The title of the page
Nenu Meeku Baaga Kavalsinavaadini Sinhala Subtitle
Nenu Meeku Baaga Kavalsinavaadini Sinhala Subtitle
5.2
80

Nenu Meeku Baaga Kavalsinavaadini (2022) Sinhala Subtitles | “මට ඔයාවමයි ඕන” | සිංහල උපසිරැසි සමඟ

(Nenu Meeku Baaga Kavalsinavaadini (2022) Sinhala Subtitles) (Nenu Meeku Baaga Kavalsinavaadini (2022) Sinhala Subtitle) (Nenu Meeku Baaga Kavalsinavaadini Sinhala Subtitle) (Nenu Meeku Baaga Kavalsinavaadini Sinhala Sub)

ඉතින් ගොඩාක් කාලෙකින්! මුලින්ම ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම  හතරවෙනි සංවත්සරය සමරන සිනෙරූ සයිට් එකේ සියලු දෙනාටම සුභ පතනවා.

මම අද ගෙනාවේ තෙලුගු ෆිල්ම් එකක්. Nenu Meeku Baaga Kavalsinavaadini (#NMBK) ෆිල්ම් එක.මේ ෆිල්ම් එක 2022 සැප්තැම්බර් 16 සිනමා ශාලා වල තිරගත වුනා වගේම ඔක්තෝබර් 12 අන්තර්ජාලයට නිකුත් වුනා.මන් මේ ෆිල්ම් එකට සබ් එක කරන්න පටන් අරන් ගොඩාක් කල් වුනත් වැඩත් එක්ක ඉවර කරගන්න බැරි වුනා.ඒත් අවුරුද්දට ෆිල්ම් එකක් දෙන්න ඕනමයි කියලා හිතුන නිසා ඉවර කලා.

මේක Romance/Comedy යටතට වැටෙන ෆිල්ම් එකක්.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sridhar gade.ෆිල්ම් එක IMDb දර්ශකයේ 5.2/10 අගයක් ද 80% ක ගූගල් පරිශීලක කැමැත්තක් ද ලබාගෙන තියෙනවා .

Nenu Meeku Baaga Kavalsinavaadini - Wikipedia

මේ ෆිල්ම් එකේ cast එක පැත්තට ගියොත්,ප්‍රධාන චරිතය රගපාන්නේ Kiran Abbavaram.මෙයාගේ ෆිල්ම්ස් ගොඩාක් ළග ළගම රිලීස් වුනා.ප්‍රධාන නිළිය විදියට කන්නඩ සිනමාවෙන් තෙලුගු සිනමාවට හදුන්වා දෙන Sanjana Anand සහභාගි වෙලා තියෙනවා.මීට අමතරව Siddharth Menon,Krishna Reddy,Darbha Paaji ඇතුළු රංගන ශිල්පීන් රැසක් සහභාගි වෙලා තියෙනවා.

කතාව පැත්තට ගියොත් , තේජු කියන්නේ ගෙදර හුරතල් විදියට හැදුනු බාලම ගෑනු ළමයා..එයා සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවරියක්.එයා බ්‍රේක් අප් එකක් නිසා මානසික අවපීඩනයට ලක්වෙලා ඉන්නේ..හැමදාම ජොබ් එක ඉවර වෙලා බාර් එකට ගිහින් බීලා තමයි යන්නේ..ඒ වගේම ගෙදර අයගෙන් වෙන් වෙලා තනියම තමයි ජීවත් වෙන්නේ.මෙහෙම බාර් එකට ඇවිත් යන්න හදනකොට තමයි මෙයාට විවේක්ව හම්බුවෙන්නේ..විවේක් කියන්නේ කැබ් ඩ්‍රයිවර් කෙනෙක්.ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.තෙලුගු ආදර කතා වලට ආස කරන අයට හොද ෆිල්ම් එකක්.

එහෙනම් ආයෙමත් සුභ අලුත් අවුරුද්දක් කියන ගමන්ම ආපහු දවසක උපසිරැසියකින් හමුවෙන්නම්. සුභ දවසක් !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


18
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සත්සර සොයුර ……….
    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    සුබ සංවත්සර දිනයක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  2. Thank you 🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login