The title of the page

Charlies Angels 2019 Sinhala Subtitles | සුරදූතියෝ | සිංහල උපසිරැසි සමග

Charlie’s Angels 2019(Charlies Angels 2019 Sinhala Subtitle) කියලා කියන්නෙ Elizabeth B anks විසින් රචනා කරලා අධ්‍යක්ෂය කරපු. Action / Comedy ඝණයට අයිතිවෙන තවත් අපූරු සිනමා නිර්මාණයක්.

ටවුන්සෙන්ඩ් ඒජන්සිය කියන පුද්ගලික රහස් පරීක්ෂක ඒජන්සියක වැඩ කරන. අළුත් පරපුරේ තරුණියන් තුන් දෙනෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නෙ.

ඒ චරිත තුනට රංගණයෙන් දායක වෙන්නෙ,

ක්‍රිස්ට්න් ස්ටීවර්ට්
නයෝමි ස්කොට්
එලා බැලින්ස්කා
කියන රංගණ ශිල්පිණියන්.

මේ චිත්‍රපටිය Charlie’s Angels චිත්‍රපටි එකතුවේ තුන්වෙනි චිත්‍රපටිය විදිහට තමයි එළි දක්වන්නෙ.
මේ චිත්‍රපටියට කලින් මීට අවුරුදු කීපයකට කලින් තවත් චිත්‍රපටි දෙකක් ඇවිත් තියෙනවා.

01). Charlie’s Angels 2000
02).Charlie’s Angels: Full Throttle 2003

මේ තමයි Charlie’s Angels 2019 චිත්‍රපටියට කලින් ආපු චිත්‍රපටි දෙක.
මේ කලින් චිත්‍රපටි දෙකම හැමෝම බලලා ඇති කියලා හිතනවා. ඒක හින්දා ඒවා ගන කියන්න යන්නෙ නෑ.

Charlies Angels 2019 Sinhala Subtitle

මේකෙ ස්ටෝරි එක ගැන බැලුවොත්

කලින් මම කිව්වා වගේම තරුණියන් තුන්දෙනෙක් වටා ගෙතුණු කතාවක් තමයි යන්නෙ.
ජෝන් බොස්ලී’ගෙ නායකත්වයෙන් යුතුවෙන. මේ ඒන්ජල්ස් කණ්ඩායම රියෝ ද ජෙනයිරෝ නුවරදි ජාත්‍යන්තර වංචාකාර ජොනී ස්මිත්ව අල්ලගෙන .
ඇමරිකානු බලධාරීන්ට භාර දෙනවා. ඊට අවුරුද්දකට විතර පස්සෙ, ගොඩක්ම ලොකු සිදිධියක් වෙනවා.
අන්න ඒ සිද්ධියත් එක්ක තමයි මේ හැම දෙයක්ම පට ගන්නෙ.
කතාව ගැන ගොඩක් දේවල් කියන්න ගියොත් බලන්න දෙයක් නැතිවෙන හින්දා. ඒ ගැන කතාව මෙතනින් නතර කරනවා.

මේ චිත්‍රපටියෙ නිෂ්පාදන කටයුතු ගැන හොයලා බැලුවොත්

Sony Pictures Entertainment ආයතනය විසින් 2015 සැප්තැම්බර් මාසයේදි. තවත් Charlie’s Angels චිත්‍රපටියක් නිෂ්පාදනය කරලා කියලා නිවේදනය කරනවා.
Elizabeth Banks මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න කියලා සඳහා සාකච්ඡා කරලා. Brownstone Production එකේ Max Handelman එක්ක චිත්‍රපටය නිෂ්පාදනය කරනවා.
මේ චිත්‍රපටියෙ තිර රචනය ලියන Sony සමාගම 2015 දෙසැම්බර් 16වෙනිදා Evan Spiliotopoulos තෝරගන්නවා.
ඒ වගේම චිත්‍රපටයෙ අධ්‍යක්ෂකවරයා විදිහට Banks නිල වශයෙන් 2016 අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරනවා.

ඡායාරූපකරණය සහ රූගත කිරීම

චිත්‍රපටයෙ ප්‍රධාන ඡායාරූපකරණය 2018 සැප්තැම්බර් 24 වෙනිදා ආරම්භ කරනවා. රූගත කිරීම් 2018 ඔක්තෝබර් 2 වෙනිදා ඉඳන් 7 වෙනිදා වෙනකන් ජර්මනියෙ හැම්බර්ග් වල Elbphilharmonie වල සිදුකරා 2018 දෙසැම්බර් මස මුලදී වැඩිදුර රූගත කිරීම් වලට Spice Bazaar, Veliefendi Race Course සහ Turkey Istanbul.වලදි සිද්ධ වුණා. චිත්‍රපටියෙ රූගත කිරීම් 2018 දෙසැම්බර් 9 වෙනිදා අවසන් වෙනවා.

මංගල තිරගත කිරීම

Charlie’s Angels 2019 නොවැම්බර් මාසෙ 15 වෙනිදා තමයි Columbia Pictures ආයතනයෙන් තිරගත කිරීම ආරම්භ කරන්නෙ. මේ එළිදැක්වීමට කලින් Sony Pictures එකෙන් මේ චිත්‍රපටය IMAX ආකෘතියෙන් තෝරාගත් සිනමාහල්වල තිරගත කරන්න සැලසුම් කරනවා. මුලින්ම මේ චිත්‍රපටය රිලීස් කරන්න හිටියෙ 2019 නොවැම්බර් 1 වෙනිදා උනත් Terminator: Dark Fate චිත්‍රපටිය එක්ක තරඟ කරන එකෙන් වැලකිලා ඉන්න ඕන හින්දා ඒ දිනේ වෙනස් කරනවා.

චිත්‍රපටයෙ පළවෙනි නාට්‍යමය ට්‍රේලරය 2019 ජුනි 27 වෙනිදත්, දෙවන හා අවසාන ට්‍රේලරය 2019 ඔක්තෝබර් 11 වෙනිදත් නිකුත් කරනවා. මේ චිත්‍රපටය නිෂ්පාදනයට Sony එකෙන් මුලින්ම ඩොලර් මිලියන 100 ක් වැය කරන්න අදහස් කරත්, පස්සෙ ඒක ඩොලර් මිලියන 50ක් දක්වා අඩු කරනවා.

Charlies Angels 2019 Sinhala Subtitle

දැන් බලමු පොඩ්ඩක් මේකෙ බොක්ස් ඔෆිස් පැත්ත ගැනත්

හැබැයි ඉතින් ඒ පැත්තෙන් නම් මේක එච්චරම සාර්ථක නෑ කියලා තමයි පේන්නෙ.

2020 පෙබරවාරි 12 වෙනිදා වෙනකොට Charlie’s Angels චිත්‍රපටිය එක්සත් ජනපදය වගේම කැනඩාව තුළ ඩොලර් මිලියන 17.8 වගේම, අනිත් ප්‍රදේශවලින් ඩොලර් මිලියන 53.2 ක ආදායමක් ලබාගෙන ලොවපුරා ඩොලර් මිලියන 71 ක ආදායමක් උපයාගන්න සමත් වෙනවා.

එක්සත් ජනපදයෙදි වගේම කැනඩාවෙදි මේ චිත්‍රපටිය Ford vs Ferrari සහ The Good Lier චිත්‍රපටි එක්ක තමයි තිරගත කරන්නෙ. ඒ වගේම මේකෙ ආරම්භක සති අන්තයේදි සිනමාහල් 3,452 කින් ඩොලර් මිලියන 10-12 අතර ආදායමක් උපයා ගන්න අපේක්ෂා කරලා තියෙනවා. කොහොම උනත් පළවෙනි දවසෙදිම ඩොලර් මිලියන 3.1 ක් උපයා ගත්තට පස්සෙ (බ්‍රහස්පතින්දා රාත්‍රී පෙරදසුනෙන් ඩොලර් 900,000 ක් ද ඇතුළුව) ඩොලර් මිලියන 8.6 ක් දක්වා ඉහළට ගිහින් ආදායම් අතර හුන්වෙනි තැනට මේ චිත්‍රපටිය පත් වෙනවා. හැබැයි කොහොම උනත් දෙවනි සතිය වෙනකොට මේ චිත්‍රපටිය ආදායම් අටවෙනි තැනට වැටෙනවා. තුන්වෙනි තැන හිටපු එකක් අටවෙනි තැනට වැටුණහම හිතන්නකො. දැන් හැමෝම වගේ බලනවා ඇති ඇයි මේකෙ IMDb එක ගැන විස්තර නැත්තෙ කියලා. ඔන්න එහෙනම් ඒක ගැනත් බලමුකො. ගොඩක් අය ඉතින් අනිවාරෙන් බලන දෙයක්නෙ IMDb එක කියන්නෙ. Charlie’s Angels (2019) චිත්‍රපටියට රේටින්ස් අතිනුත් ගොඩක් සාර්ථක වෙන්න පුළුවන් වෙලා නෑ. මේක අරන් තියෙන IMDb අගය තමයි IMDb 4.2 😯

ඔන්න ඕක තමයි Charlie’s Angels 2019 චිත්‍රපටිය ගැන කියන්න තියෙන්නෙ.සමහර දැන් හිතයි අපෝ රේටින්ස් නෑ, වැඩක් නෑ කියලා. එහෙම හිතලා මේක බලන්නෙ නැතුව ඉන්න අනිවා බලන්න. සුපිරිම චිත්‍රපටියක් කියලා බය නැතුව කියන්න පුළුවන්.

එහෙනම් ඉතින් උපසිරසිය බාගෙන චිත්‍රපටිය බලලම ඉන්න.

හැමෝටම ජය ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අකිල මෙනුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අකිල මෙනුක

May 4, 2020


18
Total Subtitles

8 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊

  2. Thanks yeah u too e thx Ela ye

  3. Niyama Ela thanks yeah be pan pluwannam kawuruhari me spycies anime 2019 spycies sub dennko please thanks cool srt

  4. dennatama bohoma sthutiy ……….jayawewa,,,,,,,,,,,,,

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    our comment is awaiting moderation.
    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Thaks for new movies……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login