The title of the page
Mother/Android (2021) Sinhala Subtitles
Mother/Android (2021) Sinhala Subtitles
4.5
28
45

Mother/Android (2021) Sinhala Subtitles | ඇන්ඩ්‍රෝයිඩ් අම්මා | සිංහල උපසිරැසි සමඟ

(Mother/Android 2021 Sinhala Subtitle) (Mother/Android Sinhala Sub)

Mother/Android 2021

IMBD 4.5/10
Google Users Like : 45%
Thriller/Fantasy
Language : English
Run Time : 1h 50m
Country : United States
Release date : December 17, 2021

Mother/Android කියන්නේ ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මැට්සන් ටොම්ලින් විසින් අධ්‍යක්ෂණය හා රචනය කරලා තියෙනවා වගේම. මෙහි ප්‍රධාන චරිත සදහා Chloe Grace Moretz , Algee Smith පන පොවනවා. Chloe Grace නිර්භීත රංගනයක යෙදෙයි, ඇය තමන්ට ලැබුණු චරිතයට උපරිම සාධාරණයක් කරා කිව්වොත් මං වැරදි නෑ.

කතාව පැත්තට පොඩ්ඩක් බලමු…

නුදුරු අනාගතයේ දී හැම නිවසකම රොබෝ බට්ලර් කෙනෙක් (රොබෝ සේවකයෙක්) ඉදියි. උසස් අධ්‍යාපන ශිෂ්‍යාවක් වන ජෝර්ජියා (Chloe Grace Moretz) එයාගේ පෙම්වතා වූන සෑම් (Algee Smith) අතින් ගැබ්ගෙන කියලා දැන ගන්නවා. ජෝර්ජියාගේ දෙමාපියන්ගේ ගෙදර ඉදලා සාදයකට පිටත් වෙනවා. සාදය අතරතුරදි, ඇන්ඩ්‍රොයිඩ් බට්ලර්ලා ප්‍රචණ්ඩ වෙනවා.

මාස නවයක ගැබිනි ජෝර්ජියාව ආරක්ශා කරන්න සෑම් No Mans Land හරහා දිවි ගලවාගෙන ඇන්ඩ්‍රොයිඩ් බට්ලර්ලා මග හරිමින් බොස්ටන් වලට ගමන් ආරම්භ කරනවා. එයාලාට ආරංචි වෙනවා බොස්ටන් වලින් මිනිස්සුන්ව ආසියාතික රටවලට බෝට්ටු මගින් යවනවා කියලා…..

  • ඉතින් කතාවේ මොකක් වෙයිද?
  • ජොර්ජියාට බබාට උප්පත්තිය දෙන්න පුළුවන් වෙයිද?
  • සෑම්ට ජොර්ජියාවයි ජොර්ජියාගේ කුසේ ඉන්න දරුවයි ආරක්ශා කරන්න පුළුවන් වෙයිද?
  • මග තොටදී මොන වගේ මිනිස්සුන්ව හම්බවෙයිද?

මේ හැම දේටම උත්තර දැන ගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

ත්‍රසය භීතිය ආදරය කැටිවූ මේ චිත්‍රපටය නරඹන්නේ නැති දෑස් කුමටද කියලා මට හිතෙනවා, IMBD අගය ගැන බලලා චිත්‍රපටි තේරුවොත් ඔයාලාට මේ චිත්‍රපටය හලන්න සිද්ද වෙයි. ඒත් මං Recommend කරනවා මේක අනිවාරෙන් බලන්න.

අද නත්තල් උත්සවය සමරන අපේ සියලුම ලෝවාසි කිතුනු ජනයාට සුභම සූභ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.!! මේ වගේම තවත් උපසිරැසියකින් හමුවෙමු..

තෙරුවන් සරණයි, ඔබට ජය !!

මම ෂෙහාන් සචින්ත..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    Last Train to Christmas (2021)
    The Novice (2021)

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login