Native Title: 알고있지만,
Also Known As: Nevertheless , I Know But , I Already Know , Algo Issjiman , 알고 있지만
Director: Kim Ga Ram
Screenwriter: Jung Won
Genres: Friendship, Psychological, Romance, Youth,Mature
Country: South Korea
Type: Drama
Episodes: 10
Aired: Jun 19, 2021 – Aug 21, 2021
Aired On: Saturday
Original Network: jTBC, Netflix
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older
අද මං ඔයාලට අරගෙන ආවේ කතාවේ අටවෙනි කොටස, ඉතින් තව කොටස් දෙකකින් කතාව අවසන් වෙනවා, දැන් වෙබ්ටූන් එකට වඩා වෙනස් විදිහට කතාව ගලාගෙන යනවා. ඒත් ඉතින් අවසානය වෙනකම්ම නා-බීගෙයි පක් ජෙ-යොන්ගෙයි සම්බන්ධයට මොනවා වෙයිද කියලා කියන්න බෑ.
අපි එහෙනම් අද කතාවේ වෙන්නේ මොකද කියලා බලලා ඉමු.
ගිය සතියේ කොටස ඉවර වුන තැන කට්ටියට මතක ඇතිනේ. හැමෝම ගිනිකෙළි සංදර්ශනයක් වෙරළට ගියාට පස්සේ නවාතැනේ ඉතුරු වෙන නා-බී එයාව සිපගන්න පක් ජෙ-යොන්ට අවසර දෙනවානේ. මේ අතරෙදි තමයි
දෝ-හියොක් ඔයාලා “අල කොල්ලා” කියන්නේ, අන්න එයා නා-බීව හොයාගෙන නවාතැනට එන්නේ. කොහොමහරි ඉතින් නා-බී පක් ජෙ-යොන් එක්ක දිගටම ඉන්නේ නැතුව එළියට එනවා. ඒ එනකොට හම්බෙන දෝ-හියොක් නා-බීව ගෙදර එක්කන් යන අතරතුරේ නා-බීට එයාගේ ආදරේ ප්රකාශ කරනවා. බිට්-නාගේ ආදර කතාවත් මතක ඇතිනේ.
නම් ග්යු-හුන්, බිට්-නාට කියනවා තවත් එයාට මේ විදිහට ඉන්න බෑ කියලා. අනිත් කපල් එක ඔෆිස් එකේ කපල් එක මතකනේ, ඒ දෙන්නාත් ඒ දෙන්නට නොදැනීම ටික ටික ලං වෙනවා. අනිත් වැදගත්ම දෙන්නා, ජි-වොනුයි සොලුයි. ගිය සතියේ ජි-වොන් නටපු පිස්සුව එයාට මේ සතිය වෙද්දි අමතක වෙලා. ඒ නිසා කලකිරීමට පත් වෙන සොල්,
ජි-වොන්ගෙන් ටිකක් ඈත් වෙනවා. ඒත් අන්තිමේ ජි-වොන් සොල් හම්බවෙලා දෙයක් කියන්න තියෙනවා කියනවා. ඒ අතරේ පක් ජෙ-යොන් එයාට දැක්ක ගමන් ආදරේ හිතිච්ච ගෑණු ලමයා ගැනත් නා-බීට කියනවා. ඒකත් හරි පුදුම විදිහට වෙන්නේ.
ඉතින්,
● දෝ-හියොක් නා-බීට කරපු යෝජනාව
නා-බී පිලිගනියිද,
● බිට්-නා’ගෙයි නම් ග්යු-හුන්’ගෙයි සම්බන්ධයට මොනවා වෙයිද,
● ජි-වොන් සොල්’ට මොනවා කියයිද,
● නා-බීගෙයි පක් ජෙ-යොන්ගෙයි සම්බන්ධය අලුත් වෙයිද,
මේ ප්රශ්න ටිකට උත්තර ටික හොයාගන්න දැන් ඉතින් කතාව බලන්නකෝ. උපසිරැසියේ හොඳ නරකත් කියාගෙන යන්න. නමවෙනි කොටසත් අරන් ඉක්මනටම එනකම් හැමෝම ගොඩක් පරිස්සමට ඉන්න.
මම මේධවී ෆර්නෑන්ඩස්.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස්
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
June 29, 2021
උපසිරැසියට ගොඩාක් ස්තූතියි සිස්!…. අද අන්තිම එපිය ටෙලිකාස්ට් වෙනවා සිස්… ඉතුරු එපි දෙකටත් ඉක්මණින් සබ් දෙමු!
Niyamai..
Ikmanata demu..
Thanks..
තෑන්ක්ස් සබ් එකට
Fight for my way 2017 දෙන්නකෝ
Sub ekata thanx
බොහොම ස්තූතියි සබ් එකට
Thank you 💐💖