකක් කියලා. 😱

ඉතින්, තමන්ගේ යාළුවා වෙනුවෙන් පලිගන්නයි, අර පොඩි දරුවට හොඳ අනාගතයක් හදලා දෙන්නයි මේ නාකි සිංහයා තනියම මුළු පොලිසියටම එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. කුඩු මාෆියාවයි, දූෂිත පොලිස් ලොක්කයි (Commander Archer) මැද තනි වුනු ඔස්කාට මේ ගේම දිනන්න පුළුවන් වෙයිද? අන්තිමේදී දිනන්නේ නීතියද? නැත්තම් බලයද? මේ ඔක්කොම දැනගන්න නම් ක්‍රියාදාම සහ හැඟීම්බර අවසානයක් තියෙන “Oscar Shaw” බලන්නම වෙනවා.

IMDb දර්ශකයේ හොඳ ප්‍රතිචාර දිනාගෙන තියෙන මේ ෆිල්ම් එක, පරණ Action ෆිල්ම් වල තියෙන ගැම්ම ආසාවෙන් බලන ඔයාලටම වෙන් වුනු එකක්. පාවාදීම් මැදින් ගොඩනැගෙන අපූරු මනුස්සකමක් මේ කතාව ඇතුලේ ලස්සනට පෙන්නලා තියෙනවා. ❤️👊

හරි එහෙනම්, මෙතන ඉඳන් ඔයාට බාරයි. මේකත් රසවිඳින්න කියලා මතක් කරන ගමන්, ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගීතක විරාජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගීතක විරාජිත්

November 5, 2025


30
Total Subtitles

One comment

  1. ස්තූතියි සහෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login