The title of the page
Mirrors (2008) Sinhala Sub
Mirrors (2008) Sinhala Sub
6.2
15
85

Mirrors (2008) Sinhala Subtitles |ප්‍රතිරූපය| සිංහල උපසිරැසි සමග

(Mirrors (2008) Sinhala Sub) ඔන්න එහෙනම් www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම අරගෙන එන තුන්වැනි උපසිරසි නිර්මාණය අරගෙනයි මේ එන්නේ. මේපාර අරන් ආවේ ටිකක් හොල්මන් ගතියත් එක්ක පටන් ගත්ත වෙලාවේ ඉදන් කුතුහලයෙන් බලන්න පුළුවන්  imdb අගය 6.2 ක් ලබා ගත්තු ලස්සන ෆීල්ම් එකක් තමයි. එහෙනම් වෙනද වගේම මට මේ ෆිල්ම් එකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න www.cineru.lk ඇඩ්මින් මණ්ඩලයේ සියළු දෙනාටත්, විශේෂයෙන් මගේ දෙවෙනි උපසිරසිය වෙනුවෙන් වචනෙකින් හරි ස්තූති කරපු සියළු දෙනාටත් බොහොම ස්තූති වන්ත වෙනවා.

2003 දකුණු කොරියාවේ ත්‍රාසජනක චිත්‍රපටයක් වන ඉන්ටූ ද මිරර් INTO THE MIRROR 2003    චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ .රූගත කිරීම් 2007 මැයි 1 වන දින ආරම්භ වූ අතර එය 2008 අගෝස්තු 15 වන දින ඇමරිකානු සිනමාහල් වල නිකුත් විය. ඉතින් මේක ඔයාලා සමහර විට නොබලපු කෙනෙක්නම් නැතිතරම් වේවි. මේක මගෙත් කැමතිම ෆීල්ම් වලින් එකක් නිසයි උපසිරසියක් දෙන්න හිතුනෙ මේකට.

ඉතින් මුලින්ම කියනවා මේක බලල ඉවර වුනාට පස්සේ කණ්නාඩි දිහා එහෙම නොබලා ඉන්න එහෙමනම් එපා.! හොදද …බෙන් කාසන්  කියන්නේ රාත්‍රි මුර රාජකාරි වල නියත වෙන කෙනෙක්. ඉතින් මෙයා රාත්‍රි මුර කටයුතු කරන්නේ මෙෆ්ලවර් කියන ලොකු ගොඩනැගිල්ලක තමයි.මේ ගොඩනැගිල්ලනම් ටිකක් අද්භූත එකක්. ඉතින් මේකෙ සිද්ද වෙන අද්භුත දේවල් වලට මේ බෙන්ටත් මුහුණ දෙන්න වෙනවා. දවසක් මෙයා දැනගන්නවා මෙයාට කලින් මෙතන මුර රාජකාරි කරල තියෙන කෙනා සිය දිවි හානිකරගෙන මිය ගිහින්කි යලා. එයාගේ අඩුව පුරවන්න තමයි බෙන්ව මෙතන රාජකාරියට අරන් තියෙන්නේ කියලා. බෙන්ට කලින් ග්‍රේරි ලෙවිස් කියන කෙනා මිය ගිහින් තියෙන්නේ කණ්නාඩියකින් බෙල්ල කපාගෙන කියලා මෙයා දැනගන්නවා.

බෙන් මෙමෙ රාත්‍රි මුර රාජකාරි කරන කොට මෙයාට එක එක අකරතැබ්බි වලට මුණ දෙන්න වෙනවා. මෙයාටත් කණ්නාඩියක් ඉස්සරහදි අමුතුව දෙයක් සිද්ද වෙනවා. ඒ වෙලාවෙ ඉදන් මෙයා මේදේට හේතුව හොයන්න පටන් ගන්නවා. ඉතින් බෙන්ට මේ වෙනකොටත් මේ ශාපය වැදිල ඉවරයි. දැන් එයත් ඉන්නේ කලින් මුරකාරයා මැරුනා වගේ ජීවිතයත් මරණයත් අතර සටනක, මේකතවත් වැඩි වෙන්නේ බෙන්ගේ පවුලටත් මේ දේ බලපෑම් ඇති කරන නිසයි.

බෙන්ට මේ හැමදේකින්ම ගලවෙන්නනම් මේ කණ්නාඩියේ අභිරහස මොකක්ද කියලා හොයලා බලන්නම වෙනවා. ඉතින් මෙයා මේක කරයිද..? මෙයාටත් මේ ශාපයෙන් ගැලවීමක් නැති වෙයිද කියලා බලන්න කියන ගමන් අදට මම සමුගන්නවා… වැඩ රාජකාරි අස්සෙ වුනත්, ඉක්මනින් තවත් උපසිරසියකින් හමු වෙනතුරු සියළු දෙනාටම තෙරුවන් සරණ පතනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    HITMAN: AGENT JUN (2020)
    Cut Off (Abgeschnitten) (2018)

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👊.. Into the Mirror 2003 එකටත් සබ් දෙන්න බැරිවෙයිද 😊

  3. Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login