The title of the page
Trolls: Holiday in Harmony (2021) Sinhala Subtitles
Trolls: Holiday in Harmony (2021) Sinhala Subtitles
6.8

Trolls: Holiday in Harmony (2021) Sinhala Subtitles | “රැජිනගේ නිවාඩු කාලේ” | සිංහල උපසිරැසි සමඟ

(Trolls: Holiday in Harmony (2021) Sinhala Subtitles) (Trolls: Holiday in Harmony (2021) Sinhala Sub)

කොහොමද හැමෝටම 😊 මගේ දෙවනි උපසිරැසිය විදිහට මං ගෙනාවේ තවත් ඇනිමේශන් ෆිල්ම් එකක්.ඕනේම කෙනෙක් කැමති නේ කාටූන් ෆිල්ම් බලන්න.ඉතිං ඔයාලා දැනටමත් බලලා ඇති “Trolls” ෆිල්ම්ස් දෙක.බලලා නැත්නම් අනිවාර්යයෙන් බලන්න ලස්සන ෆිල්ම්ස් දෙකක්. ඉතිං මං ගෙනාවේ ඒකේ 3න් වෙනි ෆිල්ම් එක. Trolls Holiday in Harmoney 2021. මේක එයාලා නිකුත් කරන්න හිටියේ 2023.ඒත් එයාලා කලින්ම නිකුත් කරලා තියෙනවා.

Trolls මුල්ම චිත්රපටය නිකුත් කරේ 2016 ඔක්තෝම්බර් 8 ලන්ඩන් චිත්රපට උලෙළේදී.ඒත් සමගම මේ මුල්ම චිත්රපටය අතිශයින් ජනප්රිය වුනා වගේම ඩොලර් මිලියන 346කට අධික ආදායමක් ලබලා තියෙනවා.ඊට පස්සේ 2020 අප්රේල් 10 “Trolls World Tour 2020” ලෙස මෙහි දෙවන චිත්රපටය නිකුත් වෙලා තියෙනවා. Trolls චිත්රපට අධ්යක්ෂක තමයි Mike Mitchell, නිෂ්පාදනය Thomas Dam, වගේම කතාව Erica Rivinoja විසින් රචනා කරන ලද්දක්.

මේ Trolls Holiday in Harmony 2021 ගැන කිව්වොත් මේ කතාවේ වෙන්නේ පොපී රැජින නිවාඩු කාලෙට උත්සවයක් සංවිධානය කරනවා නිවාඩු තෑගි හුවමාරුවක් විදිහට.ඉතිං එකේදි දෙන්නා දෙන්නා තේරෙනවා එකිනෙකාට තෑගි හුවමාරු කරගන්න.ඒ අතරේ පොපී,බ්රෑන්ච්,ටයිනි,ඩයමන්ඩ් අතර වෙන සිදුවන දේවල් ටිකක් තමයි ෆිල්ම් එකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතිං මේ චිත්රපටය අනිවාර්යයෙන් බලන්න කියලා මං ඔයාලාට කියනවා.ඒ වගේම මගේ පළමු උපසිරැසි ගැන්වීම Ainbo – Spirits of the Amazon 2021 ත් බලන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා❤ හැමෝටම බුදු සරණයි,දෙවි පිහිටයි! පුලුවන් තරම් පරිස්සමින්,සතුටින් ඉන්න ☺️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තෙරුණි හේමචන්ද්‍ර සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තෙරුණි හේමචන්ද්‍ර

October 31, 2021


3
Total Subtitles

4 comments

  1. Dikkiloona

  2. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    Ron’s Gone Wrong (2021)

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login