The title of the page
Newness 2017 Sinhala Sub
Newness 2017 Sinhala Sub
6.4
69
85

Newness (2017) Sinhala Subtitles |අලුත්වන රාගය|සිංහල උපසිරැසි සමග (18+)

(Newness (2017) Sinhala Sub) ආයුබෝවන් Cineru සමග නිතර රැදෙන ඔබ සැමට!මේ මගේ පළවෙනි සබ් එක.ජිවිතේටම සබ් එකක් කලාමයි මේ, අපේ අශේන් මල්ලි නැත්නම් චූටියා තමා අක්කේ සබ් එකක් කරමු කියලා මට අදහසක්‌ දුන්නේ.ඉතිං පුංචි වැරදි අඩු පාඩු ඇති.ඒත් මං කාලය අරන් හොදටම සබ් එක දෙන්න ගොඩක් මහන්සි වුණා.හොද අත්දැකීමකුත් ගත්තා. සබ් දාගෙන බලනවා වගේ නෑ කරද්දී තමා සබ් කරන අයට පිං දෙන්න හිතෙන්නේ. මට ගොඩක් සතුටුයි මේ දවස්වල කෙටි කාලෙකින් වුණත් හොද තැනකට ආපු අපේ Cineru.lk වෙනුවෙන්ම සබ් එකක් ජිවිතේ පළවෙනි වතාවට කරන්න ලැබුන එක ගැන. වැඩි කතා නැතුව ෆිලුම ගැන බලමු නේද?

Newness” හෙවත් “අලුත්වන රාගය” 2017දී නිකුත් වුණ චිත්‍රපටයක්. IMDb අගය 6.4/10ක්‌ සනිටුවහන් කරන්න මේ ෆිලුම සමත් වෙනවා. ඒ වගේම 69%ක කුණු තක්කාලි අගයකුත් අරන් තියෙනවා.

(විශේෂයෙන්ම කියන්න ඕන මේක වයස් සීමාවක්‌ ඇතුව නරබන්න කියලා. වැඩිහිටියන්ට සරිලන දර්ශන හා දෙබස් ඇතුලත් වෙන නිසාම වගේම මේක හරියට තේරුම් ගන්න පුළුවන් වයස් සීමාව 18ට වැඩි වෙන්න ඕනේ)

ගැබී (Laia Costa) සහ මාර්ටින් (Nicholas Hoult) කියන්නේ wings නැමැති ඩේටින් ඇප් එකක් හරහා ආදරය සොයා යන තරුණ යුවලක්. පෙම් පිළිසදරවල් කිහිපයකින්ම අනතුරුව මුණ ගැහෙන මේ දෙදෙනා ආදරය කරන්න පටන්` ගත්තත් ගැබීගේ අලුත්වන අවශ්‍යතා, ආසාවල් නිසාත්, මාර්ටින්ගේ අතීත ප්‍රශ්න නිසාත් මෙයාලගේ සම්බන්දය සෑහෙන සංකීර්ණ එකක් වෙනවා.දෙන්නම ගොඩක්‌ කාමුක අදහස් වලින් පිරිණු දෙන්නෙක්.අලුත් අලුත් දේවල් අත්හදා බලමින් සම්බන්දය අලුත් කරගන්න වැඩිපුරම උත්සහ කරන්නේ ගැබී. විවෘත සම්බන්දතා කියන මාතෘකාව තමා මේ කතාවේ මූලික වශයෙන් පෙන්නන්නේ. ලංකවේ සංස්කෘතියට හාත්පසින්ම මේ දේවල් වෙනස් ඉතිං.Open relationship එකක්, ඒ කියන්නේ දෙන්නට දෙන්න එයාලා කැමති අය හමුවෙනවා,කැමති දේවල් කරනවා අනියම් ලිංගික ඇසුරු පවා පවත්වනවා දෙන්නගෙම අවසරය මත. කොච්චර දුර‍ට මේ පලහිලව්ව සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා නරබන ඔයාලට බලන්න අවස්ථාව දෙනවා. ප්‍රධාන නළු දෙපලට අමතරව Matthew Gray Gubler, Courtney Eaton, Danny Huston සහ Pom Klementief ඇතුළු තවත් රංගන ශිල්පීන් පිරිසක්‌ මේ සදහා දායක වෙනවා. Ben York Jones ගේ තිර රචනයක්‌, Drake Doremus තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.

හැමෝටම සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා!

විසූ රාජපක්ෂ(ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thanks jayawewa…….!

  3. තෑන්ක්ස් සබ් එකට. දිගටම යමු
    ජය වේවා. 👍👍👍

  4. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

  5. Thanks for sub!

  6. Thanks sister

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login