The title of the page
Only Murders in the Building (2021) Complete S01 Sinhala Subtitles
Only Murders in the Building (2021) Complete S01 Sinhala Subtitles
8.1
100
85

Only Murders in the Building (2021) Complete S01 Sinhala Subtitles | “බිල්ඩිමේ ඝාතන පමණයි!” | සිංහල උපසිරැසි සමඟ

☃️ මුලින්ම ලෝක වාසී සියලු දෙනා හටම සුබම සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනවා!🎄

🎁සිනෙරු වෙබ් අඩවියේ උපසිරැසි කරුවන් එකතු වෙලා ඔයාලට තිලිණ කරන නත්තල් තෑගි අතරින් හොදම තෑග්ගක් තමයි මේ අරන් ආවේ..🎉

Plot twist නිසාත් Crime ශානරය Comedy එක්ක මිශ්‍ර වුණ නිසා අතිශයින් ජනප්‍රිය වුණු සුපිරි ඉංග්‍රීසි කතා මාලාවක් තමයි “Only Murders Left In The Building” කියන්නේ.  ඇමරිකන් ඉංග්‍රීසි භාෂාව හා මහා ගොඩාක් slang භාවිතා වෙලා තියෙන නිසා පරිවර්තනය කරන එක එච්චර ලේසි වැඩක් වුණේ නෑ. ඉංග්‍රීසි පුළුවන් එකෙක්ට වුණත් මේ සමහර slang තේරුම් ගන්න නම් වෙනම කෝස් එකක් කරන්ඩ වෙනවා.  ඒ හින්දම වෙන්නැති මේ වෙනකම් කිසිම වෙබ් අඩවියක් මේකට අත ගහලා තිබ්බේ නෑ.  ඒ වුණාට උපරිම සදරණයක්‌ ඒ භාෂාවට ඉෂ්ට කරලා, අර්ථය ආරක්ෂා වෙන විදියට සති 2-3ක කැපවීමක් කරලා මේ කතා මාලාව මං ඔයාලා වෙනුවෙන් අරන් ආවා. කොටස් 2,3කට උමේෂා අක්කත් උදව් කළා ඉක්මනට ඉවර කරගන්න.


OVERVIEW

  • IMDb- 8.1/10
  • Rotten Tomatoes – 100%
  • Genre – Comedy | Mystery | Crime
  • Google Users – 85%
  • Released Date – 31-Aug-2021
  • Age Restrictions – PG 13
  • Network – HULU
  • No. Of Episodes – 10
  • Directed by – Steve Martin & John Hoffman.

අපේ ළමා කාලේ ඉදන් මේ වෙනකම් ගෑණු පිරිමි හැමෝගෙම පාහේ, මේ මගෙත් සෙලිබ්‍රිටි ක්‍රෂ් එකක්‌, Idol කෙනෙක්, inspiration එකක් වුණු සුරූපී ගායිකා, ගීත රචිකා, රංගන ශිල්පී හා නිෂ්පාදිකා Selena Gomez මේ කතා මාලාවේ ප්‍රධාන චරිතයකට පණ පොවන එක තවත් විශේෂ කරුණක්.

මීට කලින්ම අපිට  ඇයව’13 Reasons Why’ කතා මාලාවෙන් හමුවෙන්න තිබුණා.මොකද මුලින්ම Hannah ගේ චරිතයට තෝරාගෙන හිටියේ සම නිෂ්පාදන දායකත්වයත් දීපු Selena Gomez වමයි. එහෙත් පස්සේ ඒ චරිතය Katherine ට ලැබුනා.  හැබැයි ‘Only Murders In The Building’ කතා මාලාවේ සම නිෂ්පාදනය විතරක් නැතුව ප්‍රධාන රංගන ශිල්පී තනතුරකුත් Selena ට හිමි වුණා.

මීට අමතරව Steve Martin,  සහ Martin Short කියන විශිෂ්ට රංගන ශිල්පී දෙපලත් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. කොටින්ම මේකේ  ප්‍රධාන චරිත 2ක්‌ නෙමෙයි 3ක්‌ තමයි ඉන්නේ.

CAST


Charles ලෙස Steve Martin

Mabel ලෙස Selena Gomez

Oliver ලෙස Martin Short

තවද;

Tim ලෙස Julian Cihi

Oscar ලෙස Aaron Doinguez

Jan ලෙස Amy Ryan

Teddy ලෙස Nathan Lane

Will ලෙස Ryan Broussard

Cinda ලෙස Tinay Fey

STORYLINE

කතාවේ සාරාංශය වෙන්නේ,  Arconia (අර්කෝනියා) කියන නිව් යෝර්ක් නුවර නිවාස සංකීර්ණ බිල්ඩිමක ජීවත් වන චාල්ස් නම් පැරණි රුපවාහිනී කතා මාලාවක නළුවෙක්, ඔලිවර් නම් පැරණි වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක වරයෙක් සහ මේබල් කියන තරුණ ගෘහ නිර්මාණ ශිල්පිනිය අහඹු ලෙස රෙස්ටුරන්ට් එකකදී එකිනෙකා හදුනා ගන්නවා, බිල්ඩිමේ මරණයක් සිද්ද වෙන රෑක. ඔවුන් ගොඩක්ම සමීප වන්නේ තුන් දෙනාම එකම පොඩ්කාස්ට් එකක නැත්නම් ශ්‍රව්‍ය කතා මාලාවක රසිකයෝ වෙන නිසා.

මිය ගොස් ඉන්නා ටිම් නම් තරුණයා හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තියෙන බවට තමයි පොලීසියත් අවධාරණය කරන්නේ.  ඒත් සත්‍ය අපරාද /true crime පොඩ්කාස්ට් රසිකයෝ වුණු අලුත් මිතුරු තුන් කට්ටුවට නම් මේක දිවිනසාගැනීමක්ද කියලා සැකයක් මතු වෙනවා.. ඉතිං ඔවුන් මේ ගැන පොලිසියටත් හොරාට, බිල්ඩින් එකේ අනිත් අසල්වැසියන්ටත් නොදැනෙන්න විමර්ශනය කරන්න පටන් ගන්නවා.. ඒ එක්කම ඔවුන් ඒ ඇසුරෙන් ඔවුන්ගේම පොඩ්කාස්ට් එකක් පටන් ගන්න තීරණය කරනවා..

 

¤¤¤¤▪︎▪︎▪︎¤¤¤▪︎▪︎▪︎¤¤¤

📌කලින් කිව්වා වගේම මේකේ plot twist තිබ්බට, මිනීමැරුම් ගැන ගෑවුණාට හිතන්න එපා මේක thriller /crime ශානාරයේ එකක් කියලා. Crime නම් තමා ඒත් මේක හෙනම කොමඩියක්. මේකේ ජෝක් වලට හිනා යන්නේ හිත ඇතුලෙන් ගොඩක්ම.පුදුම ආතල් එකකින් බලන්න පුළුවන්..

කොටින්ම කිව්වොත් මේකේ චරිත දෙක තමා නාකි ඩයල් දෙක.. ගැලපෙන් නැති ප්‍රධාන චරිත තුනක් වගේ මුලින්ම පෙනුනට මගක් යද්දී තමා තේරෙන්නේ සීයල දෙන්නා තමා selena අක්කටත් වඩා හොදටම කලේ කියලා. පෞද්ගලිකවම මගේ කැමැතිම චරිතේ තමා ඔලිවර්..

❗️❗️❗️ආයෙම මේක PG13 එහෙම නැත්නම් 13ට වැඩි නමුත් දෙමාපිය මග පෙන්වීම යටතේ නැරඹිය යුතු එකක් විදියට rate කරලා තියෙන නිසා පොඩි අය එක්ක බලනවානම් පොඩ්ඩක් පරිස්සමින්.  Sex, භාෂා විලාසය,  violence වගේ දේවල් නිසයි එහෙම සීමාවක් දාලා තියෙන්නේ.  නිරුවත් දර්ශන නම් නෑ, පොඩ්ඩක් ඇග නිරාවරණය වුණු නාන දර්ශනයක්‌ තමා තියෙන්නේ. මීට අමතරව සෙක්ස් ටෝයිස්, ලිංගිකත්වය ගැන පොඩ්ඩක් කතා වෙන අවස්ථා ටිකක්‌ එක්කම කුණුහරප භාවිතය තමයි තියෙන්නේ.  (මෙව්වත් මතක් කරන්න එපැයි ඉතිං)❗️❗️❗️❗️

එහෙනම් ඔන්න අනිවාරෙන් බලන්න.. පස්සේ පසුතැවෙන්න වෙයි නැත්නම් මේක මෙච්චර දුක විදගෙන දීලත් මිස් කරගත්තොත් එහෙම.

ආයෙම සුබ නත්තලක් හා සුබ අලුත් අවුරුද්දක්‌ ප්‍රාර්ථනා කරනවා!

ලිපි සැකසුම: විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

20 comments

  1. එනකන් හිටපු එකක්.thank youu දෙන්නටම ❤

  2. Thanks a lot❤️

  3. උපසිරැසියට බොහෝම ස්තූතියි 🔥

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. thank you very much sub ekata 🙂 . dickinsons , the great , bridgerton , locky and key ,ginny and georgia wage series walatath sub denna uthsaha karanawa nm loku deyak 🙂 .

  6. thanks……..

  7. දෙවනි සීසන් එකටත් සබ් ඕන

  8. thanks sub walata

  9. දෙවනි සීසන් එකටත් සබ් දෙනවද

  10. Season 2ekata sub denawada

  11. season 2 sub plz

  12. Season 2 sub ona

  13. Season 2ta sub den nada

  14. sesone 2k ta sub denko

  15. ane sesone 2kta sub denko plz

  16. Bimsara Chathuranga

    Thank you very much for subtitle, your attempt is greatfull and this work is superb

  17. Season 2 ට සබ් දෙන්නකො

  18. Season 2 sub nadda?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login