The title of the page
Salaam Venky (2022) Sinhala Subtitles
Salaam Venky (2022) Sinhala Subtitles
7.3
25
93

Salaam Venky (2022) Sinhala Subtitles | “වෙන්කිගේ ආචාරය පිළිගන්න” | සිංහල උපසිරැසි සමඟ

(Salaam Venky (2022) Sinhala Subtitles) (Salaam Venky (2022) Sinhala Sub) (Salaam Venky  Sinhala Subtitles) (Salaam Venky  Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම , ගොඩ කාලෙකට පස්සේ තමයි අළුත්ම උපසිරසක් අරගෙන ඔයාල හමුවට ආවේ ,ඉතිං මේ ෆිල්ම් එක තියෙටර් රිලීස් කරලත් මාස තුනකට ආසන්න කාලයක් යනකං Zee5 ෆ්ලැට්ෆෝම් එකෙන් ඩිජිටර් රිලීස් කරේ නෑ.. අන්තිමේදි කොහොමින් කොහොම හරි පෙබරවාරි 10 (අද) වෙනිදා OTT රිලීස් කරනවා කියලා පහුගිය දවසක දැනුම් දුන්නා

ඉතිං “සලාම් වෙන්කි” , ෆිල්ම් එක ගැන කතා කරොත් ,

මේ කතාව ඉන්දියාවේ හිටපු ‘කොලවෙන්නු වෙන්කටේෂ්’ කියන ගෞරවනීය පුද්ගලයෙක් වටා යෙදුනු කතාවක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ අධ්‍යක්ෂකවරියක් , ඇය වෙන කවුරුවත් නෙවෙයි ඉන්දියානු ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන රේවතී මහත්මිය , ඇයවත් ඔබට මේ ෆිල්ම් එක තුළින් ඔබට දැකගන්න පුළුවන් වෙයි.

චිත්‍රපටයේ කාස්ට් එක පැත්තට ගියොත් ,

‘විශාල් ජිත්වා’ , වෙන්කටේෂ් ක්‍රිෂ්ණන් ලෙසින් මේ කතාවේ නළුවා වෙද්දී , ඉන්දියානු හින්දි සිනමාවේ ඔබ සිත් ගත් ජනප්‍රියම පෙම් යුවල ‘කාජල් – අමීර්’ සුසං‍යෝජනයත් මේ ෆිල්ම් එකෙන් ඔබට බලාගන්න පුළුවන් , ‘කාජල්’ , සුජාතා ක්‍රිෂ්ණන් ලෙසින් දෛර්‍යවත්න , සෙනෙහෙවන්න සටන්කාමී මවක් ලෙසින් ඔබ හමුවට..

– ඔබ ෆිල්ම් එක බලන්න , ඔබේ හදවතටත් යමක් දැනේවි –

එතනින් එහාට ගියාම ,

‘Ridhi Kumar’ ශාරධා ලෙසිනුත් ,
‘Aneet Padda’ නන්දනී ලෙසිනුත් ,
‘Prakash Raj’ ප්‍රධාන විනිසුරු ලෙසිනුත් ,
‘Rajeev Khandelwal’ ඩොක්ටර් ශේකර් ලෙසින්
වගේම තවත් රංගන ශිල්පීන් – ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වෙනවා බලාගන්න පුළුවන්

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් ,

‘ඩියුෂන් මොස්කියුලර් ඩිස්ට්‍රොෆි’ [DMD] කියන ජානමය රෝගයක් නිසා පීඩා විදින වෙන්කටේෂ් ක්‍රිෂ්ණන්ගේ අවසන් බලාපොරොත්තුව , “අවයව පරිත්‍යාගය” වෙනුවෙන් මරණය පෙනි පෙනී සටන් වදින වෙන්කටේෂ් කියන තරුණ පුතාගෙයි , එයාගේ සෙනෙහෙබර නිර්භීත අම්මාගෙයි කතාව තමයි මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ..

ඒවගේම වෙන්කටේෂ්ගෙයි නන්දනීගෙයි කියූ නොකියූ ලස්සන ආදරයකුත් අපිට බලාගන්න පුළුවන්.

අවසාන වශයෙන් , කඩයිම් විබාගෙකට මූණ දෙන අස්සේ , උපසිරස සම්පූර්ණ කර ගැනීමට සහය දුන් ,ඉදුවර නිසල් සොයුරාටත් , මදුශාන් ප්‍රියංකර සොයුරාටත් විශේෂ ස්තුතිය පුද කරමි.

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක සංකල්ප

July 7, 2022


31
Total Subtitles

10 comments

  1. ස්තුතියි subtitles akata

  2. නියමයි සහෝ

  3. Pattaaaaaaaaaaa

  4. සබට ස්තූතියි , ❤️😍🔥

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      Farzi (TV Series 2023– ) – IMDb

  6. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  7. Hunt 2023 tamil film ekata sub ona

  8. බොහෝම ස්තූතියි උපසිරැසියට !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login