The title of the page
Jumanji The Next Level 2019 Sinhala Sub
Jumanji The Next Level 2019 Sinhala Sub

Jumanji: The Next Level 2019 Sinhala Subtitles | නැවතත් ජුමන්ජි වෙත |

Jumanji The Next Level 2019 Sinhala Sub

හැමෝටම ආයුබෝවන් කියලා කියලම පටන් ගන්නම්. දැන් නම් හැමෝම දන්නවා ඇතිනෙ දැන් මොකේද මේ උපසිරසිය දෙන්න යන්නෙ කියලා.  ඔව්, ජුමන්ජි එකට තමයි මේ උපසිරසිය දෙන්න ලක ලෑස්තිය.(Jumanji The Next Level Sinhala Sub)

Jumanji Welcome to the jungle චිත්‍රපටියෙන් පස්සෙ හැමෝම ඒකෙ ඊළඟ චිත්‍රපටිය එනකන් මග බලාගෙන ඉන්න ඇතිනෙ. එහෙනම් ඉතින් මේ චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් දැන්ගෙන ඉමු.පොඩි කිව්වට ටිකක් විතර දිගයි.

මේ තමයි Jumanji Official Poster එක

Jumanji The Next Level 2019 Sinhala Sub

ජුමාන්ජි  Jake Kasdan ගේ අධ්‍යක්ෂණයෙන් සහා Columbia Pictures productions සමග. තවත් productions company 4ක් එකතු වෙලා නිර්මාණය කරපු චිත්‍රපටයක් තමයි Jumanji: The Next Level .

ප්‍රධාන චරිතවල් වලට ➡️ Dwayne Johnson

Jack Black
Kevin Hart
Karen Gillan
Nick Jonas
Awkwafina
Alex Wolff
Morgan Turner
Ser’Darius Blain
Madison Iseman
Danny Glover
Danny DeVito
රංගනයෙන් දායක වෙලා තියෙනවා.. මෙන්න මේ විදිහට තමයි මේකෙ Characters Poster එක නිකුත් වෙන්නෙ.

Jumanji The Next Level 2019 Sinhala Sub

Jumanji The Next Level 2019 Sinhala Sub

ජුමන්ජි කියන්නෙ 1981 දී fantasy children’s picture book කියන තේමාව යටතේ publish කරපු book එකක්. Chris Van Allsburg ගේ ලිවීමක්.
මේ පොත ඒ දවස් වල ගොඩක් ජනප්‍රිය වුනා. ඉටපස්සේ 1995 දී මේ පොත base කරගෙන චිත්‍රපටයකුත් තිරගත කරා. චිත්‍රපටයට ලොකු ජයග්‍රහණයකුත් ලැබුනා.

ඊට පස්සෙ 2016 වර්ෂයේ ජුමන්ජි චිත්‍රපටය reboot කරන්න සූදානම් වුනා.
ඒ විදිහටම ඒ දේ කරලා 2017 වර්ෂයේ Jumanji: Welcome to the Jungle. කියන නමින් 2017 දෙසැම්බර් 5වෙනිදා චිත්‍රපටය තිරගත වීමට ආරම්භ වුනා.

Dwayne Johnson සහා Kevin Hart ගේ රංගනය , ඒ වගේම screenplay එක. මේ දෙකම මේ චිත්‍රපටයට ලොකු හයියක් බවට පත් වුනා. හොද ජයග්‍රහණයකුත් ලැබුනා.

දැන් ඒ චිත්‍රපටයේ දෙවනි කොටස තමයි Jumanji: The Next Level කියන ඇවිල්ලා තියෙන්නෙ. මේ චිත්‍රපටිය දෙසැම්බර් 13 වෙනිදා worldwide release වුනා..

පලවෙනි කොටසට වඩා Fantasy එකෙන් ඉහල තැනකට මේ චිත්‍රපටිය ගිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි background places. ගොඩක් අලුත් අලුත් background ටිකක් use කරලා තියෙනවා.

ගොඩක් දුරට මේ චිත්‍රපටය බලන්න කැමති වුනේ Danny DeVito නිසා. 🤫. ඇමරිකන් පරණ දක්ෂ නළුවෙක් තමයි Danny DeVito කියන්නේ..
චිත්‍රපටයේ ආරම්භයේ ඉදන් අවසානය වෙනකන් එයා මේ චිත්‍රපටයේ නැති වුනාට. ආරම්භයේ දී screenplay එකට විනාඩි 10කට විතර එයා ඇතුළත් වෙනවා ,
ඒ විනාඩි 10 උපරිම ඇති ඔහුගේ රංගන හැකියාව පෙන්නුම් කරන්න. ඒ වගේම එයා හිතපු විදිහටම ඒ දේ කරලා තියෙනවා..

ඊටත් වඩා ඉහලින් Dwayne Johnson ගේ රංගනය පෙන්නුම් වෙලා තියෙනවා. ඒකට හේතුව ➡️ Danny DeVito තමයි මේ පාර Dwayne Johnson ගේ ස්වරූපය ගන්නෙ.
වයසක මනුස්සයෙක් කොයි විදිහටද හැසිරෙන්නේ අන්න ඒ විදිහට හොද රංගනයක් පෙන්නුම් කරලා තියෙනවා Dwayne Johnson. ඒක කොයි තරම් සම්පූර්ණ ද කිව්වොත් ➡️ Danny DeVito චිත්‍රපටයේ ආරම්භයේ ඉදන් අවසානය වෙනකන් හිටියා කියන ඒ හැගීම අපිට දැනෙනවා. ❤👌.

Story එක ගොඩක් ඩීප් එකට පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේම open Ending එකක් තමයි දිලා තියෙන්නෙ. සමහරක් විට 2021 වර්ෂයේ තුන් වෙනි කොටස එන්න අවස්ථාවක් තියෙනවා.
අතිදැවැන්ත කම වැඩි නොකර story එකට ලොකු තැනක් දීලා තියෙනවා.. ඒක හැමෝටම ගොඩක්ම හිතට දැනෙයි.

Positive පැත්තෙන් බැලුවොත්

ජුමන්ජි කියන්නෙ අමතක කරන්න බැරි චිත්‍රපටයක්… ඒ තරම් Fantasy චිත්‍රපටයක් තමයි ජුමන්ජි කියන්නෙ. ඒ වගේ Fantasy චිත්‍රපටයක් අතිදැවැන්ත විදිහට reboot කරලා 2017 වර්ෂයේ දී අපිට පෙන්නුම් කලා.
හැබැයි ඊට වඩා තුන් ගුණයක් ඉහලින් Jumanji: The Next Level චිත්‍රපටය ඇවිල්ලා තියෙනවා. ⬇️

දැන් සමහරක් අය කියනවා ඇති 1995 දී ආපු චිත්‍රපටය තරම් ගැම්මක් නෑ බන් දැන් එන චිත්‍රපටයේ කියලා.. reboot කරන චිත්‍රපට වලට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක., හැබැයි ඉතින් අන්න ඒ මතේ ජුමන්ජි චිත්‍රපටි බිඳලා තියෙනවා.

Background content

චිත්‍රපටයට ලැබුනු තවත් ලොකු හයියක්. පලවෙනි කොටසෙන් jungle එක විතරයි අපිට බලා ගන්න පුළුවන් වුනේ. හැබැයි දෙවෙනි කොටසෙන් jungle එක හැර ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්.
සම්පූර්ණයෙන්ම 3D game එකක් ඇතුලේ ඉන්නවා වගේ හැගීමක්., ඒ තරම් Creativity Design එකක් තියෙනවා චිත්‍රපටය ඇතුලෙ.

 

Jumanji The Next Level 2019 Sinhala Sub

Jumanji The Next Level 2019 Sinhala Sub

තවදුරටත්

ඒ වගේම තමයි චිත්‍රපටයේ ආරම්භයේ ඉදන් අවසානය වෙනකන් engaged ව තමයි තියෙන්නෙ.. කිසිම තැනක empty look එකක් ගෑවිලාවත් නෑ.
අපි චිත්‍රපටය බලන් යනකොට පොඩි empty ගතියක් හරි දැනුනොත්, ඒ empty ගතිය emotional නැත්නම් comedy එකෙන් සම්පූර්ණයෙන්ම කවර් කරලා දානවා.,
ඒ නිසා චිත්‍රපටය බලනකොට කම්මැලි ගතියක් දැනෙන්නෙ නෑ.
Full enjoyment එකක් ලැබෙනවා., empty ගතිය කැටගරිස් වලින් විතරක් නෙමෙයි cats වලින් පවා fill up කරලා තියෙනවා.

ඒ වගේම තමයි cats connection එක Dwayne Johnson සහා Kevin Hart අතර ගොඩක් ඩීප් එකට ගිහිල්ලා තියෙනවා. ඒ දේ අපිට පලවෙනි කොටසෙන්ම බලා ගන්න පුළුවන්.
හැබැයි මේ චිත්‍රපටයේ ඒ දේ තවත් ඩීප් එකට පෙන්නුම් කරලා තියෙනවා. Dialogues delivery , body language මේ හැම දේකින්ම ගොඩක් ඩීප් එකට පෙන්නුම් වෙනවා. ඒ නිසා cats connection එකත් ගොඩක් ඉහලින් තිබ්බා.

Cats development

පලවෙනි චිත්‍රපටයේ [ජුමන්ජි එකට ඔයා ඕනේ , ජුමාන්ජි එකට ඔයා ඕනේ] කියලා,
Dwayne Johnson ට තමයි ලොකු තැනක් දීලා තිබ්බෙ. හැබැයි මේ චිත්‍රපටයේ හැම කෙනෙකුටම තනි සහා ලොකු තැනක් දීලා තියෙනවා.
හැම cats එකක්ම ගොඩක් ප්‍රධාන ලෙස පෙන්නුම් වෙනවා. Cats වලට දීලා තියෙන ඒ story එක screenplay එකෙන් උපරිම ලෙවල් එකකින් පෙන්නුම් කරලා තියෙනවා.

Jumanji The Next Level 2019 Sinhala Sub

Screenplay

එක නම් උපරිම හොදට ඇවිල්ලා තියෙනවා. උඩ හරියේ කිව්වා වගේ කිසිම කම්මැලි කමක් දැනෙන්නේ නෑ. Screenplay එකේ නිර්මාණත්මක බව රැදෙන්නෙ ලැබුන missions අනුව. පලවෙනි කොටස වගේම මේ චිත්‍රපටයෙත් mission තුනක් තියෙනවා.
අන්න ඒ mission තුන screenplay එකෙන් පෙන්නුම් කරන විදිහට තමයි , screenplay එකේ නිර්මාණත්මක භවත් පෙන්නුම් වෙන්නෙ
ඒ දේ අධ්‍යක්ෂක වරු Jake Kasdan සහා writer’s Jake Kasdan , Jeff Pinkner , Scott Rosenberg උපරිම හොදට කරලා තියෙන හින්දා.

Karen Gillan ට අපේ රටේ තනි fans base එකක් තියෙනවා නම්.
අනිවාර්යෙන්ම චිත්‍රපටය බලන්න., Karen Gillan ට දුන්න චරිතය එයා උපරිම හොදට කරලා තියෙනවා. ඇක්ෂන් සීන් ඔක්කොම Dwayne Johnson ට වඩා ඉහලින් පෙන්නුම් කරලා තියෙනවා Karen Gillan. ඒ වගේම තමයි රංගනය 👌.

Jack Black ගැන නම් කියන්න වචන නෑ.
මේ චිත්‍රපටයේ screenplay එක ඉදිරියට ගෙනියන්නෙම Jack Black සහා Kevin Hart තමයි. ඒ තරම් සුපිරි රංගනයක් ඒ දෙන්නා ගේ.

Jumanji The Next Level 2019 Sinhala Sub

මේ චිත්‍රපටයේ Negative එක පැත්තෙන් බැලුවොත්

Dwayne Johnson ව ගොඩක් miss කරා. ඒකට හේතුව පලවෙනි චිත්‍රපටයේ තරුණ කොල්ලෙක් Dwayne Johnson ගේ ස්වරූපය ගන්න නිසා. ,
Dwayne Johnson ගේ energy එක උපරිම ඉහලින් පෙන්නුම් වුනා.
හැබැයි මේ පාර නාකියෙක් නිසා Dwayne Johnson ගේ ඒ energy එක බලා ගන්න පුළුවන් වුනේ නෑ. හැබැයි ඒකෙනුත් positive පැත්තක් තියෙනවා ➡️ Dwayne Johnson ගේ රංගන හැකියාව බලා ගන්න පුළුවන් වුනා. ඒ වගේම සීන් එකක් තමයි Kevin Hart ත් තියෙන්නෙ.

ඒ වගේම තමයි චිත්‍රපටයක logic බලන අයට, මේ චිත්‍රපටයෙන් කිසිම විනෝදයක් ගන්න බැරි වෙයි. ඇයි කිව්වොත් logic mistake ගොඩක් තියෙනවා.
හැබැයි මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ගේම් එකක් නිසා අපිට logic content එක හිතලවත් බලන්න බෑ.

මේ ටික තමයි Negative විදිහට බැලුවොත් තියෙන්නෙ.

ඔයා game player කෙනෙක් නම් අනිවාර්යෙන් ම මේ චිත්‍රපටයෙන් ඔයාට full enjoyment එකක් ලබා ගන්න පුළුවන්.
ඇයි කිව්වොත් ඒ තරම් entertainment design එකක් තියෙනවා මේ චිත්‍රපටයෙ. හැබැයි ඔයා None game player කෙනෙක් නම් ඔයාට මේ චිත්‍රපටයෙන් මම උඩ හරියේ කිව්ව Negative විතරක් පෙනෙයි.

එහෙනම් ඉතින් මේ කිව්ව ටික හොඳටම ඇති කියලා හිතනවා.
ඔන්න ඉතින් කාටත් කලින් සිනෙරූ අපි තමයි මුලින්ම උපසිරසිය දෙන්නෙ.
අංජුල සහෝ තමයි මාවත් මේකට ඈදගත්තෙ. එයා නැත්තං මම කොහොමත් මේක ගහන්නෙ නෑ.😂 කොහොම හරි ගොඩක් මහන්සි වෙලා අද මේ උපසිරසිය අරන් ආවෙ ඔයාලා වෙනුවෙන්. උපසිරසිය බාගෙන නිකම්ම යන්න එපා කමෙන්ට් එකක් දාලා යන්න මතක ඇතුව.😉

හැමෝටම ජය 👊

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


79
Total Subtitles

18 comments

  1. Gathsara Umesh
    Cineru_users

    හම්මෝ..මං හිතන්නේ දැන් සිනෙරූ තමයි ලංකවේ ඉක්මනින්ම සබ් දෙන්නේ..ගොඩාක් සතුටුයි..බොහෝම ස්තූතියි..තව ඉස්සරහට මේ වගේම කරම්මූ…

  2. Niyamai supirima supiri 😍😍

  3. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ලිපිය සුපිරියට ලියල තියනව ඈ 👊👊..
    ජය වේවා.!

    • යකෝ මේ සයිට් එක ……..
      එන එන එක පට්ට ඉක්මනින් වැටෙනවනෙ..
      Amazing …………………..
      God bls

  4. තැන්ක්ස් මචො

  5. depalatama sthuthiy … godak loku hadinweemak karala thyenawa = jayawewa………

  6. Thanks rock niyamai thx sub ekata pluwannam species 2019 anime movie sub dennko please

  7. සබට බොහොම ස්තුති සහෝදරයා.ජයෙන් ජයම වේවා.😘

  8. යකෝ මේ සයිට් එක ……..
    එන එන එක පට්ට ඉක්මනින් වැටෙනවනෙ..
    Amazing …………………..
    God bls

  9. Thanks dennatama sub eka wenuwen… Jaya wewa❤❤

  10. ආදරෙයි

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Thaks for new movies……

  12. ස්තූතියි අපේ යාලුවෝ දෙන්නටම..බුදුසරණයි..❤❤❤❤❤❤❤❤❤

  13. එල එල ෆිල්ම් එක බෑව විතරයි බ්‍රෝ , සබ් එක දාල කියල ඇලට් එක ආව මචං. තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට. ජය වේවා 🙏🙏 දිගටම යමු. 😍😍

  14. thanks sub ekata jaya wewa …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login