Noroi: The Curse (2005) Sinhala Subtitles
Noroi: The Curse (2005) Sinhala Subtitles
7
75%
89%

Noroi: The Curse (2005) Sinhala Subtitles | කගුටාබාගේ ශාපය | සිංහල උපසිරැසි සමඟ

(Noroi: The Curse (2005) Sinhala Subtitles)

*IDMb – 7/10

*Rotten Tomatoes – 75%

*Genre – Horror

*Starting – Jin Muraki, Rio Kanno,  Marika Matsumoto,  Tomono Kuga, Yoko Chosokabe, Satoru Jitsunashi….

පැය 1යි මිණිත්තු 55ක්‌ තිස්සේ දිවෙන මේ ජපන් සලරරුව චිත්‍රපටයක ආභාෂයකට වඩා Documentary එකක් පෙනුමක් තමයි ගන්නේ. මං කරපු පළවෙනි Horror ශානාරයේ චිත්‍රපටය වගේම ආයේ නම් horror කරන්නේ නෑ කියලා මතක් කරන්න ඕන.. මොකද මං බයයි 😁

මේක ඉවරකරන්න ටික කාලයක් ගියා.. කොහොම වුණත් මුලින්ම දෙන warnining එක තමයි “Contains might be disturbing to the viewers” නැත්නම් අඩංගු දර්ශන මදක් සිත චකිත කරන සුළුයි එය මතකයේ තබාගෙන නරබන්න කියන එක..

මේක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.. ජපානය කියන්නේ විශාල වශයෙන් ඇදහිලි විශ්වාස වගේම නොපෙනෙන බලවේග, යක්‍ෂ පුරාවෘත රාශියක් සහිත දිවයිනක්‌.. මේ කතාව එවැනි පුරාණ ගම්මානයක තිබුණු පුජා විදියක් නිසා වර්තමානය වනකම් එහි බලපෑම සිදු වූ අයුරු අපිට පෙන්වා දෙනවා..

කොබායාශි කියන්නේ අද්භූත සිද්දි පිළිබද ගවේෂණ කරමින් ඒවායේ සුල මුල හොයාගෙන යන මැදි වියේ වාර්තාකරුවෙක්.. මොහුට මේ වතාවේ එලෙස ගවේෂණය කරන්නට ලැබෙන සිද්දි දාමය අවසානය වනතෙක් අපිට ටිකෙන් ටික තමයි ඒවායේ ගැලපීම තේරුම් යන්න පටන් ගන්නේ.. පටන් ගන්නේ එක නිවසකින් ඔවුන්ට කුඩා දරුවන් හඩන සද්දයක් ඇහෙනවා කියනවා..ගවේෂණ කරද්දී ඒ බවට සාක්ෂි සොයාගන්න ලැබෙනවා..අල්ලපු ගෙදරින් ඇහෙන ඒ සද්ද ගැන අහන්න ගියාම ඒ ගෙදර ගැනු කෙනා බොහොම කේන්තියෙන් කොබායාශිව එලවා ගන්නවා..පසුව මාරිකා කියන අද්භූත බලවේග වලට සංවේදී කමක් දක්වන නිළියක් මුහුණ දෙන සිද්දියක්‌ වාර්තා වෙනවා.(ඒ චරිතය එම නමම දරණ රංගන ශිල්පිනිය තමයි බාර ගෙන තියෙන්නේ) තවත් කානා නම් කුඩා දැරියක්‌ භූත වේදි නැත්නම් (අද්භූත හැකියා) තියෙන, යම් කිසි අමුතු සිදුවීම් කිහිපයකට භාජනය වී අතුරුදන් වෙනවා..තවත් හෝරි නැමැති භූත වේදි ටිකක් මානසික අබාද තත්වයක් තියෙන කෙනෙක් ඉන්නවා ඔහුට දිවැස් තියෙනවා වගේ අනාවැකි කියන්න පුළුවන්..

මේ හැමෝම එකම ප්‍රශ්නෙක කොටස් කාරයෝ වෙන විදිය ඔයාලා බලලම දැනගන්න..

එතකොට කගුටාබා??ඒකත් මේක බැලුවම තේරෙයි..නැත්නම් රසවින්දනයට කරන අසාදාරනයක් වෙනවා…

හැමෝටම බුදුසරණයි!

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
Download|59

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


17
Total Subtitles

10 comments

  1. බොහොම ස්තූතියි.මේ දෙකටත් පුළුවන්නම් සබ් දෙන්න.
    Assassination Classroom (2015), Assassination Classroom: Graduation (2016)

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    විසූ, එළම ආ, මේ වගේ ෆිල්ම් දෙන එක නම් මරු 🚬

  3. තෑන්ක්ස් සබ් එකට

  4. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela patta

  5. Arang and the Magistrate ekata sub denna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *