The title of the page
On the Line Sinhala Subtitle
On the Line Sinhala Subtitle
6.2
70

Voice AKA On the Line (2021) Sinhala Subtitles | “ව්‍යාජ ඇමතුම” | සිංහල උපසිරැසි සමඟ

(Voice AKA On the Line (2021) Sinhala Subtitles) (On the Line (2021) Sinhala Subtitle) (On the Line Sinhala Subtitle) (Voice Sinhala Subtitle)

Voice Phishing එහෙමත් නැත්තං ව්‍යාජ ඇමතුම් හරහා දත්ත සොරාගැනීම් කියන්නෙ අද කාලේ වෙනකොට තාක්ෂණයත් එක්ක මුහුවෙලා කෙරෙන දැවැන්තම අපාරධයක්. ඉස්සර කාලේ වගේ බෙල්ලට පිහියක් දික් කරලා තියෙන්න සල්ලි ඔක්කොම දීපන් කියනවට වඩා මේ ක්‍රමයෙන් ඉඳගෙනම තව කෙනෙක්ගේ අන්තිම සතයකට වෙනකම් සල්ලි හොරකම් කරන්න පෞද්ගලික දත්ත සොරාගන්න පුළුවන්.අහන්බෙන් ෆෝන් ආව එක ඇඩ් එකකින් පුළුවන් ඔයාගේ හැමදේම නැතිවෙන්න.කාලයාගේ ඇවෑමෙන් සොරකම් කිරීමත්, වෙනත් අපරාධ කිරීමත් තාක්ෂණය එක්ක මුහුවුණා.අද කාලේ වෙනකොට තාක්ෂණයත් එක්ක අපේ එදිනෙදා කටයුතුවලට තියෙන දැවැන්තම තර්ජනයක් තමා මේ ව්‍යාජ ඇමතුම් හරහා පුද්ගලික දත්ත සොරාගැනීම.මේකෙදි මේ අපරාධකාරයෝ අපිව මුලාකරලා අපේ සියලුම දත්ත සොරාගන්නවා.ගොඩක්ම මූල්‍ය වංචා තමයි මේ කාරණයෙදි වෙන්නෙ. මේ වෙනකොට ආර්ථිකය එක්ක සෘජුවම සම්බන්ධ වෙන සියලුම අංශ මේ Voice phishing ප්‍රහාරයට ලක්වෙලා තියෙනවා.

මං ඔය උඩින් කීවේ අද මම උපසිරැසිය අරගෙන ආව චිත්‍රපටියට පාදක වෙන තේමාව.අද මම අරගෙන ආවේ Voice එහෙමත් නැත්තම් On the Line  කියන කොරියානු චිත්‍රපටිය. Action-Crime ඝණය යටතේ  තිරගතවුන මෙය පැය 1 මිනිත්තු 50 ක ධාවන කාලයකින් යුක්ත වෙනවා. Kim Gok ,Kim Sun යන දෙදෙනා අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටියට Byung Yo han, Kim Mu yeol, Kim Hee won ,Park Myung hoon ඇතුළු රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් දායක වෙනවා.IMDb 6.2 ක්ද 70% ක ගූගල් පරිශීලක කැමැත්තක්ද මෙයට ලැබිලා තියෙනවා.

හරි කතාව පැත්තට යමු…

හන් සෝ ජුන් තමා අපේ කතානායකයා.මිනිහා කලින් පොලීසියේ ඉඳලා සේවයෙන් අයින්වෙලා බුසාන්වල ඉදිකිරීම් වැඩබිමක සයිට් මැනේජර් හැටියට වැඩකරගෙන යනවා.කං මි යොන්ග් තමා එයාගේ බිරිඳ.තමන්ගේ ආර්ථික අර්බුදවලට විසඳුමක් හොයන්න එයත් පොඩි අවන්හලක් දාගෙන ඉන්නවා.මෙහෙම යද්දී දවසක් එකපාරටම වැඩබිමේ කෙනෙක්ට අනතුරක් වෙන්න ගිහින් හන් සෝ ජු එයාව බේරගන්නවා.ඒ වෙලාවේදිම වැඩබිම් ප්‍රදේශයේ දුරකථන සංඥාත් නැතුව යනවා.ඒ වෙලාවේදීම නාඳුනන ඇමතුම්වලින් එයාගේ බිරිඳට කියන්නේ මහත්තයා වැඩබිමේ කෙනෙක් මැරිලා ඒ සම්බන්ධයෙන් වගකියන්න ඕන නිසා පොලීසියේ අතඩංගුවට පත්වෙලා කියලා.ඊට පස්සේ  හන් සෝ ජුන්ගේ යාළුවෙක් කියාගන්න නීතීඥයෙක් කන්ග් මි ට කියනවා ගැටළුව ගොඩින් බේරගන්න ඕන නිසා වන්දි මුදලක් දෙන්න ඕන, ඒකට එයාගේ ගිණුමකට සල්ලි බැර කරන්න කියලා.මහත්තයාගේ ප්‍රශ්නය නිසා කලබලයට පත්වෙලා ඉන්න කන්ග් මි ඉක්මනටම අදාල ගිණුමට සල්ලි අන්තර්ජාලය ඔස්සේ යවනවා.පස්සේ සිග්නල් එකපාර ආපු වෙලාවේ හන් සෝ ජුන් දකිනවා තමන්ගේ නෝනා ගොඩක් සැරයක් කෝල් අරගෙන තියෙනවා.ඇමතුමකින් හන් සෝ ජුන් විස්තරේ කියනකොට කන්ග් මි ට තේරෙනවා තමන් ව්‍යාජ ඇමතුමකට රැවටිලා කියලා. ඒ වෙලාවෙදිම බැංකුවට ගියත් ඒ වෙනකොටම තමන්ගේ තිබුන හැම සතයක්ම මේ හොරු අරගෙන ඉවරයි කියලා කන්ග් මි දැනගන්නවා. කරගන්න දෙයක් හිතාගන්න බැරුව හිටිය කන්ග් මිට ආපහු නාඳුනන දුරකතන ඇමතුමකින් ඇයට විහිළු කරනවා මුදල් වංචාව නිසා හා ඒ වෙලාවෙදිම ඇය රිය අනතුරකට ලක්වෙලා රෝහල්ගතකරනවා.පස්සේ මේ හැම විස්තරයක්ම දැනග්ත්තු හන් සෝ ජුන්  තේරුම්ගන්නවා තමන්ට විතරක් නෙවෙයි එදා වැඩ බිමේ හිටිය හැමදෙනාගේම සල්ලි හොරකම් කරලා කියලා.ඒ ගැන වැඩිදුර හොයාබලද්දි තේරෙනවා මේ වංචාව ලොකු සංවිධාන ශක්තියක් තියෙන පිරිසක් මෙහෙයවන එකක් කියලා.පොලීසියෙනුත් ලොකු උදව්වක් නොලැබෙන හින්දා එයා තීරණය කරනවා මේ වංචාවට සම්බන්ධ පිරිස හොයාගෙන යන්න.ඉතිං අපේ හන් සෝ ජුන්ට මේ සංවිධනය අල්ලගන්න පුළුවන් වේවිද?….

ඒක දැනගන්න ඔයාලා මේ චිත්‍රපටිය නරඹල ඉන්න.කම්මැලිකමක් නැතිව නරඹන්න පුළුවන් සමාජයට හොඳ පණිවිඩයක් දෙන චිත්‍රපටියක් කියලා මම සැකයකින් තොරව ඔයාලට කියනවා.

        “කිසිම සැක සහිත ඇමතුමක් ගන්න එපා.

එයාලා සල්ලි ගැන කියනවානම් ඒ වහාම විසන්ධි කරන්න.”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

5 comments

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ලක්මිණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. Thanks for the subtitle

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login