The title of the page

Oh! Baby (2019) Sinhala Subtitles | මහලු වියෙන් තරුණ වියට ආව අත්තම්මා | සිංහල උපසිරැසි සමඟ |

ගෙදර අම්ම, තාත්තා ,
අත්තම්මා,සීයා නැතිවුනහම…
වෙන කවුරු අහන්නද..
කෑවද? ඉන්නවද? කියලවත්….
එයාලා ඉන්නකොට එයාලගෙ වටිනාකම තේරෙන්නෑ…..
ඒත් නැතිවුනහම….
එයාලා අපි එක්ක ඉදපු හැම මොහොතක්ම
ගොඩක් වටිනවා…

වැඩිහිටියන් කියන්නෙ අපිට වඩා වයසින් මුහුකුරා ගිය වගේම ජීවිතය ගැන අත්දැකීම් බහුල උදවිය. අපි හැමදාම හිතන් ඉන්නේ අපි ඔක්කොම දන්නවා කියලා.. ඒත් එයාල එක්ක බලද්දි අපි මොනවද දන්නේ.. එයාල කියන දෙයක් කවදාවත් වැරදිලා නෑ නේද ?..

ආයුබෝවන් කියල පිලිගන්නවා සිනමාලෝලී රසික ඔබව.. අදත් මම ආවේ ලස්සන තෙලිඟු සිනමාපටයකට උපසිරැසිත් අරන්..Oh Baby 2019 මේ අවුරුද්දේ ජූලි 5 තමයි තිරගත කිරීම ආරම්භ කලේ. ඉන්දියානු රුපියල් කෝටි 40ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගෙන අතිසාර්තක ලෙසින් ලොවපුරා තිරගත වුනා..

මේ සිනමා පටය 2014 තිරගතවුනු Miss Granny නම් කොරියානු සිනමාපටය පාදක කරගනිමින් තමයි හදල තියෙන්නේ.. Fantasy / Comedy වර්ගයට අයත් මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ B. V. Nandini Reddy විසින්.

තෙලිඟු සිනමාවේ අපි ආදරය කරන සුරූපිනිය Samantha Akkineni තමයි ප්‍රධාන නිලිය ලෙසින් එක් වන්නේ.. ඒ වගේම Naga Shaurya වගේම තවත් ප්‍රසිද්ධ නලු නිලියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. 

මං දැන් පොඩ්ඩක් කතාව මතක් කරන්නම්..

බේබක්කා නැත්නම් බේබි කියන අත්තම්මා ආපනශාලාවක් කරගෙන යන එක තමා කරන්නේ.. ඉතින් මෙයාගේ පුතා ඒ ආපනශාලාව අයත් විද්‍යාලයේම මහාචාර්යවරයෙක්.. ඉතින් මේ අත්තම්මල මුරණ්ඩු වගේම කොයිවෙලෙත් ඔවදන් දෙන අය කියල දන්නවනේ.. ඉතින් මෙයත් එහෙම තමා.. ඒ නිසා මෙයාව ගොඩක් අයට පේන්න බෑ.. ඒත් පුංචිකාලෙ ඉදන් එකට හිටපු හැමවෙලේම මෙයා ගැන හොයලබලන යාලුවෙක් මෙයාට ඉන්නවා..

ඉතින් මෙයාගෙ ලෙලිට මෙයාව එපා වෙලා තියෙන නිසා දවසක් මානසික පීඩනය දරාගන්න බැරුව එයා අසනීප වෙලා රෝහල්ගත කරනවා.. ඔතනින් තමයි හැමදේම වෙනස් වෙන්නේ.. ඉතින් ඉතුරුටික දැනගන්න ෆිල්ම් එකබලන වැඩේ ඔයාලට බාරයි.. එහෙනම් මම ගිහින් එන්නම් තවත් උපසිරැසියක් එක්ක ආයිම හම්බවෙමු..

ඔබට ජය✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

6 comments

  1. Sthuthi obata sub ekata …

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  4. Thanks amar Kannada movie sub bennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login