The title of the page
No Time To Die Sinhala Sub
No Time To Die Sinhala Sub
7.5
84
89

No Time To Die (2021) Sinhala Subtitle | “අවසන් වික්‍රමය” | සිංහල උපසිරැසි සමඟ

(No Time To Die (2021) Sinhala Subtitle) (No Time To Die 2021 Sinhala Sub)

කොහොමද යාළුවනේ, ගොඩක් දවසකින්…

සිනෙරූ අපිත් එක්ක හැමදාම එකතුවෙලා ඉන්න ඔයාලව එහෙම මතක් කරන ගමන් අද අරන් ආපු සබ් එක පැත්තට යමු..

ඊට කලින් පොඩි දෙයක් කියන්න ඕන.. අපි මෙහෙම ඉක්මනින් සබ් එකක් ගෙනාවම ඒක බලන් ඉන්න බැරි සමහර උදවිය අපිට චෝදනා කරනවා සබ් එක නිකන්ම Google Translate කරලා දෙන්නේ නැත්නම් කොහොමද මෙච්චර ඉක්මනින් දෙන්නේ කියලා.. ඒ උදවියට දැනගන්න මේක කියන්නේ, මේ ෆිල්ම් එකේ කැම් පිටපතට ඉංග්‍රීසි උපසිරැසියක් කල්තියාම ආවා..ඒක හදාගෙන ඉදලා තමා කාටත් කලින් මේ සබ් එක අරගෙන ආවේ.. දැන් මේක කීවම තව කාටහරි ප්රශ්නයක් එන්න පුළුවන් එතකොට කොහොමද OTT එකෙන් එන ෆිල්ම් වලට සබ් කොහොමද ඉක්මනින් දෙන්නෙ කියලා.. ඒක හැබැයි මෙච්චර ඉක්මනින් පැයක් දෙකක් ඇතුළත දෙන්න බැ.. ඒකට අඩුම පැය 7ක 8ක කාලයක් යනවා.. ඒක තීරණය වෙන්නෙ ඒ සබ් එක කරන කෙනාගේ තියෙන ටයිපින් ස්පීඩ් එක සහ ඒ භාෂාව පිළිබඳව තියෙන දැනුම මත තමා.. අපේ සයිට් එකේ වගේම අනිත් සයිට් වලත් එහෙම දක්ෂ අය ඉන්නවා..දමිළ,තෙලිඟු ෆිල්ම් වලට එහෙම මුලින්ම සබ් දෙන්නේ ඒ සහෝදරයෝ කැම් පිටපත් වලට කිසිම E Sub එකක් නැතුව ටයිම් ලයින් හදලා සෘජු පරිවර්තනයක් කරන නිසා..මම හිතනවා ඒ ගැන ප්‍රශ්නයක් තිබුණ අයට ඒ ප්‍රශ්න වලට උත්තරයක් ලැබෙන්න ඇති කියලා..

ආපහු අපේ මාතෘකාවට යමු..

අද මම අරන් ආවේ ෆිල්ම් එකක් කියනවටත් වඩා පුරාවෘත්තයක් කීවොත් මං හරි.. මොකද 1962 අවුරුද්දේ Dr. No කියලා පටන්ගෙන මේ 2021 වෙනකල් මගේ මතකේ හරි නම් ෆිල්ම් 25ක් ඇවිල්ලා තියෙනවා මේ ෆිල්ම් සීරිස් එකේ.. මෙහෙම කිව්වට දන්නෙ නැති වුණාට “ජේම්ස් බොන්ඩ්” කිව්වාම නොදන්න කෙනෙක් මං හිතන්නේ කොහෙවත් නැතුව ඇති.. ඒ තරම්ම ප්‍රසිද්ධියට පත්වුණ ෆිල්ම් සීරිස් එකක් තමා මේ..

Ian Fleming කියන රචකයාගේ James Bond පොත් මාලාව ඇසුරින් තමා මේවා නිර්මාණය වුණේ.. දශක ගාණක් තිස්සේ රංගන ශිල්පීන් කීපදෙනෙක්ම ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙව්වා… වර්තමානයේ ජේම්ස් බොන්ඩ් විදිහට රංඟනයෙන් දායක වෙන්නෙ Daniel Craig.. ඔහු ජේම්ස් ජොන්ඩ් චරිතයට එකතුවෙන්නේ 2006 අවුරුද්දේ Casino Royale කියන චිත්‍රපටයෙදී.. මේ වෙනකොට ඔහු,

Casino Royale (2006)

Quantum of Solace (2008)

Skyfall (2012)

Spectre (2015)

No Time To Die (2021)

කියන මේ චිත්‍රපට 5 රඟපාලා තියෙනවා.. ඒත් එක්කම මේ No Time To Die චිත්‍රපටය තමයි Danielගේ අවසාන ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය.. මේකෙන් පස්සේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට නිර්මාණය වෙයිද කියලා සැකයකුත් තියෙනවා.. කොහොමහරි වෙනදා වගේම ඇක්ෂන් පිරුණු චිත්‍රපටයක් තමයි මේකත්… හැබැයි අනිත් චිත්‍රපට කීපයට වඩා ටිකක් වෙනස් අවසානයක් මේකේ තියෙන්නේ.. ඒක දැනගන්න ඉතින් ඔයාලා බලන්නම ඕන..

අපි දැන් කතාව පැත්තට ටිකක් යමු..

මේ වෙනකොට ජේම්ස් තමන්ගේ රැකියාවෙන් විශ්‍රාම අරන් පෙම්වතිය එක්ක නිදහස් ජීවිතයක් ගත කරනවා.. මේ අතර තමා නොහිතපු සිදුවීමක් වෙලා ස්පෙක්ටර් කියන නම ආයෙත් උඩට එන්නේ.. මේකෙදී එළිවෙනවා තමන්ගේ පෙම්වතියත් ස්පෙක්ටර් සාමාජිකයෙක්ගේ දුවක් කියලා.. ඒකෙන් හිත බිදෙන ජේම්ස් පෙම්වතිය වෙන මැඩ්ලීන් ස්වෝන්ගෙන් වෙන් වෙනවා..

මේ අතරේ පරීක්ෂණාගාරයකින් භයානක ජෛව රසායනික අවියක් ස්පෙක්ටර් සාමාජිකයන් හොරකම් කරනවා විද්‍යාඥයෙක්ගේ උදව් ඇතුව.. ඒ විද්‍යාඥයා උදව් කරාට වෙනම මනුස්සයෙක්ට තමා පොර වැඩ කරන්නේ.. මේ ගැන හොයන්න ජේම්ස්ගෙ උදව් ඉල්ලලා ෆීලික්ස් එනවා තනිවුණ ජේම්ස්ව හොයාගෙන.. තමන් විශ්‍රාම අරන් ඉන්නේ කියලා මුලින්ම වැඩේට අතගහන්න අදි මදි කරත් ස්පෙක්ටර් කියන නම එළියට ආවම ජේම්ස් මේකට කැමති වෙනවා.. මම මුලින් කීව ජෛව රසායනික අවිය පාවිච්චි කරලා ලෝකයේ මිනිස්සුන්ව සමූල ඝාතන සැලසුමක් ක්‍රියාත්මක වෙනවා.. සුපුරුදු විදිහටම ඒක වළක්වලා ලෝකය බේරගෙන සාමකාමී තැනක් කරන එක තමා ජේම්ස්ගේ වගකීම..

මේ මං කතාව සාරාංශයක් විදිහට කීවේ තව මෙතන අඩු හුගාක් දේවල් ෆිල්ම් එකේ වෙනවා.. ඒ නිසා ෆිල්ම් එක බලලා ගුණදොස් කියන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා..

ආයෙත් මේ වගේ සුපිරිම ෆිල්ම් එකකින් හමුවෙමු.. පරිස්සමින් මේ කාලය ගත කරන්න.. ජය..

…උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL /Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

34 comments

  1. Madushan Priyankara
    Cineru Family Member

    ෆිල්ම් එක ආව ගමන්ම සබ දීලා…තෑන්ක්ස් ගොඩක්

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි ආ…
    අඩෝ සුපුනා ආදරෙයි ඇ…👌

  3. තෑන්ක්ස් සගෝ..❤

  4. Arcane series ekt sub dennako

  5. බොහෝම ස්තූතියි උපසිරැසියට….
    කවුරු මොනව කිව්වත් ඒකට උත්තර බදින්න යන්න ඔනී නෑ සහෝදරයා..
    සබ් හොද හන්දනේ අපි ඔකෝම ඇවිල්ල සබ් අරගෙන යන්නේ…
    කරන වැඩේ දිගට කරගෙන යන්න හදවතින්ම සුබ පතනවා…👍✌️❤️

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. Kk තිවංක

    එතකොට ott platform වලින් එකපාර ඔරිජිනල් එකම එලියට දාන ඒවයි සබ් කොහොමද පැය ගානෙන් හදන්නේ

  8. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    තෑන්ක්ස් සුපුනා

  9. thanx macho mulinma sub dunnata

  10. cam copy එකට සබ් එක හදලා හරි ආපු ක්ෂණයට සබ් එක දෙනවා නම් ඒක තමයි වෙන්න ඕනේ.ඒක තමයි කාර්‍යක්ෂමතාව කියන්නේ.google translated sub එකක් අදුර ගන්න පුලුවන් දන්න එකෙක්ට.ඉක්මනින්ම සබ් එක දුන්නට ස්තූතියි.❤️ජය වේවා සහෝ!!!

  11. Shan Shenow
    Cineru Family Member

    සබට තෑන්ක්ස් මචන් 😻🔥

  12. කලින් ෆිල්ම් බලලා නැත්නම් මේක බැලුවට තෙරෙන්නේ නැද්ද

  13. සබ් එකට තෑන්ක්ස් මචන්..🔥

  14. Love you Cineru

  15. thanks a lot❤️

  16. අනිත් ජෙම්ස් බොන්ඩ් කතා වල නම් දාන්නකො දන්න කෙනෙක්. 25 ක් තියෙනවා කියලා තියෙන්නේ, තැන්ක්ස් සබ් එකට මේ ෆිල්ම් එකේ

    • Aruna Darshana (MR_X)
      Cineru Family Member

      Dr.no 1962
      From russia with love 1963
      Goldfinger 1964
      Thunderball 1965
      You only live twice 1967
      On Her Majesty’s Secret Service 1969
      Diamonds Are Forever 1971
      Live and Let Die 1973
      The Man with the Golden Gun 1974
      The Spy Who Loved Me 1977
      Moonraker 1979
      For Your Eyes Only 1981
      Octopussy 1983
      Never Say Never Again 1983
      A View to a Kill 1985
      The Living Daylights 1987
      Licence to Kill 1989
      Goldeneye 1995
      Tomorrow never dies 1997
      The World Is Not Enough 1999
      Die Another Day 2002
      Casino Royale 2006
      Quantum of Solace 2008
      Skyfall 2012
      Spectre 2015

  17. සබ් එකට තෑන්ක්ස් මචං 🤟🔥

  18. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  19. ස්තුතියි උපසිරැසියට සුපුන් සදීප ජයවේවා තෙරැවන් සරණයි සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා ….

  20. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:
    Shang-Chi and the Legend of the Ten Rings (2021)

  21. Anupama Premarathna

    meka James Bond ge anthima ekama kiyala kiyanna ba. film eke anthima 18 second balanna.

    • ඩැනියල් ක්‍රේජ්ගේ අන්තිම එක කියලා තියෙන්නේ මචං..ඒ නිසා ආපහු JB ෆිල්ම් එකක් එයිද කියලා සැකයක් තියනවා කියලා තමයි කියලා තියෙන්නේ..

  22. Thank you very much

  23. Nilakshi Ekanayake

    Thank you🙏👍👌

  24. patta aaaaaaaaaaaaaa

  25. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි හැමෝටම 😍

  26. ඔයාලාගේ සබ් මට නම් කිසී අවුලක් නෑ.දැන් පරන සයිට් වල උන් දවස් ගානක් පරක්කු වෙලා දානවා අපි හොදටම දෙන නිසා ටිකක් පරක්කු වෙනවා කියලා.ඒම උන් තමා ඔය හින්ට් ගහන්නේ.ඔයාලා සබ් වල ටයිමින් වත් අවුල් වෙලා නෑ ගොඩක් වෙලාවට.පුලුවන් නම් inside edge s03 එකේ සබ් ටික දෙන්නකෝ සගෝ

  27. Antlers sub eka dannako

  28. S.H.Tharaka Prabhath

    Thanks for the Sinhala sub bro…..

  29. Watinawaa sthuthi

  30. ඩ්ලා
    Cineru Family Member

    Fatta mchan,elah

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login