The title of the page
Peddakapu 1 (2023) Sinhala Subtitles
Peddakapu 1 (2023) Sinhala Subtitles
6.1
83

Peddakapu 1 (2023) Sinhala Subtitles | බල තණ්හාව | සිංහල උපසිරැසි සමඟ

(Peddakapu 1 (2023) Sinhala Subtitles)  (Peddakapu 1 (2023) Sinhala Sub)

සුභ දවසක් ඔයාලා හැමෝටම..

අද ඔන්න කාලෙකට පස්සේ තෙලිගුවකට බැස්සා.. කාලෙකින් කරපු නිසාදෝ මන්ද පොඩ්ඩක් පරක්කුත් උනා වැඩෙත් අමාරු වුණා.. සුපුරුදු විදිහට වැඩේ බාරදුන්න අපේ සමිත අයියාවත් මතක් කරගෙනම ❤️ විජහට යං ෆිලුම දිහාට…

මේ අවුරුද්දේ සැප්තැම්බර් 29 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Drama/Action කියන Category එකට..ප්‍රධාන නළුවා වෙන්නෙ Virat Karrna..මෙයා නම් ටිකක් නුහුරු ඇති..මොකද මේක තමයි කොල්ලගෙ පලවෙනි ෆිලුම.. වැඩේට සාධාරණයක් කොල්ල කරාද නැද්ද කියල ඔයාලම බලන්නකෝ… ඒත් අනික් Cast එක නම් හැමෝම වගේ දන්න කියන තෙලිගු නළු නිලියන් පිරිසක්..අනික මේකෙ පාර්ට් 2 එකකුත් එයි.. මොකද මේකෙ නම් කරල තියෙන්නෙ පාර්ට් 1 කියල..

Cast
Virat Karrna as Peddha Kapu
Pragathi Srivatsava
Rao Ramesh as Satya Rangaiah
Tanikella Bharani
Nagendra Babu as TDP-in-charge
Vikas Muppala as Leela
Brigida Saga as Lakshmi

මේ ෆිලුම සම්පුර්ණයෙන්ම දුවන්නේ එක්තරා ගමක් ඇතුලෙ.. අද ටීවී එකක්‌ බැලුවත් පත්තරයක් බැලුවත් වැඩිහිටියෝ දෙන්නෙක්ගෙ කතාවක් අහගෙන හිටියත් මේ මාතෘකාව තමයි නිතරම ඇහෙන්නේ..
ඒ ගොඩක් අය කතා කරන්න අකමැති ඒත් අපි කතා කරන්න ඕන මාතෘකාවක්‌ වෙන “දේශපාලනය”..

එක්තරා ගමක නම්බුකාර කොටින්ම කියනවා නම් මැරයෝ දෙන්නෙක් දෙපැත්තට බෙදිලා බලය ලබාගන්න දගලන දැගලිල්ල තමයි ගොඩක්ම පෙන්නන්නේ…ඒවගෙන් තැලෙන්නේ පොඩි වෙන්නෙ මේ ගමේ මිනිස්සු..
ඔන්න ඔය අතරේ සිදුවෙන මිනීමැරුමක් නිසා ඒ අතරට “පෙද්දකපු” කියන කොන්ද කෙලින් තරුණයා මැදිහත් වෙලා මිනිස්සු වෙනුවෙන් හඩක් නගන එක තමයි කෙටියෙන්ම මේ ෆිලුමේ වෙන්නේ..

දේශපාලනය කියලා කිව්වට ෆිලුමේ රහක් නැත්තෙමත නැති වෙයි කියල හිතන්නත් එපා ඉතින්… මේ ටයිප් ෆිල්ම් බලන්න ආස ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනව මේ ෆිලුමත් බලන්න කියලා..

අදට ගිහින් එන්නම්. ❤️ බුදුසරණයි! ජේසු පිහිටයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

3 comments

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login