The title of the page
8.2
96

Evaru (2019) Sinhala Subtitles |කවුද හරි ? කවුද වැරදි ?| සිංහල උපසිරැසි සමග|

” මට විශ්වාසයි ගොඩක් ප්‍රශ්න තියෙනවා ඔයාලට…

ඒත් අද මා කැමතියි ඔයාලගෙන් දෙයක් අහන්න

පොලිස් නිලධාරියා දූෂිතයා වෙලත් වින්දිතයා කියනවා…..

මම ඒකව මරපු නිසා මට මිනී මරුවා කියනවා…

එතකොට කවුද හරි, කවුද වැරදි ?

ස්ත්‍රියක් දූෂණය කිරීම හරිද?

දූෂකයව මරලා දාන එක වැරදිද?

උසාවියේ තීන්දුව මොකක් වුණත්, මම දන්නවා,
මම කරපු දේ හරි…

මගේ අඟේ තියෙන කැළැල් අතුරුදහන් වුනත්,

මට වෙච්ච දේවල් විතරක් මට හැම වෙලේම මතක තියේවි….

ඒකෙන් මතක් කරවන්නේ…

මට සටන් කරන්න පුළුවන් කියලා….

තමන්ට සිද්ධ වුණේ මොකක්ද කියලා
කිසිම කෙල්ලෙක් කියන්නෙ නෑ…

කිසිම පවුලකින් පිළිගන්නෙත් නෑ…..

ඒ හැම කෙල්ලෙකුට වගේම එයාලගේ
පවුල් වලට මම තමයි හඬක් වෙන්නේ….

මොකද කිව්වොත්,

මම ඔයාලත් එකකයි….”

 

ජීවත් වෙන්න අතයවශ්‍යම දේවල් මොනවද ?…. මුදල්ද ? නෑ මුදල් විතරක්ම නෙවෙයි ඒත් ගොඩක් අය හිතන් ඉන්නේ සල්ලි තියෙනවා නම් මොනවද කරන්න බැරි කියලා… ඕනම ඇත්තක් බොරුවක් කරන්න, බොරුවක් ඇත්තක් කරන්න මුදල් වලින් පුලුවන් කියලා හැබැයි කවදම හරි මුදල් පාවිච්චි කරලා හංගන ඇත්ත එලිවෙනවාමයි…. බොරුවට වැඩි ආයුෂ නැහැලුනේ…

ගොඩ කාලෙකට පස්සෙ ඔන්න අද මම උපසිරසිය අරන් එන්නෙ අපූරු තෙලිඟු සලරුවකට…ගොඩක් අය එනකන් ඇඟිලි ගැන ගැන හිටපු ඒ වගේම මමත් පෞද්ගලිකව ගොඩක් කැමැත්තෙන් හිටපු සලරුවක්… ඒකට විශේෂ හේතුවක් තියෙනවා.. මොකද මේ කතාවේ Adivi Sesh ඉන්නවා… අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ Kshanam(2016) , Goodachari(2018) ෆිල්ම් දෙක බලපු අයට…

Drama/Thriller ගණයට අයත් වෙන මේ සලරුව IMDb දර්ශකයේ 8.6/10 ගන්න වගේම 96% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. Adivi Sesh, Regina Cassandra, Naveen Chandra, Murli Sharma වගේ සුපිරිම සෙට් එකක් රංගනයෙන් දායක වෙලා තියෙනවා… චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ  Venkat Ramji විසින්. තිරගත කරලා තියෙන්නේ 2019 අගෝස්තු 16 වෙනිදා..

කතාව ගැන ටිකක් කියන්නම්…

මේ කතාවේ අපේ ප්‍රධානම චරිතය තමයි සමීරා.. මෙයාව ලඟින්ම ඇසුරු කරපු පොලිස් නිළධාරියෙක් මෙයාව දූෂනය කරා කියලා මෙයා තමන්ගේ ආත්මාරක්ෂාවට ඔහුට වෙඩි තියනවා… ඒ නිසා මෙයාට එරෙහිව නඩුවක් වැටෙනවා පොලිස් නිළදාරියෙක් ඝාතනය කිරීම නිසා… මේකමද වෙන්නේ ? නෑ… ඊළඟට අපේ කතාවේ වීරයා.. මෙයාගේ නම ආදර්ෂ්, මෙයා හොයන්නේ මෙයාගේ නැති වෙච්ච තාත්තා විනය වර්මාව…  බැලූ බැල්මට මේ සිද්ධි දෙක එකිනෙකට පරස්පරයිනේ.. කොහොමද සම්බන්ධ වෙන්නේ… උත්තරේ බලලම තමයි හොයා ගන්න වෙන්නේ… ඊළඟට උසාවියේ මේ සිද්ධියට අදාලව ගොනු කරපු නඩුවෙදි මුදල් වලට තියෙන කෑදරකම නිසා සමීරට උදව් කරන්න එන වික්‍රම්… කවුද වික්‍රම් කියන්නේ වික්‍රම් කියන්නේ මුදල් වලට පොලීසියේ විමර්ෂණ තොරතුරු පිටට දෙන පොලිස් නිළධාරියෙක්ද ? නෑ… මෙතන ලොකු පටලැවිල්ලක් තියෙනවා හැබැයි ඒ පටලැවිලි ඔක්කොම ඇතිවෙන්නේ කාන්තාවක් නිසා… ඒවගේම මුදල් , තත්වය කියන දේට තියෙන කෑදර කම නිසා… ඒත් මම මුලින් කිව්වා වගේ සත්‍ය අන්තිමේදි ජයග්‍රහනය කරනවා… මේ මැරුණු උදවියට සාධාරනය ඉෂ්ඨ වෙනවා… කවුද මේ සාධාරනය ඉෂ්ඨ කරන්නේ වික්‍රම්ද…? නැත්තම් ආදර්ෂ්ද ?

ප්‍රශ්නාර්ථ ගොඩයි නේද… ඔය ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් මේක බලන්නම වෙනවා…

තවත් උපසිරැසියකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login