The title of the page
3.9
82

NGK (2019) Sinhala Subtitles | N.G.K පාලනය | සිංහල උපසිරැසි සමග |

මැයි මස 31වෙනිදා release වුන NGK චිත්‍රපටය, box office එකෙන් 4 වෙනි ස්ථානයේ ඉන්නවා.

මේ අවුරුද්ද පටන් අරන් මාස හයක් ඉවරයි, ඉතින් මේ මාස හය තුළ, ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙක් වෙන් සූර්යාගේ NGK චිත්‍රපටය release වුනා, ඉතින් එයා ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙක් නිසා,මේ මාස හයේ box office වාර්තා වලින්, NGK චිත්‍රපටය ස්ථානයක් ලබාගෙන තියෙනවා.

සූර්යාගේ රංගනයෙන් සහා සෙල්වරාගවන් අධ්‍යක්ෂණයෙන් මැයි මස 31වෙනිදා තිරගත වුන චිත්‍රපටයක් තමයි NGK. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සූර්යා. ඒ වගේම ගොඩක් ජනප්‍රිය තරු, මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
උදාහරණයක් ලෙස, සායි පල්ලවි, මාරි 2 චිත්‍රපටයෙන් දෙමල සිනමාවට ඇතුල් වුන සායි පල්ලවි. ආයේ NGK චිත්‍රපටයෙන්, දෙමල සිනමාවට ඇතුල් වෙලා තියෙනවා. ඒ වගේම දැන් දෙමල සිනමාවේ සහා තෙලුගූ සිනමාවේ ජනප්‍රිය නිලියක් වෙන. Rakul Preet Singh මේ චිත්‍රපටයේ, ලොකු චරිතයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඉතින් මේ දේ නිසාම NGK චිත්‍රපටයට, ටැමිල් නාඩු ජනතාව ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ.
හැබැයි ටැමිල් නාඩු ජනතාව බලාපොරොත්තු වුන තරම් චිත්‍රපටය ඇවිල්ලා තිබුනේ නෑ. දවස් 25ක් තිරගත වුනාට, ජනතාව අතර ජනප්‍රිය වුනේ නෑ මේ චිත්‍රපටය. ඒකට හේතුව මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරු සෙල්වරාගවන්. එයාගේ චිත්‍රපටයක් තේරුම් ගන්න අවුරුදු 5ක් වත් යනවා.
හැබැයි ගොඩක් අර්ථවත් කතා. තේරුම් ගන්න තමයි කල් යන්නේ. උදාහරණයක් ලෙස කිව්වොත්, පුදුපේට්ටයි 2006 තිරගත වුන චිත්‍රපටයක්, හැබැයි එ දවස් වල ඒ චිත්‍රපටය ජනප්‍රිය වුනේ නෑ. හැබැයි දැන් ඒ චිත්‍රපටයට ලොකු ජනප්‍රිය කමක් තියෙනවා. ඒ වගේම තමයි සූර්යාගේ මල්ලි වන කාර්තිගේ රංගනයෙන් දායක වෙලා, 2010 තිරගත වුන ආයිරත්තිල් ඔරුවන් චිත්‍රපටය, එ දවස් වල මේ චිත්‍රපටයේ අර්ථය මොකක්ද කියලා කාටත් තේරුම් ගන්න බැරි වුනා, එ නිසාම එ චිත්‍රපටය හිතපු තරම් ජයග්‍රහණයක් ලැබුනේ නෑ. හැබැයි දැන් 2019 වර්ෂයේ නැවත තිරගත වුන චිත්‍රපටි වලින්, දෙවෙනි ස්ථානය එ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට සෙල්වරාගවනගේ චිත්‍රපටයක් තේරුම් ගන්න අඩුම ගානේ අවුරුදු 5ක කාල සීමාවක් ඕන වෙනවා. හැබැයි අනිවාර්යෙන්ම ලොකු අර්ථයක් තියෙනවා හැම චිත්‍රපටයකම.

ඉතින් මේ NGK චිත්‍රපටයත් ජනප්‍රිය වුනේ නැත්තේ මේ හේතුව නිසා. හැබැයි box office එකේ ස්ථානයක් ගන්න හේතුව, සූර්යාගේ රංගනය, සෙල්වරාගවන්, රංගනය බැරි කෙනෙක්ට වුනත්, රංගන හැකියාවක් දෙන්න පුළුවන් කෙනෙක්. ඒකට උදාහරණයක් ලෙස, පුදුපේට්ටයි, ආයිරත්තිල් ඔරුවන් චිත්‍රපටි දෙකෙම ගන්න පුළුවන්. පුදුපේට්ටයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඇවිල්ලා ධනුෂ් කරේ, ඒ චිත්‍රපටයේ ධනුෂ් පෙන්නුම් කරපු රංගනය ගැන අදටත් ටැමිල් නාඩු ජනතාව කතා කරනවා. ඒ වගේම තමයි ආයිරත්තිල් ඔරුවන් චිත්‍රපටයේ කාර්තිගේ රංගනය, ඒ චිත්‍රපටයෙන් තමයි කාර්ති ඉන්දියන් සිනමාවේ තරුවක් වුනේ, ඉතින් මේ විදිහට තමයි NGK චිත්‍රපටයේ සූර්යාගේ රංගනය ගැන ගොඩක් දෙනෙක් කතා කරා. හැබැයි ඒ නිසා NGK චිත්‍රපටයට ලොකු ජයග්‍රහණයක් ලැබුනේ නෑ, කොච්චර සූර්යා හොඳ රංගනයක් ඉදිරිපත් කලත්. ඒ රංගනය ඇයි පෙන්නුම් කරන්නේ කියලා අර්ථය, කාටත් තේරුම් ගන්න බැරි වුනා. ඒ වගේම සූර්යා ඇයි මේ වගේ චිත්‍රපටයක් තෝර ගත්තේ කියලා, ගොඩක් දෙනෙක් ට ඒක ලොකු පේලිකාවක් වුනා. ඇයි කිව්වොත්, පුදුපේට්ටයි, ආයිරත්තිල් ඔරුවන්, මේ චිත්‍රපටි දෙක, ධනුෂ් ,කාර්ති ට ලැබුන ලොකු අවස්ථාවක්, ඒකට හේතුව ඒ දවස් වල ධනුෂ්, කාර්ති මේ දෙන්නම ඉන්දියන් සිනමා ලෝකේට අලුත්. තම තමන්ට කියලා සිනිමා ලෝකෙන් මාර්ගයක් අදන ගමන් හිටියේ. හැබැයි සුර්යා ලොකු ජනප්‍රිය නළුවෙක් ඉන්දියන් සිනමාවේ , ඒ වගේම ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා, කන්නඩා, තෙලිඟු, ටැමිල් නාඩු, මේ පැති තූනේම ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා සුර්යාට. සර්කාර් චිත්‍රපටයෙන් විජයිට ලැබුන පිලිගැනීම, විස්වාසම් චිත්‍රපටයෙන් අජිත්ට ලැබුන පිලිගැනීම වගේම, ලොකු පිළිගැනීමක් NGK චිත්‍රපටයෙන් සුර්යාට ලැබුනා. ඒකට හේතුව එයාගේ ජනප්‍රිය කම, ඉතින් මේ වගේ නළුවෙක් ඇයි ඔය වගේ චිත්‍රපටයක් තෝර ගත්තේ කියලා ගොඩක් දෙනෙක්ට පරශ්නයක් වුනා.

ඇත්තම කිව්වොත් ඒ දේ වැරැද්දක් නෙමෙයි. අනිවාර්යෙන්ම සෙල්වරාගවනගේ චිත්‍රපටයක ලොකු අර්ථයක් අඩංගු වෙනවා. ඒ දේ තේරුම් ගත්ත නිසා තමයි සූර්යා මේ චිත්‍රපටය තෝර ගත්තේ, හැබැයි ඒ දේ අපිට තේරුම් ගන්න තරම්, අපිට හැකියාවක් නෑ. අද කාලේ ඉන්න තරුණ තරුණියන් ගොඩක් දුරට ඇක්ෂන් චිත්‍රපටි වලට තමයි කැමති. මේ වගේ අර්ථවත් චිත්‍රපටයකට 20%ක් තමයි කැමති වෙන්නේ. ඉතින් මේ දේ නිසාම මේ වගේ අර්ථවත් චිත්‍රපටි වලට ජයග්‍රහණයක් ලැබෙන්නේ නෑ.

චිත්‍රපටයේ script එක පැත්ත බැලුවොත්. ගම් වැසියන්ට උදව් කරන තරුණයෙක්, එක මොහොතකදී එයාට ඒ උදව්ව කර ගන්න, දේශපාලනයේ ඉන්න කෙනෙක් ඕන වෙනවා. එතකොට තමයි එයා දැන ගන්නේ දේශපාලනයන්ගේ බලය, ඉතින් එයත තීරණය කර ගන්නවා දේශපාලනයට එකතු වෙන්න, අන්තිමට එයා දේශපාලනයට ඇතුල් වෙනවා, ඉතින් ඉටපස්සේ ඒ තරුණයාගේ ජීවිතයට වෙනකරදර තමයි, මේ චිත්‍රපටයේ script එක. එ වගේම සායි පල්ලවිගේ රංගනය ගැන කියන්නම ඕනේ, ඇත්තටම සායි පල්ලවි පිස්සුද නැත්නම් පිස්සු වගේ රඟපානවද කියලා තේරුම් ගන්න අමාරුයි. එයාගේ රංගනය හොදයි, හැබැයි ඒයාගේ චරිතයට ලොකු තැනක් දීලා නෑ,සූර්යාගේ බිරිඳගේ චරිතයට රගපාන සායි පල්ලවිට වඩා Rakul Preet Singh ට තමයි ලොකු තැනක් දීලා තියෙන්නේ. හැබැයි ඒකට හේතුව මොකක්ද කියලා තේරුම් ගන්න අමාරුයි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ චිත්‍රපටයේ හැම සීන් එකක්ම තේරුම් ගන්න ගොඩක් අමාරුයි. හැබැයි අනිවාර්යෙන්ම මොනවහරි ලොකු අර්ථයක් තියෙනවා මේ චිත්‍රපටයට, ඒ දේ තේරුම් ගන්න එක ඔයාලගේ හැකියාව.

ලිපියේ අයිතිය Mʌʀsʜʌɭ Jʌŋsz සහෝදරයා සතුයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

16 comments

  1. Thanks bro enakan bala bala hitiye. Jaya weva digatama yamu.

  2. Sthuthi sahooo sub ekata..

  3. thnnq bro sub ekata…

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. Achintha M Herath

    ThnQ ❤

  6. උපසිරැසට ස්තූතියි සහෝ ❤❤❤ ජය වේවා..

  7. Spider cam copy ekata sub denna

  8. Krishan Nishalya

    බොහොම ස්තුති ☺
    දැන් ෆිලුම බලලා ඉවර කරේ ….

    Good Luck !

  9. පුදුම කිරිම් දෙක තුනක්ම කලා.. කොහොම උනත් මම බලන්නෙ උපසිරැසියේ ගුනාත්මක කම.එක තම වැදගත් .අයියගෙ සබ් හොදයි. පුලුවන් විදියට මෙවගෙ අලුත් දෙයක් ආපහු කරන්න කලය ලැබෙන්න ඔන ඔයාට.ස්තුතියි❤❤

  10. Tnx saho sub ekt

  11. Achi
    Top Fan ⭐⭐⭐

    සබ් එකට ස්තුතියි සහෝ… ඒ වගේම ටයිප් එකටත්.. ආපු ගමන් සබ් එක දිලා ආදරෙයි…..

  12. Udayanga Weerasingha

    උපසිරසියට ස්තූතියි සහෝ ජයවේවා…..෴

  13. හසිදු

    ස්තූතියි.. බ්‍රෝ.. කිව්වත් වගේ තේරුම් ගන්න නං පට්ට අමාරුයි… පේන විදියට රාකුල්ව සූර්‍යා උඩට යන්න පාවිච්චි කරනවා වගේ.. ඒත් ඊට වඩා දෙයක් දැන්මා කිසිම සම්බන්ධයක් නැති සිංදුවකින්… ඊටත් සායි පල්ලවීට සූර්‍යා ගොඩක් ආදරෙයි වගේ මන්න වලින් කොටන සීන් එකේ පෙන්නනවා.. ඒත් රාකුල් එක්කත් සම්බන්ධයක් තියෙනවද මන්දා 😂

  14. මයිකි

    නියම සටහනක් දිලා තියෙනවා කියවන්නත් හරියට බයිස්කෝප් සයිට් එකට අවිත් සබ් එකක් ගන්න වගේ. මෙහෙම ඉදිරියටත් වැඩේ කරන් යන්න. සබ් එකටත් තැන්ක්ස්

  15. Peter Barthelot
    Cineru Family Member

    හැමෝටම ස්තූතියි, ඔය ප්‍රශංසාව තමයි අපේ ධෛර්යය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login