The title of the page
8.9
97

Netrikann (2021) Sinhala Subtitles | “තෙවෙනි ඇස” | සිංහල උපසිරැසි සමඟ

(Netrikann 2021 Sinhala Subtitles)

එක ගමක අහිංසක බැටළු පැටව් ගොඩක් හිටියා.

ඒක දැනගෙන , එක කපටි නරියෙක් තමන්ගේ වැඩේ පෙන්නගෙනම හිටියා

එක දවසක් ඒ නරියා වෙනුවෙන් එක ධෛර්‍යවන්ත බැටළු පැටියෙක් වලක් හාරලා තිබ්බා.

ඒ නරියත් ඒ වල උඩටම නියමෙට ඇවිල්ලා, වැටුණා….

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතින් සුපුරුදු පරිදි අදත් අපි ආවේ මීට පැය කිහිපයකට පෙර අන්තර්ජාලයට නිකුත් වූ දමිල චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරගෙනයි , අපි කියලා කිව්වේ මම අශේන් ( චූටියයි) අපේ මදුශාන් සහෝදරයයි.. ඉතින් අපි වැඩි කතා නැතුව චිත්‍රපයිය පැත්තට හැරෙමු.

2021 වසරේ අගෝස්තු මස 13 වෙනිදා (අද) දහවල් 12.15 ට Disney+ Hotstar හරහා අන්තර්ජාලයට නිකුත් වන මෙම චිත්‍රපටයේ නම Netrikann (2021) යි. මෙම චිත්‍රපටියේ තියෙන විශේශත්වය තමා මෙහි ප්‍රධාන නලුවෙක් නෙමේ ප්‍රධාන නිලියක් තමා රංගනයෙන් දායක වෙන්නේ ඒ වෙන කවුරුවත් නෙමේ ඔයාලා හැමෝම වගේ දන්න ඉන්දියානු සිනමාවේ “LADY SUPERSTAR” ලෙස හඳුන්වන Nayanthara යි,  මෙහි විලන්ගේ චරිතයට රංගනයෙන් පන පොවන්නේ Ajmal Ameer විසිනි. ඊට අමතරව මෙහි තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

    මේ වන විට IMDb RATING තුල 7.6/10 ක අගයක් ලබා ගන්න සමත් වී ඇති මෙම දමිල චිත්‍රපටය
Crime , Drama , Mystery , Thriller යන ශාරනයන් වලට අයත් වෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂනය Milind Rau මහතා විසින් සිදු කර ඇති අතර මෙහි නිෂ්පාදනය Kross Pictures සහ Rowdy Pictures යන නිෂ්පාදක බැනරයන් යටතේ Hyunwoo Thomas Kim සහ Vignesh Shivan මහතුන් දෙදෙනා විසින් සිදු කර ඇත.

 

 ” මෙම චිත්‍රපටය 2011 වසරේ නිකුත් වූ Blind නම් කොරියාණු චිත්‍රපටයේ දමිල ප්‍රතිනිර්මාණයයි”

 

කතාව පිළිබඳව ටිකක් කියන්නම් මම…

එක් අන්ධ කාන්තාවක් සහ අනුක්‍රාමික ඝාතකයෙකු අත සිදු වන ඉතාමත් කුරිරු සටනක් ගැනයි මෙම චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන් වෙන්නේ , එක දිගට අතුරුදහන් වන නගරයේ ගැහැණු ලමුන් පිරිසක් මේ හැමෝවම පැහැරගන්නා විට කිසිම විදිහකින් අහු නොවෙන මේ ඝාතකයා එක් අන්ධ කාන්තාවක් පැහැරගැනීමට උත්සහ කරන විටදී සම්පූර්න පොලීසියේම අවධානයට ලක් වෙනවා. මෙතනින් ආරම්භ වන කතාවේ ඉස්සරහට අපි කිසිවෙක් නොහිතපු එක එක ත්‍රාසයජනක සිදුවීම් පෙලක් සිද්ද වෙනවා…

ඉතින් මීට වඩා කිසිම දෙයක් මම කියන්නේ නෑ හැබැයි එකක් කියන්නම් අනිවාරෙන්ම නරබන්න පටන් ගැන්මේ සිට ඉතාමත් කුතුහලයෙන් නැරඹිය හැකි චිත්‍රපටයක් කියලා හඳුන්වන්න පුලුවන්…

එහෙනම් අදට අපි සමුගන්නවා හැමෝටම බුදු සරනයි…

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් අශේන් මදුරංග (චූටියා) සොයුරාට සහ මදුශාන් වනසිංහ සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

15 comments

  1. Wow surprise Thnx Bro

  2. Pattaaaaaaa

  3. අම්බො පට්ටයි දෙන්නා තැන්ක්ස්

  4. තෑන්ක්ස් දෙන්නටම..😍😙

  5. AMMOOO MARA IKMANIN DILANE. THANKS

  6. Udaya saman
    Cineru Family Member

    චුටි,මදුවා දෙන්නයම ස්තුතියි ..මුලින්ම සබ දුන්නට..එලම

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Arawinda Sunimal

    thanks dennatama …………………..

  9. thanks godaak…

  10. මෙච්චර ඉක්මණින් සබ් දෙන්නේ ඉතින් සිනෙරු විතරමයි… නියමයි… දෙන්නටම සබ් එකට ගොඩාක් තෑන්ක්ස්!

  11. ඉක්මනටම සබත් දුන්නා..😘❤️‍🔥.දෙන්නටම ගොඩක් ස්තුතියි…🤩

  12. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් දෙන්නටම

  13. Thanks bro

  14. Patta machan

  15. Thanks machan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login