( Night Watch (2004) Sinhala Sub ) මුලින්ම මම මතක් කරන්නේ මගේ ආදරම ආදරණීය ලක්ශ්මී නෝනව. ඒ කියන්නේ මගේ බිරිඳව. උදේ 6.30ට බස් එකේ නැගලා වැඩට ගිහින්, ආයෙ හවස 6.30ට ගෙදරට ඇවිල්ලා, උයලා, කන්නත් දීලා, තේ ඇති තරම් දීලා, පාන්දර 4ට 5ට රෙදිත් හෝදලා, රෑ පැය දෙකෙන් දෙකට පුතාට කිරිත් දීලා නිදි මරන් ඉඳලත් මේ සබ් ගැහිල්ලට මට වඩා කට්ටක් කන්නේ මගේ ආදරණීය බිරිඳ තමයි ඉතින්. ගොඩක් පිං ඔයාට. ඊලඟට , දවල් රෑ කියලා වෙනසක් නැතුව නොතේරෙන වයසටවත් කිසිම කරදරයක් නොදී හුරතල් ලෝකයක් වෙලා ඉන්න මගේ පණ මගේ සදහම් පුතාටත් ගොඩක් පිං. කරදර කරන දරුවෙක් හිටියා නම් මේ සබ් කෙරුවාව තියා සබක් අල්ලනවත් වෙන්නේ නෑ. දරුවෝ ඉන්න අයට තේරෙනවනේ ඉතින්!
ඊලඟට අපේ විධායක බොස්, සමිත රමේශ් මල්ලිට ගොඩක්ම ස්තූතියි. මොන මගුලක් ඇහුවත් සල්ලි කපන් කෝල් කරලා හරි හැමදේම කියලා දෙනවා. සබ් විතරක් නෙවෙයි වෙන දෙයක් උනත්. අපේ අංජුල මල්ලී තමයි ඊලඟ, මේ දවස්වල නම් මැසේජක්වත් නෑ. ආයේ විභාගේවත් ලියන්වාදෝ කොහේදෝ? කොහොම උනත් මේ ලස්සන කවරේ හදලා, ඒ වගේම අපිව ෆෝම් කරලා සබ් කරවන කෙනා මෙයා තමයි ඉතින්. ඇයි අර වැනේසට පෙම් කරන චානක තිලංක, ඒ මනුස්සයා එක පාරටම නිහඬයි. හැබැයි මට උදව්වක් ඕනේ උනොත් කොහෙන් මතුවෙලා, කොහොම විසඳන්වද දන්නේ නෑ, සහෝදරයෙක්ට වඩා හොඳ එකෙක්. දේශාන් ආදිත්‍ය පුතා තමයි මාව මේ කඩයිමට ඉක්මනින්ම ලං කරේ. පුතේ ස්තූතියි ඈ. දිගටම කට්ටිය හොල්මන්වෙන ඇනිමේශන් ටිකක් දෙමු නේ? අශාන් මල්ලි කියන්නේ ආතල් ලෝකයක් තමා ඉතින්. අපි එක මැසේජක් යැව්වොත් අපිට පෝලිමට 50ක් විතර එවනවා. පැත්තට බලපුහාම ටිකක් රිතික් රෝශන් වගේත් පේනවා කොල්ලා ! මධුවා, පීටර් අයියා, ඩිවලොපර් මල්ලි සහ කමෙන්ටුවක් ලියපු නොලියපු අපේ සිනෙරූ පවුලටම ගොඩක් පිං ඉතින් ඈ.
අනිත් වැදගත්ම දේ තමයි අපි සබ් එකක් දුන්නාම ඒකේ අලුත් වෙබ් හෝ බ්ලූරේ කොපියක් ආවාම අපිට කියන්නෙවත් නැතුව අපේ සබ අප්ඩේට් කරනවා අපේ සයිට් එකේ බොස්ලා ටික. ඒ වෙනස් ටයිම් ලයින්වලට ආයේ ඒවා කොපි කරන එකේ කට්ට හැමෝටම තේරෙන්නේ නෑ. ඉතින් අපි මනුස්සකම පිරුනු උපසිරැසි අඩවියක්. මම මේ විශේෂ කඩයිමක් පහුකරන වෙලාවේ ඔයාලගෙන් ඉල්ලන දේ තමයි අපේ සයිට් එක ගැන නොදන්න තුන් දෙනෙකුටවත් අපේ ලින්ක් එක ශෙයාර් කරන්න. ඒ ශෙයාර් කලාට පස්සේ කමෙන්ටුවක් ලියලා යන්න හරි අයියේ ඕං ශෙයා කරෝ කියලවත්. අනික ෆේස්බුක් එකේ අපේ පෝස්ට් එකක් දුටු තැන ශෙයාර් කරන්න. අපිට ටිකක් ඔලුව උස්සන්න පුලුවන් උනොත් ඉතින් ඒක ඔයාලටත් හොඳයිනේ. අපිට මේ කරන වැඩෙන් සල්ලි ලැබෙනවා කියලා සමහරු හිතන් ඉන්නවා. ඒත් කිව්වම මොකද, සතයක්වත් නෑ. අපේ ඩේටා බිල ගෙවාගෙන, ඩේටා කපාගෙන, රෑට නිදි මරාගෙන, විස්තර හොයාගෙන, මෙහෙම සබ් දෙන්නේ විනෝදෙට විතරමයි. කිසිම ආදායමක් නෑ අපිට මේ කෙරුවාවෙන්. මේ වෙලාවෙත් හරියටම රෑ 12.04යි වෙලාව. ඕං ඔහොමයි මේ සබ් ගහන්නේ අපි.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
April 19, 2020
100 වෙනි උපසිරැසි ගැන්වීමට සුබ පැතුම් අයියා..❤️
හම්මේ ඉතිං ගොඩක් පි පොඩි බොස්!
******************************
මාර කවරයක්. පට්ටයි. කිසිම අඩුවක් නෑ. හැමදේම හරියටම දාලා. මට මේ 100 කඩයිමට එන්න උදව් කරපු හැමෝටම ගොඩක් පිං. මේ වෙනකල් ලියපු ලිපිවලින් හෝ වෙන දේකින් හිත රිදුනා නම් සමාවෙන්න. ඕනේම දෙයක් බය නැතුව කමෙන්ට් කරන්න. බයිනවා නම් බයින්න, වැරදි කියන්න. එහෙනම් ආයේ 150 දී දෙන්නම් විශේෂ එකක්. එතකන් ටීවී සීරීස් ගොඩක් තියෙයි හිරවෙලා. ඒ ටික දෙන්නම්. හැමෝටම ගොඩක් ස්තූතියි.
******************************
සුබ පතනවා සහෝ 100වෙනි සබ් එකට.! හොඳ ෆිල්ම්වලට උපසිරසි දෙන්න දිගටම..
Thank you සබ් එකට……👍
ගොඩක් පිං සහෝ
බොහෝම ස්තූතියි සහෝ 🌻
100 ට සුභ පැතුම් අයියා , අපේ සෙට් එකේ ඉක්මනටම 100 කඩයිමට ආවෙ ඔයා , එච්චර ඉක්මනට ආව වගේම සබ් වලත් කියන්න අඩුපාඩුවක් නෑ ඒ තරම් කොලිටි , ඉතිං මෙච්චරයි ඉල්ලන්න තියෙන්නෙ සිනෙරූ කියන්නෙ අපේ පවුල මගේ පවුල කවදාවත් මේක දාල යන්න හිතන්නවත් එපා, හැමදාමත් අපිත් එක්ක මේ වගේ දිගටම සබ් කරමු …. ඊලඟට 200 ගහමු ඉක්මනටම ❤️❤️😍❤️❤️🔥👍
ආයෙත් සැරයක් සුභ පැතුම් 100 ට ❤️🔥😍👍👍❤️❤️❤️
අම්මෙ චූටියෝ, ඔයාලගේ සුපිරි බැකප් එක තමයි ඉතින්. ඔයාලා ටික නැත්නම් මං කොහෙන්ද? අනිවා කවදාවත් මේ පවුල නම් දාලා යන්නේ නෑ චූටියෝ. ඔයා මට මගේම මල්ලි වගේ. ස්තූතියි බොක්ක
❤️🔥😍
🌻🌻🌻
Thanks jayawewa….!
ස්තූතියි සහෝ 🌻
සුභ පැතුම් 100 වෙනි සබ් එකට සබ් එක ගැන කියන්න වචන නෑ ඒ තරම් සුපිරියටම සබ හදලා තියෙනවා මරු ආ දිගටම සිනෙරු පවුලත් එක්ක වැඩ කරගෙන යමු. 👍👍👊👊👌👌👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙌
ආ සානක කෝ අර කොල මුද්දේ හාදයා?? ස්තූතියි බං උඹ සහෝදරයා වගේ මට උදව්වක් ඕනේ නම් කොහෙන් හරි මතුවෙන එකට
👍👍👍🔥
tnx bn
100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ස්තූතියි කාන්ත සහෝ
100👊 supiri bro thanks Elama 💞
ස්තූතියි ඉසිර. ඔයාගේ ඉල්ලිමක් ලඟදීම දෙනවා
Thanks aiye
🌻🌻🌻
100 වෙනි උපසිරැසියට මගෙන් සුභ පැතුම් සහෝ ඕහෝම්ම ඉක්මනටම 150ත් ගහමු.වැඩි වැඩියෙන් තව ෆිල්ම් ටීවී සිරිස් අපිට ගෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා💪
සස්සා ගොඩක්ම ස්තූතියි බං කමෙන්ටුවට.
ෂා..මාර ස්පීඩ් 100 ගැහුවනෙ.සුභ පැතුම් අයියේ..ජයග්‍රාහී උපසිරැසි ගමනක් ඉස්සරහටත් යන්න ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..දිගටම සබ් දෙමු..
අන්න හරි, ඕං ආවා සීනියර් බොස් කෙනෙක්. සතුටුයි. ස්තූතියි මල්ලී 🌻🌻🌻
thanks for sub
request-
The Last House on the Left 2009
හරි සහෝ ඔන්න මම ලිස්ට් එකට දාගත්තා. ඉල්ලීම් පිළිවෙල අනූව දෙන්නම්. මේක මම කැමති විදිහේ එකක්. හරි එහෙනම් ස්තූතියි