The title of the page
Oh My Darling Sinhala Subtitle
Oh My Darling Sinhala Subtitle
6

Oh My Darling (2023) Sinhala Subtitles | “අනේ මගේ ආදරියේ” | සිංහල උපසිරැසි සමඟ

(Oh My Darling (2023) Sinhala Subtitles) (Oh My Darling (2023) Sinhala Subtitle) (Oh My Darling Sinhala Subtitle) (Oh My Darling Sinhala Sub)

ඔන්න ටික දවසකට පස්සේ මම ඔයාලට අරන් ආවේ අලුත් මලයාලම් ෆිල්ම් එකක් වෙන Oh My Darling (2023) ෆිල්ම් එක.මේ ෆිල්ම් එක Teen Drama/Romance/Comedy ගණයට වැටෙන ෆිල්ම් එකක්.

කොහොම නමුත් මලයාලම් සිනමාව කියන්නේ නව යෞවනයන්ට හොද අවස්ථා ලබා දෙන industry එකක්නේ.ඒ වගේ අවස්ථාවකින් ගොඩ ගිය Melvin G babu තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ.නළු නිළියන්ගේ හැඩ රුව ලස්සනට පමණක් සලකලා චිත්‍රපටි වලට ගන්න සමහර industry අතරේ චරිත වලට මුල් තැන දීලා, ඊට ගැලපෙන නළු නිළියන් තෝරලා රගපාන්න අවස්ථාව සලසන තැනක් තමයි මලයාලම් සිනමාව. ඒ වගේම ගොඩාක් අය ආසාවෙන් බලපු jo & jo ෆිල්ම් එකේ යාලුවෝ තුන් දෙනාගෙන් හිතට වැදුනු එක් කෙනෙක් තමයි melvin කියන්නෙත්.එතකොට ප්‍රධාන නිළිය විදියට රගපාන්නේ Baby Anikha නැත්නම් Anikha Surendran.ඇත්තටම ඉස්සර තමයි Baby Anikha වුනේ ගොඩාක් ෆිල්ම් වල ළමා චරිත වලට රගපාලා.ඒත් දැන් නම් Baby Anikha කියන්න බැහැ.තෙලුගු,මලයාලම් වගේම දමිළ කියන භාෂා වල  චිත්‍රපටවල රගපාන ඇය දැන් තෙලුගු වගේම මලයාලම් ෆිල්ම් වල ප්‍රධාන චරිතයන්ට පන පොවනවා.

මේ චිත්‍රපටිය ගැන කතා කරනවා නම් IMDb දර්ශකයේ 6.1 අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.සෙසු චරිත ලෙස Jony Antony,Manju Pillaai,Dain Davis,Shaju K.S.,Mukesh,Lena රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alfred D samuel විසින්.

කතාව ගැන මතක් කරනවා නම්,මේ ෆිල්ම් එකේ යන්නේ නගරබද මලයාලම් යෞවනයන් දෙන්නෙකු වෙන ජොයෙල්ගේ සහ ජෙනීගේ ආදර කතාව.මේ දවස් වල ගොඩාක් ගෑණු ළමයි කොරියන් ෆෑන්ස්ලනේ.ජෙනීත් මේ වගේම කොරියන් ෆෑන් කෙනෙක්.එතකොට ජොයෙල් තමන්ගේ උපාධිය ඉවර කරලා තාමත් ගෙදරින් කාලා බැනුම් අහගෙන ඉන්න කොල්ලෙක්.ඉතිම් මේක නිකම්ම ගලාගෙන යන ආදර කතාවක්ම නෙවෙයි.අතර මගදි යම් සිදුවීමක් වෙනවා.ඒකත් එක්ක එයාලගේ ජීවිතය කොහොමද ඉදිරියට ගලා ගෙන යන්නේ කියලා ඔයාලම බලන්නකෝ.කොහොම වුනත් ට්‍රේලර් එක අනිවාර්යයෙන් බලන්න එතකොට ඔයාලා මේකට කැමති වෙයි.

එහෙනම් හැමෝමටම සුභ දවසක් ! ♥️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


18
Total Subtitles

5 comments

  1. Netflix පිස්සා

    Mistory thriller malayalam වලට සබ් දෙන්නකෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සත්සර සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. laKMal
    Cineru_users

    මචං .. සබ් එක ඩවුන් කරන්නත් බැ.. වීඩියෝ පිටපත ඩවුන් කරන්නත් බෑ බං…. ක්ලික් කරාට මොකුත්ම වෙන්නෙ නෑ….

    • පේජ් එක ලෝඩ් වෙනකන් ඉඳලා ටච් කරන්න මචං..

      • laKMal
        Cineru_users

        දැං හරි බං.. ඊයෙ දවසෙම ඔය කේස් එක තිබ්බා බං…. එනිවේ තෑන්ක්ස් රිප්ලයි එකට….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login