The title of the page
7.6
85
92

Nayakan (1987) Sinhala Subtitles | ධාරාවී වීරයා | සිංහල උපසිරැසි සමඟ

මේ මගේ පරන සබ් එකක් ආයෙත් සංස්කරණය කලා . වීඩියෝ කොපියත් ඇමසෝන්ලගේ වෙබ් රිප් එකක් හොද කොලිටි. බලන්න එහෙමනම්.

Nayakan (1987) Sinhala Subtitles

මේක ටිකක් පරණයි නමුත් පරනයි කියල අතාරින්න එපා. දැනට දමිල සිනමාවේ පලවෙනි ස්ථානයේ හා ඉන්දියානු සිනමාවේ හතරවන ස්තානයේ තියෙන 1987 දී විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන මනිරත්නම් ගේ අධ්‍යක්ෂණයෙන්, දන්නව නේ මනිරත්නම් කියන්නේ රෝජා, බොම්බේ වැනි සාර්ථක චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු ඒ වගේම මෑතකදී අධ්‍යක්ෂණය කල චෙක්ක සිවන්ද වානම් හිද අධ්‍යක්ෂක වු මොහුගේ මෙම චිත්‍රපටය මනිරත්නම් ගේ අති සාර්ථකත්වට පත් වු ෆිලුමක් වුනා. ඒ වගේම මේ ෆිලුම කමලහාසන්ගේ විශිෂ්ටතම රංගනය නිසා ඉන්දියාවේ ඉහලම සම්මාන උලෙළක් වන National Film Award විසින් හොදම නලුවා සදහා Silver Lotus සම්මානය පිරිනමන ලදි . ඒ වගේම හොදම සිනමාරූපනය සදහා National Film Awards මගින් President’s Silver Medal – Best Cinematography ලෙස පී.සී . ශ්‍රී රාම් විසින් ලබා ගන්නා ගන්නා ලද අතර තොට්ටා දරණි විසින් Best Art Direction ලෙසද National Film Awards වෙතින් සම්මානයයක් ලබා ගන්නා ලදි. මේ අනුව National Film Awards වෙතින් සම්මානයන් තුනක්ම ලබා ගැනීමට මේ ෆිලුමට හැකියාව ලැබුණි. 60 වෙනි Oscar සදහා විදේශිය භාෂා යටතේ ඉදිරිපත් කරන ලදි.

Nayakan (1987) Sinhala Subtitles
2005 දී Time මැගසිනය විසින් ඔවුන්ගේ “All-Time 100 Best Films” ලැයිස්තුවට ඇතුලත් කරන ලදි. එමෙන්ම The Moving Arts Film Journal’s ලැයිස්තුවේ greatest films of all time ලෙස ලැයිස්තු ගත කරන ලදි. එමෙන්ම NDTV සිනමා ලැයිස්තුවේ “India’s 20 greatest films” ලෙසද CNN-IBN හී “100 greatest Indian films of all time” ලෙස ලැයිස්තු ගතවූ ෆිලුමක් මේක.

තෙලුගු භාෂාවෙන් Nayakudu ලෙස හඩකවන ලද අතර Dayavan යන නමින් හින්දි ෆිලුමක් ලෙස විනෝද් කන්නාගේ ‍රංගනයෙන් 1988 දී එලි දැක්විය. එසේ වුවත් 1999 දී වේලු නායකන් ලෙස හින්දි හඩකැවීමෙන් පසු තිරගත කරන ලදී. ඉලයරාජා ගේ සංගීතයෙන් රසවත් වූ ෆිලුමේ ඉලයරාජා සමග කමලහසන් ද ගායනයෙන් සහය වී ඇත. වඩාත්ම සිත් බැදගත් ගීතයවන ” තෙන්මාංග සීමයිලේ” යන ගීතය ඉලයරාජා හා කමලහාසන්ගේ හඩින් රසවත් වී ඇත.

මේ ෆිලුම 1987 ඔක්තෝබර් 21 වන දින තිරගත වු අතර රැගුම් පාලක මණ්ඩලය විසින් මේ ෆිලුම මුදලියාර් කියන ජීවත්ව සිටින පුද්ගලයෙක් පාදක කරගෙන ඇති බව පවසා තිරගත කිරීම තහනම් කර ඇත. අවසානයේ දී රැගුම් පාලක මණ්ඩලයේ ඉල්ලීමට අනුව මුදලියාර් විසින් මෙම ෆිලුම ඔහුගේ ජීවිත කතාවට සම්බන්ධයක් නොමැති බව පවසා ලබා දුන් ලියවිලකින් පසුව තිරගත් කිරීමට අවසර දී ඇත.

Nayakan (1987) Sinhala Subtitles
කතාව තේමා කරගෙන ඇත්තේ බොම්බායේ පාතාල කල්ලි නායක වේලු නායකර් (කමලහාසන්) යන පුද්ගලයා මුල් කරගෙනය. මෙය වේලු නායකර් ඉස්සර මම කිව්ව වගේ මුදලියාර් ගේ ජිවිත කතාව කිව්වත් නිවැරැදියි. කව්ද මේ වෙලු නොහෝත් නායකර්. දුප්පත් වගේම නිතිවිරෝධි ජාවාරම් කරුවන් වෙසෙන බොම්බායේ දාරාවි කියන පලාතේ ප්‍රබල ජාවාරම් කරුවෙක් වූ මොහු කුඩා කාලයේදී තමිල්නාඩුවේ කම්කරු නායකයෙක් ගේ පුතෙක්. තම පියා කම්කරු අයිතිවාසිකම් ඉල්ලීම නිසා තමන් ඉදිරියේදීම පොලීසිය විසින් මරා දමනු ලබයි. මෙයින් කම්පනයට පත්වෙන මේ කුඩා වේලු ඒ පොලිස් නිලධාරියාට ඇන බොම්බාය වෙත පැනයයි. බොම්බායේ දී මොහුගේ සාමාකාමි ජීවිතය නොසිතු ලෙස වෙනස් වෙන අන්දම හා එහි අවසානය මනව සලරුවට නගා ඇති අන්දම ප්‍රසංසනියයි.

ලබා ගත් සම්මානයන්
👍National Film Awards, India (1988)
President’s Silver Medal [Winner]
Best Cinematography – P.C. Sreeram
Silver Lotus Award [Winner]
Best Actor – Kamal Haasan
👍Cinema Express Award – Tamil Film Industry [Winner] Best Actor – Kamal Haasan
Cinema Express Award – Tamil Film Industry [Winner] Best Film

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


187
Total Subtitles

3 comments

  1. Thank u subtitles akata ❤🔥❤🔥 පුළුවන් nam (vikram 1996 ) akatath subtitles dennakoo

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  3. මේවා සුපිරි බඩු….දැන් හැදෙන ක්ශණික ආප්ප වගේ නෙමේ..මේවට අද වගේම හෙටත් ඉල්ලුම තියෙනව ප්‍රේක්ෂකයන් ගෙ ….උපසිරැසියට ස්තූතියි සහෝදරයා මේවගේ ever hit වලටම උපසිරැසි දෙන්න දිගටම…👍👍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login