The title of the page
Nungambakkam (2020) Sinhala Subtitles
Nungambakkam (2020) Sinhala Subtitles
6.4
82

Nungambakkam (2020) Sinhala Subtitles | පොලීසියේ වගකීම | සිංහල උපසිරැසි සමඟ

(Nungambakkam (2020) Sinhala Sub) මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක එස්ඩී රමේෂ්වරම්” එයාගේ හැම චිත්‍රපටයකම. සමාජය ගැන තැකීමක් කරලයි නිපදවලා තියෙන්නේ ඒ වගේමයි මේ නුංගම්බක්කම් චිත්‍රපටයත්.” සත්‍ය සිදුවීමක් අරන් තමයි කරලා තියෙන්නේ.” පොදු තැනක අපේ ඇස් ඉස්සරහා වැරැද්දක් වෙද්දි එක්කෝ ඒකට විරුද්ද වෙන්න ඕනි නැත්තම් ඒක නවත්තන්න බලන්න ඕනි දෙකම බැරිනම් ඒ ගැන කියන්න ඕනි අයට දන්වන්නවත් උත්සහ කරන්න ඕනි. අද ඒක වුනේ වෙන කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒත් ඒක හෙට අපිට වෙන්න පුළුවන් කියලා අමතක කරන්න එපා.!

ඔන්න එහෙනම් www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම අරගෙන එන දාහත්වැනි උපසිරසි නිර්මාණය අරගෙනයි මේ එන්නේ. මේපාර අරන් ආවේ Thriller Drama ඛණ්ඩයට අයත් සත්‍ය කථාවක් පදනම් කරගෙන 30 October 2020 දින තිරගත වු දමිල සිනමාවකට උපසිරසියයි. මා කලින් ලබා දුන්න Ik Sandhu Hunda Si (2020) Punjab චිත්‍රපටය වෙනුවෙන් වචනෙකින් හරි ස්තූති කරපු සියළු දෙනාටත් එයා නැරබු සියළු අයට මාගේ ස්තූතිය පුදමින් imdb අගය 6.9 ක් ලබා ගත්තු ෆීල්ම් එකක් තමයි. එහෙනම් වෙනද වගේම මට මේ ෆිල්ම් එකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න www.cineru.lk ඇඩ්මින් මණ්ඩලයේ සියළු දෙනාටත්, විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා.

සතෙක් තුවාල වුනත් උදව් කරන්න මනුස්සයෙක් එනවා. රේල්වේ එකේ ප්‍රසිද්ධියේ මහාදවල් කෙල්ලෙක්ව මරලා දාලා යනවා මිනිස්සු බලාගෙන ඉන්නවා. වට්ස්ඇප්, ෆේස්බුක් ආවට පස්සේ රට සවුත්තුවෙලා මැරිලා ඉන්න කෙනාගේ ෆොටෝ අරගෙන දාලා ඒකට ලයික් ඉල්ලනවා. මේ මිනීමරුවව ෆොටෝ අරගෙන තිබ්බනම් , පොලීසියට ඒක උදව්වක්නේ

ඉතින් මේකෙ කථාව පැත්තට පොඩ්ඩක් ගියොත්

මේ කථාව චෙන්නායි වල නුන්ගම්බක්කම් කියන රේල්වේ ස්ටේෂන් එකේ සිද්ද වුන සත්‍ය කථාවක් ඇසුරින් තමා නිපදවලා තියෙන්නේ. 2016 ස්ව්ස්ති කියන ගැහැණු ළමයාගේ මිනීමැරුම වටා තමා මේ ෆිලුම නිපදවලා තියෙන්නේ. වයස 24 ක් වයසැති ස්වස්තිව නුන්ගම්බක්කම් රේල්වේ ස්ටේෂන් එකේදී උදේ පාන්දර රාම්කුමාර් නැමැති අයෙකු විසින් කපාකොටා මරා දමා පුසල් හිරගෙදරදි ඔහු සියදිවි හානිකර ගැනීමක් සිද්ද කරගන්නවා. මේ මිනීමැරම වටා තමා මේ ෆිලුම ගෙතිලා තියෙන්නේ.මේකෙන් සමාජයට ගොඩක් ආදර්ශයක් දෙන්න තමයි මෙහි නිෂ්පාදකයා වන රමේෂ් සෙල්වම් උත්සහකරලා තියෙන්නේ. මෙයාගේ ගොඩක්ම ෆිල්ම් නිෂ්පාදනය කරලා තියෙන්නේ…

තත්පරයක කේන්තිය ඔයාව කොතනටද ගෙනල්ලා තියෙන්නේ දැක්කද.? ඔයා හොද තැනක ඉන්න ඕනි කෙනෙක්නේ.. ඔයාගේ අම්මයි, තාත්තයි ඒකනේ ආශාවෙන් ඉන්න ඇත්තේ දැන් ඇවිල්ලා ඉන්නේ කොහෙටද දැක්කද..? කෙනෙක් ඇයි අපිට අකමැති කියලා හිතන්න ඕනි කේන්ති ගන්න එකෙන් කිසිම ලාබයක් නෑ කේන්තිය ඉවරවෙන තැනයි සෙනෙසහ දිනන්නේ මේක තේරුම්ගන්න ඕනි

සුමති කියන ගෑණු ළමයාව දිනක් රේල්වේ ස්ටේෂන් එකේදි කව්රුන් හෝ කෙනෙකු විසින් කපා කොටා මරාදමන ලද පුවතකින් තමයි ෆිලුම ආරම්භ වෙන්නේ.. මේ සුමතිව කපා කොටා දමන්නේ මහා දවාල් ගොඩක් අයගේ ඇස් ඉදිරිපිටදියි. ඒත් මේ මිනීමරුවව අල්ලගන්න කව්රුත්ම උත්සහ කරලත් නෑ, මේ තරුණ කෙල්ලව බේරගන්නත් කව්රුත් උත්සහ කරලත් නෑ. මේ සිද්ධිය සිද්ද වෙන තැත පොලිස් ස්ථාන දෙකක් යටතේ තමයි පාලනය වෙන්නේ. ඉතින් ඒක නිසා මිනීමරුවව අල්ලගන්න පොලීසියෙන් කොයි අයද එන්න ඕනි කියල තත්වය මත. තවත් අයහපතක් සිද්ද වෙනවා. කොහොමහරි පොලිසියෙන් මෙතනට එද්දි වෙන්න ඕනි දේ වෙලා ඉවරයි.ත මිනීමරුවා කිසිම සාක්ෂියක් නැතුව පැනලා ගිහින්. නුන්ගම්බක්කම් පොලිසියෙන්තමයි මේ මිනීමැරුම ගැන විමර්ශණය කරන්නේ..ඉතින් විස්තර හොය හොයා ඇවිදින පොලීසියට රාජ්කුමාර් යන කෙනෙක්ව මේකට සැක පිට අත්අඩංගුවට ගන්නවා.

මෙතනින් තමයි කතාව කණපිට පෙරලෙන්නේ.. පොලීසියේ වගකීම තමයි මහජනයට ඇත්ත කියලා ඇත්ත මිනීමරුවව අල්ලගන්න එක. ඉතින් මෙයාව අත්අඩංගුවට ගත්ත ගමන්ම මේ මිනීමරුවව රෝහලකට ඇතුලත් කරන්න වෙනවා. ඒ මෙයා පැනලා යන්න හදද්දි බෙල්ල කපාගත්තා කියලා පොලීසියෙන් කියන නිසයි. කොහොම හරි එදාම පොලීසියෙන් ප්‍රකාශයක් කරනවා මෙයා තමයි මිනීමැරුවට වැරදිකාරයා පාපොච්චාරණය කරා කියලා. ඒත් දොස්තර එවෙලෙම ප්‍රකාශ කරනවා මෙයාගේ බෙල්ල කපලා නිසා කථා කරන්න දවස් දෙකක්වත් යයි කියලා. මේ පොලිසියේ ප්‍රකාශය රට පුරාම මාධ්‍යවලින් ප්‍රචාරය කරනවා. පොලිසිය පහත් තත්වෙට ඇද දමන්න මේ ප්‍රකාශයම හේතුවක් වෙනවා. ඉතින් කොහොම හරි රාජ්කුමාර්ව නිවැරදිකරුවෙක් කියන්න එයා එක්ක ජනතාවම ඉන්නවා. ඒත් එක්කම එයාගේ නීතිඥයත් හරි අපූරැවට මේ සිදුවීමට සම්බන්ධ වෙලා පොලීසිය මත වැරැද්ද පටවනවා. කෙහොම හරි මේ රාජ්කුමාර්ට සත්‍ය මිනීමරුවායි කියලා ඔප්පුකරනකන් පොලීසිය යටතේ ඉන්න වෙනවා. කොහොමින් හරි මෙයා මේ සුමතිගේ මිනිීමැරුමේ ඇත්තම ඝාතකයාද..?

එහෙම නැත්තම් පොලීසියට වැරදිලාද..? පොලීසියට ආයෙමත් වැඩ වරදීයිද.? .ඇති ඇති..දැන් ඉස්සරහට මොකක් වෙයිද කියලා මම තවත් කියන්න යන් නෑ. ඔයාලම බලලා දැනගන්න කියලා කියන ගමන් අදට මම සමුගන්නේ තවත් දමිල සිනමාපටයක් ඉක්මනට අරන් එනවායි කියමිනුයි… සියළු දෙනාටම තෙරුවන් සරණ පතනවා. සමාජය හොදින් තිබ්බොත් තමයි අපිටත් හොදින් ජීවත් වෙන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක් සබ් එකට සහෝ

  2. Sthuthi sahooo

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Priyashan Jayarathna
    Cineru Family Member

    බොහොම ස්තූතියි අයියෙ ❤️

  5. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සමන් ලොක්කෝ ඔන්න කාලෙකින් ආවා ඔයාගේ මේ සබ නිසාම. මේක මම හොය හොයා හිටියේ. මේකේ ස්ටෝරිය මරු කියලා මගේ යලුවෙක් කිව්වා. ඒ නිසා අරන් බලනවා. ගොඩක්ම ස්තූතියි පුතේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login