4
81

Hunt (2023) Sinhala Subtitles | පොලිස් දඩයම | සිංහල උපසිරැසි සමඟ

(Hunt (2023) Sinhala Subtitles) (Hunt (2023) Sinhala Sub) (Hunt Sinhala Subtitles) (Hunt Sinhala Sub)

ඔන්න තවත් අලුතෙන්ම අද උදේ ඇවිල්ල තිබුන සුපිරිම සුපිරි ෆිලුමක් අරන් ආව… One Day මැච් එකක් ගහලා සබ් එක අරන් ආවේ ඔයාලට ඉක්මනට දෙන්න ඕන නිසා 😁

වැඩේ බාර දුන්න අංජුල අයියාවයි හැමදාම සපෝට් කරන සමිත අයියවයි මතක් කරගෙනම ෆිලුම දිහාට යන්කෝ ✌️♥️

2023 ජනවාරි 26 වෙනිදා නිකුත් වුණ මේ තෙලුගු ෆිල්ම් එක අයත් වෙන්නෙ Action / Crime / Thriller කියන Category එකට… IMDB මොනවා කොහොම කිව්වත් ෆිලුම මට නම් පට්ට ❤️👌 අනික IMDB එක ලැබිල තියෙන්නෙත් 85 දෙනෙක් වගේ ටික දෙනෙක්ගෙන්..

මේ ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ Mahesh Surapaneni කියන අධ්‍යක්ෂකවරයා විසින්.. ඒ වගේම මේක සත්‍ය සිදුවීම් කිහිපයක් මුල් කරගෙන නිෂ්පාදනය උනා කියලයි අන්තර්ජාලය නම් කියන්නේ 😍 කොහොම හරි ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ Sudheer Babu කියන අපි දන්න කියන ඒ සුපිරි තෙලුගු නළුවා විසින්… ගොඩක් වෙලාවට එක දිගටම Love Story වල රගපෑ නළුවෙක් විදිහට මෙයා මේ ෆිලුමෙදි ඒ සීමාවෙන් පිට ගිය ගතියක් පේන්න තියෙනවා.. මොකද මේ ෆිල්ම් එකේ love story එකක් නැති නිසා… අනික Naani ගේ V 2020 ෆිලුම බලපු අය දන්නවනේ Sudheer, Naani එක්ක ඒ ෆිලුමේ කරට කර Act කරේ කොහොමද කියලා.. ඒ නිසා මිස් කරගන්නේ නැතුව බලන්න 🤗❤️

දෙවන ප්‍රධාන චරිත සදහා හැමෝම දන්න තවත් සුපිරි දමිළ නළුවෙක් වෙන Bharath විසින් රංගනයෙන් දායක වෙනවා…මෙයාගේත් Pottu 2018, Kaalidas 2018 වගේ ෆිල්ම් බලපු අය දන්නව ඇති නෙ කොල්ලගේ වැඩ කොහොමද කියලා 🤭♥️

●Cast
◈Sudheer Babu as Arjun
◈Srikanth as Mohan Bhargav
◈Bharath as Aryan Dev
◈Kabir Duhan Singh as Vikram Singh
◈Mime Gopi as Roy

යමු විස්තරේ පැත්තට 🤪

අර්ජුන් කියන්නේ සහකාර පොලිස් කොමසාරිස් කෙනෙක්… මෙයාගේ හොදම යාලුවෝ දෙන්න තමයි ආර්යන් සහ මෝහන් කියන්නේ..මේ දෙන්නත් පොලිසියේ ඉහළ නිලධාරීන්.. එක්තරා අවස්ථාවක පොලිස් රාජකාරිය අගය කරමින් ආර්යන්ට ලොකු උත්සවයක් තියලා සම්මානයක් දෙනවා.. ඒ සම්මානෙ අරන් ආර්යන් වේදිකාවේ කතා කරමින් ඉන්නකොට හදිස්සියේම එයාට වෙඩි වැදිලා එයා එතනම මැරෙනවා.. මේ නඩුව කරන්න බාරගන්නේ ඔහුගේ යාළුවා අර්ජුන්.. අර්ජුන් මේ නඩුව විසදගෙන ඒ මිනීමැරුම පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා කියන්න හදනකොටම වාහනේ ඇක්සිඩන්ට් වෙලා එයාගෙ මතකය සම්පුර්ණයෙන්ම නැති වෙනවා…ආයෙත් විමර්ශණය මුල ඉදන් පටන් ගන්න වෙනවා… මෙතනින් එහාට අර්ජුන්ට මොන මොන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියල ඔයාලටම දැනගන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 🔥😚
අන්තිමට කියන්න තියෙන්නෙ IMDB බල බල ඉදල මේ ෆිලුම මිස් කරගන්න එපා! පට්ට ෆිලුමක් මේක!

තවත් සුපිරි ෆිලුමක් අරන් ඉක්මනට එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

අලුත්ම ෆිල්ම්ස් බලන්න, Cineru එක්කම ඉන්න 😉

“Guns Don’t Lie”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |11217|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


70
Total Subtitles

24 comments

  1. සබට තෑන්ක්ස් සහෝ

  2. Ammo patta thank u subtitles akata ❤🔥❤🔥

  3. Pattaaaaaaaaaaaa

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Farzi (TV Series 2023– ) – IMDb
      Vedha (2022) Kannada
      Mahaveeryar (2022) Malayalam )
      Raajahyogam (2022) Telugu
      Sembi (2022) Tamil
      Viddikalude Maash (2022) Malayalam
      Chhatriwali (2023) Hindi
      Thattaserry Kottam (2023) Malayalam

      • Anjula Umesh
        Cineru Family Member

        Chhatriwali එකට අපි සබ් දීලා දැන් ගොඩක් දවස් සහෝ..

  5. ගැම්මක් බ්‍රො ♥🤘

  6. Malinda Sadaruwan
    Cineru Family Member

    තැන්ස් මචන් සබට,ෆිල්ම් එකත් පට්ටම❤

  7. vedha sinhala sub dennako

  8. හේමන්ත

    ස්තුතියි සබ් එකට…
    මේක මලයාලම් මුප්බායි පොලිස් ද…?
    Mumbai Police (2013)

    • Anjula Umesh
      Cineru Family Member

      ඔව්..එකේ රීමේක් එකක්..

      • kohomada me film wala sinhala subtitle ganne

        • Anjula Umesh
          Cineru Family Member

          සිංහල උපසිරැසිය කියලා සිංහලෙන්ම ගහලා තියෙන්නේ මචං ඔය බට්න් එකේ..🥲

    • හේමන්ත

      ඔව්. මේක මලයාලම් මුප්බායි පොලිස් එකේ රීමේක් එකක්.
      Mumbai Police (2013) Pruthviraj

  9. Film eka supiri ratings adu meka 2013 apu Prithvirajge Malayalam film eke copiya nisa wenna athi.
    තෑන්ක්ස් brother jaya wewa.

  10. bro sub eka mehema ne penne nahe ban wena akuru wagayak penne sinhala nemei

    • Anjula Umesh
      Cineru Family Member

      KM player එක නැතුව Pot Player හරි VLC එක හරි යූස් කරන්න..KM එකේ ඔය අවුල එනවා..

  11. …බොහෝම ස්තූතියි උපසිරැසියට.

  12. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  13. බොහොම ස්තුතියි

  14. Sub eka wada nane ai ea

    • Anjula Umesh
      Cineru Family Member

      සබ් එක වැඩ..KM Player එක යූස් කරනවනම් Pot Player/VLC Player යූස් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *