The title of the page
Oppenheimer Sinhala Subtitle
Oppenheimer Sinhala Subtitle
8.5
93
93

Oppenheimer (2023) Sinhala Subtitles | “පරමාණු බෝම්බයේ පියා” | සිංහල උපසිරැසි සමඟ

(Oppenheimer (2023) Sinhala Subtitles) (Oppenheimer (2023) Sinhala Subtitle) (Oppenheimer (2023) Sinhala Sub) (Oppenheimer Sinhala Subtitle) (Oppenheimer Sinhala Sub) (Oppenheimer 2023 Sinhala Subtitle)

කොහොමද කට්ටිය ඔන්න අද මං කට්ටිය බලාගෙන හිටිය ෆිල්ම් එකකට තමා සබ් එක අරන් ආවේ… ආපු සැනින්ම උපසිරසිය ගෙනාවා කල්තියා කැම් කොපියට සබ් එක කරගෙන ලෑස්තිවෙලා හිටපු නිසා.

Oppenheimer (2023) - Filmaffinity
හොලිවුඩයේ විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් වෙන ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ඕපන්හයිමර් චිත්‍රපටය කියන්නේ මේ දිනවල සමාජයේ විශේෂ කතාබහක් ඇතිවෙලා තියෙන, ඔයාලා හැමෝම රිලීස් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්..මේ වෙනකොට IMDB 8.5 අගයකුත් TOMATOMETER 93% අගයකුත් ලබාගෙන තියෙනවා.

ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් ඕපන්හයිමර්ගේ චරිතය ගැන පොඩි ව්ස්තරයක් දැනගත්තොත් හොඳයි කියලා මට හිතුනා. මේ ඒ ගැන,

Review: Go see 'Oppenheimer' | Las Cruces Bulletin
භෞතික විද්‍යාඥ ජේ. රොබර්ට් ඔපන්හයිමර් කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලේදී පරමාණු බෝම්බයක් නිර්මාණය කරන්න ඇමෙරිකාව විසින් දියත් කරපු මෑන්හැටන් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරයෙක්…1904.04.22 ඇමරිකාවේ නිව්යෝර්ක් වලදී යුදෙව් සංක්‍රමණික පවුලක තමයි රොබර්ට් ඕපන්හයිමර් උපත ලබන්නේ. ඉගෙනීමට දක්ෂ වුණ ඕපන්හයිමර් හාවර්ඩ් වලින් උපාධිය හදාරලා ඊටපස්සේ ජර්මනියේ ගොට්ටිං විශ්ව විද්යාලයෙන් PhD උපාධිය ලබාගත්තා. ඉන්පසු කැලිෆෝනියාවේ විශ්ව විද්යාලයේ භෞතික විද්‍යාව ගුරුවරයෙක් ලෙස කටයුතු කළා.

දෙවනි ලෝක සංග්‍රාමය ආරම්භයේදී ජර්මන් නාසී හමුදා පරමාණු බෝම්බ නිෂ්පාදනයට මූලික තැනක් දීලා වැඩ කටයුතු කළා. මේකට ප්‍රතිචාරයක් විදිහට ඇමරිකාව මැන්හැටන් ව්‍යාපෘතිය ආරම්භ කළා. මේ අනුව 1942 ජූනි මාසයේදී  ඕපන්හයිමර් මෑන්හැටන් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට නම් කරමින් පරමාණු බෝම්බයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් කණ්ඩායමක් පත් කළා.

The Light of Trinity, the World's First Nuclear Bomb | The New Yorker

Manhattan Project Bomb Name
අවුරුදු තුනක පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදිහට පළමු පරමාණුක උපකරණය 1945 ජූලි 16 වන දා ලොස් ඇලමොස් වල රසායනාගාරයේදී ඔවුන් නිෂ්පාදනය කළා. ඒ පරමාණුක සංකල්පය ඔප්පු කරමින් විශාල පරිමාණයේ බෝම්බයක් ඔවුන් නිර්මාණය කළා වගේම මාසයකට විතර පස්සේ, ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධ අවසානයේදී ජපානයේ හිරෝෂිමා හා නාගසාකි වලට ඒ නිර්මාණය කරපු පරමාණු බෝම්බ හෙලීමට ලක් කරනවා. එහි බලපෑම ජපානයට තදින්ම දැනුන අතර ජපන් වැසියන් 200,000කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක්වුණා.

බෝම්බ පිපිරවීම් වලින් සිද්ධවුණ මහා විනාශයන් දැක දැකත්, ඇමෙරිකාව හා ජර්මනිය අතර තිබුණ තරඟකාරීත්වය නිසාම ඒ ව්‍යාපෘතියේ වැඩ කරන අනෙක් විද්‍යාඥයින් හුඟ දෙනෙක් මේ බෝම්බවලින් ඇතිවන මිනිස් ඝාතණය ගැන නොසලකා හැරියත් ඕපන්හයිමර් ට බලන් ඉන්න බැරිවුණා. ඒ නිසා තවදුරටත් බෝම්බය වැඩිදියුණු කිරීමට ඔපන්හයිමර් දැඩිව විරුද්ධ වුණා.මේ නිසා ඇමරිකාවේ පරමාණුක බලශක්ති කොමිසම විසින් ඔහුගේ කොමියුනිස්ට් පක්ෂයට ඇති සම්බන්ධකම් ප්‍රශ්ණ කරමින් 1954දී ඔපන්හයිමර්ගේ ආරක්ෂක අවසරය අවලංගු කළා.

1963 දී පරමාණුක බලශක්ති කොමිසම විසින් පිරිනමන එන්ට්‍රිකෝ ෆර්මී සම්මානයෙන් පිදුම් ලැබූ ඕපන්හයිමර් 1967දී පිළිකාවක් හේතුවෙන් මරණයට පත්වෙනවා.

The Stars in 'Oppenheimer' and Their Real-Life Characters

(චිත්‍රපටය තුළ Oppenheimer චරිතයට පණ පෙවූ Cillian Murphy සහ සැබෑ චරිතය)

ඕක තමයි ඉතින් ඕපන්හයිමර්ගේ කතාව. මේ විශිෂ්ට චරිතය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වුණේ.ලස්සන දර්ශන, මිහිරි සංගීතය චිත්‍රපටිය බලන ඔයාව අමුතුම ලෝකයකට අරගෙන යනවා. ෆිල්ම් එක සමහර අයට බෝරින් කියලා හිතෙන්න පුළුවන් මොකද ෆිල්ම් එකේ මුල් භාගය කතාවෙන්ම තමයි ගලාගෙන යන්නේ. ඒත් එහෙමයි කියලා අතාරිනවා නම් ඒක ලොකු මෝඩකමක්.

මීට වැඩිය දේවල් කියන්න මගේ අදහසක් නෑ. ඉතින් චිත්‍රපටිය බලලා රසවිඳින්න කියලා ඔයාලට කියනවා..ඒ වගේම මේ චිත්‍රපටියට උපසිරසි කරන එක හරිම අමාරු වැඩක්.. කතා කරන භාෂා විලාසය හා ගැඹුරු කරුණු නිසා උපසිරසියේ යම් යම් අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒත් උපරිම සාධාරණයක් මං කළා කියලා මං හිතනවා.

මතක ඇතුව සබ් එකයි ෆිල්ම් එකයි පහළින් ඩවුන්ලෝඩ් කරන්න යනකොට කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියලා මතක් කරනවා.

අලුත් උපසිරැසියකින් හමුවෙමු. ඔයාලට ජය !!

~උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

41 comments

  1. thanks bosa❤️❤️❤️

  2. Thanks bosa 🔥

  3. Thanks brother …🙏jaya wewa…

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් සොයුර ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Ado… maara speed ne kollo…….
    me karana kapakreemata
    Godakma pin…………..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  5. Thank you Very Much for the sub..
    if can sub for this.. It will be grate things ..
    ***
    The Lost Pirate Kingdom
    Troy Fall of City
    Rise of Empires Ottoman Mehmed Vs Vlad
    Secrets of the Saqqara Tomb

  6. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks bro 💙💙💙

  7. මෙක ඇවිත් කියල පාන්දර දැක්කෙ… subtitles එකත් දිල.. 😍
    Thank you brother

  8. sub ekt thank bro

  9. Ravidu Yasas
    Cineru_users

    Thanks Brother

  10. Thankyou sahodaraya❤️❤️‍🔥

  11. thanks brudh

  12. Prageeth Chamalka

    ගොඩක් සංකීර්න කරුනු තියෙන ෆිල්ම් එකක් මේක..ඒ අභියෝගය භාරගෙන අපිට ගුනාත්මක උපසිරැසියක් ලබාදීම පිලිබදව බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා..❤️❤️

  13. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  14. Thank you so much for the sub…………

  15. Thanks bro ❤️❤️👍👍❤️❤️❤️

  16. Anjana Dharmasena

    Thank you brother

  17. 18+ nmeda.hena seen ekak tbunane😁

  18. Janitha
    Cineru_users

    supiri kollo

  19. Thank you for subtitle

  20. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  21. Godak sthuthi..Jaya wewa!

  22. මහන්සි වෙලා සබ් එක කරල තියෙනව. ඒ වගේම Br එක රිලීස් වුන ගමන්ම සබ් එක දුන්න එක නියමයි. ගොඩක් ස්තූතියි ඔයාල හැමෝගෙම මහන්සියට. විශේෂයෙන් සබ් එක කරපු සහෝට. ❤️❤️❤️

  23. Thank you machan sub ekata

  24. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  25. Thanks Brother…❤

  26. ෆිල්ම් එකත් විශිෂ්ඨයි වගේම subtitle එකත් විශිෂ්ඨයි…
    😍😍😍😍thank you

    මගෙ ඉල්ලිමක් තියෙනව ඔයාලෙ ටීම් එකෙ කාටහරි කියන්න පුළුවන් ද.. ip man old movie 1,2,3 bluRay sinhala sub walata update karanna puluwanda kiyala

  27. ගොඩක් ස්තූතියි, ඉක්මනින්ම සිංහල උපසිරැසි ලබා දුන්නාට.❤️

  28. thanks for subtitle

  29. thanks bro sub ekata

  30. thiyena link eken download karaddi patta slow mewa download karaganna pahasu kramayak thiyenawada???

    • samitha
      Cineru Family Member

      ගුගල් ලින්ක් තමයි දැනට තියෙන හොදම ලින්ක්

  31. Godaaakkk thanks oyata 🤩🤩🤩🥰🥰🥰

  32. Thanks for the sub!!!!

  33. Sumindu Maduranga

    ගොඩක් ස්තුතියි සුපුන් සහෝදරයා තමන්ගේ වටිනා කාලය කැප කරලා ඉක්මනට subtitle ලබා දුන්නාට. 🥰😘

  34. ජයෙන් ජයම වේවා මගෙ කොල්ලො
    ගමන සුබයි මහන්සියෙන් කරන දේවල් කවදාහරි හරියනව මච්න් ගුඩ් ලක් 👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login