The title of the page
My Neighbor Totoro (1998) Sinhala Sub
My Neighbor Totoro (1998) Sinhala Sub
8.4
94
94

My Neighbor Totoro (1998) Sinhala Subtitles | මගේ අසල්වැසි ටොටොරො | සිංහල උපසිරැසි සමඟ

(My Neighbor Totoro (1998) Sinhala Sub) My Neighbor Totoro (මගේ අසල්වැසි ටොටොරො) කියන්නෙ 1988දි කරපු Studio Ghibil(Grave of The fireflies හැදුවෙ, අන්න එයාලා)ගෙ තවත් එක්තරා විශිෂ්ට කාටුන් නිර්මාණයෛ. මේ කතාව පුරාවටම තියෙන පසුතල සේරම අතින් තමා ඇඳලා තියෙන්නෙ. හයාවෝ මියසාකි මහත්මයා තමයි මේ කතාව ලියලා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. මේකට පාදකවෙලා තියෙන්නෙ ඔහු උපන් ගමේ දැරිවියන් දෙදෙනෙකුට සිද්ධ වුණ අවාසනාවන්ත ඉරණමක් කියලත් සමහරු කියනවා. කොහොමහරි මේ කතාව පුරාම පෙන්වන පසුතල මියසාකිගෙ උපන් ගමේ ඇත්තටම තියෙන තැන්.

පුංචි ගෑණු ළමයි දෙන්නෙක් දුෂ්කර ගමකට එනවා එයාලගෙ තාත්තත් එක්ක. එයාලගෙ අම්මා පරම්පරාවෙන් එන ස්නායු ආබාධයක් නිසා රෝහල්ගත වෙලයි ඉන්නෙ. ඉතින් මෙයාලා ගමේ තියෙන ගරා වැටුණ ගෙදරක පදිංචි වෙනවා. මෙයාලට මේ ගමේදි අරුම පුදුම යාලුවො කිහිපදෙනෙක්ව හමුවෙනවා. එතනින් එහාට වෙන දේ ඔයාලා කතාව බලලම දැනගන්න.

My Neighbor Totoro කියන්නෙ 1988දි සහ අදටත් ජපානයේ බිහිවුණ හොඳම ඇනිමෙ චිත්‍රපට වලින් එකක්. මේක ඇමරිකාවෙ තිරගත කරනකොට මේකෙ තියෙන පවුලේ හැමෝම එකට නාන දර්ශනය ඉවත් කරලා තියෙනවා ඒක ඇමරිකාවෙ ළමයින්ට නුසුදුසුයි කියලා. ඒත් ඒ සාමාන්‍ය ජපන් පවුලක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. පොදුවේ ළමා සහ වැඩිහිටි ඕනම කෙනෙක්ට රසවිඳින්න පුළුවන් කතාවක්. මතුපිටින් පේන සුරංගනා කතාවට අමතරව වැඩිහිටියන්ට ලොකු පණිවිඩයක් දෙනවා ළමයින්ට අවධානය ‍යොමු කළ යුතු විදිහ ගැන. ඔයාලා අවධානයෙන් කතාව බැලුවනම්…

!!!SPOILER ALEART !!!
ටොටොරො කියන්නෙ මරණය සම්බන්ධ රුක් දෙවියෙක් බවත්, ඔහු ළමයින් හමුවට එන්නෙ ළමයින්ට අනතුරකට නිරාවරණය වුණ වෙලාවලට බවත් වැටහේවි. ඒ වගේම මම කලින් සඳහන් කරපු, මියසාකිගෙ ගමේ දැරිවියො දෙන්නෙක්ට අත් වුණා කියන අවාසනාවන්ත ඉරණම තමයි ඒ ළමයි දෙන්නා පොකුණක ගිලිලා මියයෑම. නිර්මාණ කරුවන් මේ කිසිවක් තවම තහවුරු කරලා නැති වුණත්, ප්‍රේක්ෂකයො විසින් අවසන් දර්ශන වලදි මෙයි සහ සෙත්සුකෝගෙ සෙවණැලි නොපෙන්වීම ගැන විවිධ ප්‍රශ්න මතුකරනවා. ඒක ගැන හිතන එක ඔයාලට බාරයි. සිනෙරු උපසිරැසි අඩවියේ සහෝදර සහෝදරියන් සියලූම දෙනාවත් මතක් කරන ගමන්, මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා තියෙන අඩුපාඩු කමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඔයාලට සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හර්ෂණ චමෝද් රත්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හර්ෂණ චමෝද් රත්නායක

November 9, 2020


6
Total Subtitles

8 comments

  1. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela patta

  2. Supiri….😍😍😍

  3. Sub eka supiri… Digatama karagena ymu wade.. Good luck saho.. Sub ekt thanx❤️

  4. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    පළවෙනි සබට උනුසුම් සුභ පැතුම් සහෝ. දිගටම යං

  5. Tonori no Totoro

    Arigatou Gosaimashita

    tawa japan Film karanna Ongaishimasu!!!

  6. Tawa Japan Film karanna Onegai

  7. Tonori No totoro

    Arigathou Goasimasgita

    Tawa japan film karanna onegaishimasu!!!

  8. thank u

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login