The title of the page
Night Watch 2004 Sinhala Sub
Night Watch 2004 Sinhala Sub
6.4

Night Watch (2004) Sinhala Subtitles | අඳුරේ හා ආලෝකයේ ගැටුම 20 වෙනි සියවසටත් | සිංහල උපසිරැසි සමඟ (18+)

( Night Watch (2004) Sinhala Sub ) මුලින්ම මම මතක් කරන්නේ මගේ ආදරම ආදරණීය ලක්ශ්මී නෝනව. ඒ කියන්නේ මගේ බිරිඳව. උදේ 6.30ට බස් එකේ නැගලා වැඩට ගිහින්, ආයෙ හවස 6.30ට ගෙදරට ඇවිල්ලා, උයලා, කන්නත් දීලා, තේ ඇති තරම් දීලා, පාන්දර 4ට 5ට රෙදිත් හෝදලා, රෑ පැය දෙකෙන් දෙකට පුතාට කිරිත් දීලා නිදි මරන් ඉඳලත් මේ සබ් ගැහිල්ලට මට වඩා කට්ටක් කන්නේ මගේ ආදරණීය බිරිඳ තමයි ඉතින්. ගොඩක් පිං ඔයාට. ඊලඟට , දවල් රෑ කියලා වෙනසක් නැතුව නොතේරෙන වයසටවත් කිසිම කරදරයක් නොදී හුරතල් ලෝකයක් වෙලා ඉන්න මගේ පණ මගේ සදහම් පුතාටත් ගොඩක් පිං. කරදර කරන දරුවෙක් හිටියා නම් මේ සබ් කෙරුවාව තියා සබක් අල්ලනවත් වෙන්නේ නෑ. දරුවෝ  ඉන්න අයට තේරෙනවනේ ඉතින්!

ඊලඟට අපේ විධායක බොස්, සමිත රමේශ් මල්ලිට ගොඩක්ම ස්තූතියි. මොන මගුලක් ඇහුවත් සල්ලි කපන් කෝල් කරලා හරි හැමදේම කියලා දෙනවා. සබ් විතරක් නෙවෙයි වෙන දෙයක් උනත්. අපේ අංජුල මල්ලී තමයි ඊලඟ, මේ දවස්වල නම් මැසේජක්වත් නෑ. ආයේ විභාගේවත් ලියන්වාදෝ කොහේදෝ? කොහොම උනත් මේ ලස්සන කවරේ හදලා, ඒ වගේම අපිව ෆෝම් කරලා සබ් කරවන කෙනා මෙයා තමයි ඉතින්. ඇයි අර වැනේසට පෙම් කරන චානක තිලංක, ඒ මනුස්සයා එක පාරටම නිහඬයි. හැබැයි මට උදව්වක් ඕනේ උනොත් කොහෙන් මතුවෙලා, කොහොම විසඳන්වද දන්නේ නෑ, සහෝදරයෙක්ට වඩා හොඳ එකෙක්. දේශාන් ආදිත්‍ය පුතා තමයි මාව මේ කඩයිමට ඉක්මනින්ම ලං කරේ. පුතේ ස්තූතියි ඈ. දිගටම කට්ටිය හොල්මන්වෙන ඇනිමේශන් ටිකක් දෙමු නේ? අශාන් මල්ලි කියන්නේ ආතල් ලෝකයක් තමා ඉතින්. අපි එක මැසේජක් යැව්වොත් අපිට පෝලිමට 50ක් විතර එවනවා. පැත්තට බලපුහාම ටිකක් රිතික් රෝශන් වගේත් පේනවා කොල්ලා ! මධුවා, පීටර් අයියා, ඩිවලොපර් මල්ලි සහ කමෙන්ටුවක් ලියපු නොලියපු අපේ සිනෙරූ පවුලටම ගොඩක් පිං ඉතින් ඈ. 

අනිත් වැදගත්ම දේ තමයි අපි සබ් එකක් දුන්නාම ඒකේ අලුත් වෙබ් හෝ බ්ලූරේ කොපියක් ආවාම අපිට කියන්නෙවත් නැතුව අපේ සබ අප්ඩේට් කරනවා අපේ සයිට් එකේ බොස්ලා ටික. ඒ වෙනස් ටයිම් ලයින්වලට ආයේ ඒවා කොපි කරන එකේ කට්ට හැමෝටම තේරෙන්නේ නෑ. ඉතින් අපි මනුස්සකම පිරුනු උපසිරැසි අඩවියක්. මම මේ විශේෂ කඩයිමක් පහුකරන වෙලාවේ ඔයාලගෙන් ඉල්ලන දේ තමයි අපේ සයිට් එක ගැන නොදන්න තුන් දෙනෙකුටවත් අපේ ලින්ක් එක ශෙයාර් කරන්න. ඒ ශෙයාර් කලාට පස්සේ කමෙන්ටුවක් ලියලා යන්න හරි අයියේ ඕං ශෙයා කරෝ කියලවත්. අනික ෆේස්බුක් එකේ අපේ පෝස්ට් එකක් දුටු තැන ශෙයාර් කරන්න. අපිට ටිකක් ඔලුව උස්සන්න පුලුවන් උනොත් ඉතින් ඒක ඔයාලටත් හොඳයිනේ. අපිට මේ කරන වැඩෙන් සල්ලි ලැබෙනවා කියලා සමහරු හිතන් ඉන්නවා. ඒත් කිව්වම මොකද, සතයක්වත් නෑ. අපේ ඩේටා බිල ගෙවාගෙන, ඩේටා කපාගෙන, රෑට නිදි මරාගෙන, විස්තර හොයාගෙන, මෙහෙම සබ් දෙන්නේ විනෝදෙට විතරමයි. කිසිම ආදායමක් නෑ අපිට මේ කෙරුවාවෙන්. මේ වෙලාවෙත් හරියටම රෑ 12.04යි වෙලාව. ඕං ඔහොමයි මේ සබ් ගහන්නේ අපි.

අපේ ටොප් ලෙවල් එකේ ඉන්න හශාන් සහෝ ඊමේල් එව එවා අහනවා විස්තර. ඉතින් මල්ලී මේ කඩයිමේ වෙන පොරොන්දුවක් මේක. ඔයා හොඳට හිතලා එක ෆිලුමක් කමෙන්ට් කරන්න. මං සබ දෙනවා ඒකට සතියක් ඇතුලත. ඒ වගේම කාන්ත ඩී එල් ඒ, සස්සා, අරවින්ද, වේනොම්, අයාන්, ඉශාන්, ආකාශ්, කාවින්ද, බන්දුල ඉන්ද්‍රසේන, තරිඳු, ඩ්ලා, ප්‍රසාද්, ඉසිරජනිත් ඇතුලු නම් නොකියවුනත් කමෙන්ටුවක් ලිව්ව හැම කෙනාටම බොක්කෙන්ම ස්තූතියි. මොකද මේ කඩයිමට ආවේ ඔයාලගේ තල්ලුවෙන් තමයි ඉතින්.
👉ඔන්න ඉතින් මං සිංහල උපසිරැසි ශතකය ගැහුවා. අදට 100යි ඉතින් උදව් කරපු හැමෝටම ගොඩක් පිං!👈
හරිම අමාරුව්න්, මහන්සියෙන් ආසාවෙන් කරපු, කරන වැඩක් ඉතින් මේ. අද අරන් එන්න හිටියේ වෙන එකක්. ඒත් හදිසියේම ඒකට වෙන සයිට් එකක සබ දීලා. අංජුල මල්ලි එක්ක පොඩි රුසියන් කතාවක් ඇදිලා තමයි මට මේ ෆිලුම අහු උනේ. මේකේ දෙවනි කොටසකුත් තියෙයි. ඒකත් දෙන්නම්. ශතවර්ෂ ගණනාවක් තිස්සේ සටන් කිරීමෙන් පස්සේ, නයිට් වොච් කට්ටිය එක්ක ඩේ වොච් කට්ටිය ගැටුමක් ඇතිවෙනවා. ඒක ඉවර කරන්න ගිවිසුමක් ගහනවා. ඒත් නයිට් වොච් එකේ කෙනෙක් හින්දා ලොකු සිද්ධියක් වෙනවා. මොකක්ද වෙන්නේ කියලා ඔයාලාම බලන්න. ඒ වගේම 2004 හදපු රුසියන් ෆිලුමක් ගැන හිතද්දී මේකේ ග්‍රැෆික් එහෙම නියමයි ඉතින්. මේක 18+ කියලා තිබ්බට සුපිරි කතාවක්. මම නම් කියන්නේ අලුත් ලෝකේ අනවශ්‍ය නීතී නොදාගෙන ඉන්න දෙමව්පියෝ ඉන්නවා නම් මේ ෆිලුම අරන් බලන්න. දරුවන්ටත් දෙන්න. අපිට කොහේහරි පාර්ක් එකකට ගියත් මීට වඩා ජරා දේවල් පේනවා. මේකේ තියෙන පොඩි කොටස් කීපය ෆිල්ම් එකට ඕනෙම නිසා දාලා තියෙන්නේ. පොඩ්ඩක් සංකීර්ණ වචන එහෙම තියෙයි. ගනන් ගන්න එපා. මම උත්සාහ කරන්වා රුසියන් ෆිල්ම් ටිකක් වැඩියෙන් අරන් එන්න. ඒවා මරු. අනික 2021දීත් එන්න තියෙනවා සුපිරි ෆිලුම් ටිකක් ඈ. ස්නයිඩර් කට් එක එහෙම!
ඔයාලා බලන්න මම අපේ හැම සබකටම බේධයකින් තොරව කමෙන්ටුවක් ලියන්වා. ඒ ඕකේ අමාරුව දන්න නිසයි. මගේ ඒවට දාන හැම එකකටම රිප්ලයි එකක් එවනවාමයි. ඉතින් මට කියන්න තියෙන දේවල් 👉 මෙතනින් හෝ 👉 මෙන්න මෙතනින් ඇවිල්ලා කියන්න. රිප්ලයි එවනවාමයි මම. ඊට අමතරව මම සිනෙරූ එකේ දෙන ට්‍රේලර් දාන යූ ටියුබ් චැනල් එකක් කරනවා. ඒකට 👉 මෙතන ක්ලික් කරාම 👈 යන්න පුලුවන්. ගිහින් බලලා කමෙන්ටුවක් තියලා යන්න. ඊලඟට එන උපසිරසියේ ට්‍රේලර් එකක් තියෙනවා 🐋 මේං මෙතන ඒකත් අරන් බලන්න. ඒ සිරීස් එකේ එපිසෝඩ් 3යි තව තියෙන්නේ. මේ සති දෙක ඇතුලත ඉවර කරන්නම් ඒකත්. මම භාර අරන් මග නැවතුනු ඔක්කොම සීරීස් ටික දෙන්නම් මේකෙන් පස්සේ. එහනම් ඔන්න මම 100!යි. කාවහරි, මොනවාහරි අමතක උනා නම් සමාවෙන්න. හැමෝටම බුදු සරණයි, සදහම් සරණයි, සඟ සරණයි කියන ගමන්; දැන් රජයවත්, විපක්ශෙවත්, උන්ට කඩේ යන එවුන්ටවත් අපිව නොපෙනෙන නිසා කොවිඩ් 19න් බෙරිලා ඉමු. සල්ලී කවදාහරි හොයාගතගහැකි. ජීවිතේ එහෙම බෑ. ‘ආරෝග්‍යා පරමා ලාභා’ කියලා බුදු හාමුදුරුවෝ කියලා තියෙයිනේ. අපි රැකෙමු. එච්චරයි. එහෙනම් කොල්ලෝ ඕං මං යනවා.
✒ දර්ශන හෙට්ටිවත්ත
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

28 comments

  1. 100 වෙනි උපසිරැසි ගැන්වීමට සුබ පැතුම් අයියා..❤️

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හම්මේ ඉතිං ගොඩක් පි පොඩි බොස්!

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ******************************
    මාර කවරයක්. පට්ටයි. කිසිම අඩුවක් නෑ. හැමදේම හරියටම දාලා. මට මේ 100 කඩයිමට එන්න උදව් කරපු හැමෝටම ගොඩක් පිං. මේ වෙනකල් ලියපු ලිපිවලින් හෝ වෙන දේකින් හිත රිදුනා නම් සමාවෙන්න. ඕනේම දෙයක් බය නැතුව කමෙන්ට් කරන්න. බයිනවා නම් බයින්න, වැරදි කියන්න. එහෙනම් ආයේ 150 දී දෙන්නම් විශේෂ එකක්. එතකන් ටීවී සීරීස් ගොඩක් තියෙයි හිරවෙලා. ඒ ටික දෙන්නම්. හැමෝටම ගොඩක් ස්තූතියි.
    ******************************

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    සුබ පතනවා සහෝ 100වෙනි සබ් එකට.! හොඳ ෆිල්ම්වලට උපසිරසි දෙන්න දිගටම..
    Thank you සබ් එකට……👍

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ගොඩක් පිං සහෝ

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      බොහෝම ස්තූතියි සහෝ 🌻

  4. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    100 ට සුභ පැතුම් අයියා , අපේ සෙට් එකේ ඉක්මනටම 100 කඩයිමට ආවෙ ඔයා , එච්චර ඉක්මනට ආව වගේම සබ් වලත් කියන්න අඩුපාඩුවක් නෑ ඒ තරම් කොලිටි , ඉතිං මෙච්චරයි ඉල්ලන්න තියෙන්නෙ සිනෙරූ කියන්නෙ අපේ පවුල මගේ පවුල කවදාවත් මේක දාල යන්න හිතන්නවත් එපා, හැමදාමත් අපිත් එක්ක මේ වගේ දිගටම සබ් කරමු …. ඊලඟට 200 ගහමු ඉක්මනටම ❤️❤️😍❤️❤️🔥👍

    ආයෙත් සැරයක් සුභ පැතුම් 100 ට ❤️🔥😍👍👍❤️❤️❤️

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අම්මෙ චූටියෝ, ඔයාලගේ සුපිරි බැකප් එක තමයි ඉතින්. ඔයාලා ටික නැත්නම් මං කොහෙන්ද? අනිවා කවදාවත් මේ පවුල නම් දාලා යන්නේ නෑ චූටියෝ. ඔයා මට මගේම මල්ලි වගේ. ස්තූතියි බොක්ක

  5. චානක තිලංක

    සුභ පැතුම් 100 වෙනි සබ් එකට සබ් එක ගැන කියන්න වචන නෑ ඒ තරම් සුපිරියටම සබ හදලා තියෙනවා මරු ආ දිගටම සිනෙරු පවුලත් එක්ක වැඩ කරගෙන යමු. 👍👍👊👊👌👌👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙌

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ආ සානක කෝ අර කොල මුද්දේ හාදයා?? ස්තූතියි බං උඹ සහෝදරයා වගේ මට උදව්වක් ඕනේ නම් කොහෙන් හරි මතුවෙන එකට

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි කාන්ත සහෝ

  7. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    100👊 supiri bro thanks Elama 💞

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි ඉසිර. ඔයාගේ ඉල්ලිමක් ලඟදීම දෙනවා

  8. 100 වෙනි උපසිරැසියට මගෙන් සුභ පැතුම් සහෝ ඕහෝම්ම ඉක්මනටම 150ත් ගහමු.වැඩි වැඩියෙන් තව ෆිල්ම් ටීවී සිරිස් අපිට ගෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා💪

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      සස්සා ගොඩක්ම ස්තූතියි බං කමෙන්ටුවට.

  9. ෂා..මාර ස්පීඩ් 100 ගැහුවනෙ.සුභ පැතුම් අයියේ..ජයග්‍රාහී උපසිරැසි ගමනක් ඉස්සරහටත් යන්න ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..දිගටම සබ් දෙමු..

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අන්න හරි, ඕං ආවා සීනියර් බොස් කෙනෙක්. සතුටුයි. ස්තූතියි මල්ලී 🌻🌻🌻

  10. thanks for sub

    request-

    The Last House on the Left 2009

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හරි සහෝ ඔන්න මම ලිස්ට් එකට දාගත්තා. ඉල්ලීම් පිළිවෙල අනූව දෙන්නම්. මේක මම කැමති විදිහේ එකක්. හරි එහෙනම් ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login