The title of the page
Njan Marykutty
7.1
91

Njan Marykutty (2018) Sinhala Subtitles |’මම මේරිකුට්ටි’|සිංහල උපසිරැසි සමගට්

සංක්‍රාන්ති ලිංගිකයින් කියන්නේ සාමාන්‍යයෙන් සමාජයට විහිලුවක්. ඒ අය ගැන කතා කරන්නවත් කැමති නැහැ. ඒ අයත් තමන් වගේ හැඟීම් දැනීම් තියන මිනිස්සු කියලා හිතන්න කැමති නෑ. අන්න ඒ වගේ සමාජයෙන් කොන්කරපු පිරිසක් පිළිබඳව කේරළයේ චිත්‍රපටියක් හැදෙනවා.

කේරළ සිනමා ඉතිහාසයේ පළවෙනි වතාවටයි සංක්‍රාන්ති ලිංගික පුද්ග⁣ලයෙක් ප්‍රධාන චරිතයකට ඉන්න චිත්‍රපටියක් හැදෙන්නේ. 2018 අවුරුද්දේදි ඒ අභියෝගාත්මක කාරණයට අතගහන්නේ රන්ජිත් ශංකර් කියන ප්‍රවීන අධ්‍යක්ෂකවරයා. ඔහුත් සමග ඒ අභියෝගයට උර දෙ⁣න්නේ ජයසූර්යා.

ජයසූර්යා කියන්නේ අති දක්ෂ නළුවෙක්. නමුත් අවාසනාවකට ලංකාවේ ඇතුලේ ඔහු එතරම් ජනප්‍රිය නැහැ. ඒ වගේම මේ Njan Marrykutti චිත්‍රපටියේ ඔහු ඉදිරඅකල චරිතය වෙනුවෙන් ඉන්දියාව ඇතුලේ ඔහුව එතරම් අගය කිරීමකට ලක්වෙලත් නැහැ. ජාතික සම්මානයක් ලැබෙන්න ඕන මට්ටමේ රංගනයක් ඔහු ඉදිරිපත් කරනවා. නමුත් වනිතා කාන්නා සඟරා සම්මාන උළෙලේදිවත් ඔහුට ඒ වෙනුවෙන් කිසිම අගය කිරීමක් ලැබුනෙ නැහැ.

චිත්‍රපටියයේ රේටින්ස් පැත්තට හැරුනොත් මෙහි

🔸IMDb අගය 7.1
🔸Times of India 3/5
🔸filmibeat 3.5/5
🔸sify .com 3/5

වගේ අගයන් තියනවා. චිත්‍රපටියේ විශිෂ්ඨ බව ගැන ආයෙත් අටුවා ටීකා අවශ්‍ය නැති වෙයි මං හිතන්නේ.

කතාව ගැනත් කිව්වොත් මාතුකුට්ටි, මේරිකුට්ටි බවට භෞතික වශයෙන් පත් වෙනවා. ⁣
මාතුකුට්ටි ට්‍රාන්ස් ජෙන්ඩර් කෙනෙක්. ඒ කියන්නේ තමන්ට උපතින් ලැබුනු පිරිමි ශරීරය ඇතුලේ ජීවත් වන ගැහැණියක්. පසු කාලීනව ඔහු ශල්‍යකර්මයක් හරහා ශාරීරික වශයෙනුත් කාන්තාවක් බවට පත් වෙනවා.

ඒ තමයි මේරිකුට්ටි.

එහෙම කාන්තාවක් බවට පත්වෙලා පොඩි කාලේ ඉඳන් හිතේ තිබුන තමන්ගේ ඒකායන අරමුණ වෙනුවෙන් සියලු දුක්ඛ දෝමනස්සයන් දරාගෙන මේරි කුට්ටි යන ගමන තමයි මේ චිත්‍රපටියේ තියෙන්නෙ.

මේක ලියන මටත් කියවන ඔබෙටත් වඩා වෙනස් තවත් මනුෂ්‍ය කොට්ටාසයක් ඉන්නවා. සංක්‍රාන්ති ලිංගික⁣යින් කියලා, එහෙම නැත්තන් කටවහරේ විදියට නපුංසක කියන නමෙන් හඳුන්වන්නේ ඒ මනුෂ්‍ය කොට්ඨාස තමයි. සිරකරුවෝද මනුෂ්‍යයෝය වන ලෝකයක සංක්‍රාන්ති ලිංගිකයින්ට ලැබෙන්නේ මනුෂ්‍යත්වය අතික්‍රමණය කල අතිශය අමානුෂික පිළිගැනීමක්.

කෙනෙකුට උපතින් ලැබෙන ලිංගික අනන්‍යතාවයක් තියනවා. වැඩි දෙනෙකුට ඒක ගැටලුවක් නැහැ. නමුත් එක්තරා කොටසක් ඉන්නවා ඔවුන්ට තමන්ගේ උපතින් ලැබුනු ලිංගිකත්වය ගැටලුවක්. ඔවුන් ඒක නිසා අපහසුතාවයට පත්වෙනවා. මොකද ඔවුන්ගේ මනස ක්‍රියා කරන්නේ ශරීරයේ සැකැස්ම අනුව නෙවෙයි. සමාජය ඉදිරියේ විශාල වශයෙන් අපහාසයට ගර්හාවට ලක්වෙන පිරිසක් විදියට මේ සංක්‍රාන්ති ලිංගිකයින්ව හඳුන්වන්න පුලුවන්.

ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් ශල්‍යකර්මයක් හරහා ට්‍රාන්ස් සෙක්ෂුවල් කෙනෙක් බවට පත් වුනාම එයත් අපි වගේ තවත් සාමාන්‍ය ගැහැණියක්, පිරිමියෙක්. ඒ මිනිස්සු නපුංසකයෝ නෙවෙයි. සාමාන්‍ය හැඟීම් දැනීම් තියන අඬන, හිනාවෙන අපි වගේම මිනිස්සු.

මේ චිත්‍රපටියේ කන්සෙප්ට් එක ගොඩාක් අයට ‘දිරවන’ එකක් නෑ කියලා මම දන්නවා. නමුත් මේවා බලන්නම ඕන ෆිල්ම්ස්. අඩු තරමේ තවත් මනුස්සයෙකුට ගෞරවයෙන් සලකන්නේ කොහොමද කියලා ඉගන ගන්න පුලුවන්. මොන තරම් බාධා අභියෝග ආවත් තමන්ගේ ජීවිතේ තමන් බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ඨ කරගන්න උත්ප්‍රේරණයත් සපයන්න මේ වගේ ෆිල්ම්ස් වලට පුලුවන්.
⁣ඇහැට කඳුලු එන සිද්දි බොහොමයි මේ චිත්‍රපටිය ඇතුලේ.

Njan Marrykutti අති මානුෂික කතාවක්. සබ් එක කරගෙන යද්දි ඇස් වලට කඳුලු ආව සිද්ධි සෑහෙන්න තිබුන ෆිල්ම් එකක්. ලොකු ආයාසයකින් කරන්න වුනු උපසිරැසියක්. මොකද සමහර සිදුවීම් ඔබ බලන්නේ එක පාරයි. නමුත් උපසිරැසියක් කරන කෙනෙක් සමහර විට දහපාරකට වඩා එකම ෆ්‍රේම් එක බලනවා. එක පාරක් බලාගෙන ඉන්න අමාරු දර්ශනයක් දෙපාරක් බලනවා කියන්නේ එක අතකින් දඬුවමක්.

කැමති අය මේ චිත්‍රපටිය බලන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නෙ. බලද්දි මුල ඉඳලා අවසානෙට යනකන්ම බලන්න මොකද චිත්‍රපටි පළවෙනි විනාඩියේ ඉඳලා අවසාන විනාඩියට යනකන්ම තියනවා.

මම මේ කරපු සබ් එක පිටිපස්සේ ගොඩක් අය ඉන්නවා. මට යම් අගය කිරීමක්, ගෞරවයක් ලැබෙනවා නම් ඒ ගෞරවය, ඒ අගය කිරීම පීටර් අයියගේ ඉඳලා, සබ් එක සයිට් එකේ අප්ලෝ්ඩ් කරන සහෝදරයගේ ඉඳලා, කවර් ඉමේජ් ඩිසයින් කරන මල්ලිගේ ඉඳලා, අපේ සයිට් එකත් එක්ක වැඩ කරන හැම සහෝදරයෙකුටම සහෝදරියෙකුටම ලැබෙන්න ඕන❤️❤️❤️. මේක ටීම් වර්ක් එකක්. තනියම ගහන්න පුලුවන් ගේම් එකක් නෙවෙයි. එක්කෙනෙක් නැත්තන් තවත් කෙනෙක් පවතින්නේ නැහැ.

චිත්‍රපටි බලන ඔබටත් බලලා අගය කරන ඔබටත් හැමෝටම ස්තූතියි🙏

“කන බොන කෑම සඟවාගෙන කන්න එපා
අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා
අනුවණ කමෙන් පව් සිදු කරගන්න එපා
නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉන්දීවරි හේරත් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉන්දීවරි හේරත්

October 25, 2019


9
Total Subtitles

3 comments

  1. thanx bro sub ekata. jayawewa.

  2. Thanks for sub….(brand babu 2018) Telugu movie eke sub damu bro please……

  3. Thank you nangi,,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login