The title of the page
Musudan 2016 Sinhala Sub
Musudan 2016 Sinhala Sub
4.8
83

Musudan (2016) Sinhala Subtitle | විකෘතිකයා සොයා | සිංහල උපසිරැසි සමඟ

(Musudan 2016 Sinhala Sub) ඔන්න යාලුවනේ මං ඉතින් උදේ චයිනිස් චිත්‍රපටයක් ගෙනාව හින්දා තවත් අපූරු කොරියන් චිත්‍රපටයකටත් උපසිරැසි අරන් එන්න හිතුවා.

ඉතින් මේ චිත්‍රපටය Military | Mystery | Thriller කාණඩයේ චිත්‍රපටයක්.

ඉතින් මේක ගැන අපේ සිතුම් සහෝදරයා අපූරු ලිපියක් ලියල තිබුනා පහලින් කියවන්න.

#OCN ලගෙ ඉස්සරට එන්න තියන #Search සීරීස් එක මේ වගේම තියෙයි ගොඩක් දුරට..( 80%)✋මේකෙම සීරිස් එක කියන්නත් පුළුවන්..මොකද මේකෙ Screenwriter තමා OCN ලගෙ Search Series එකෙත් Screenwriter විදිහට එකතු වෙන්නෙ..

මේක නිකන් Predator ටයිප් එකේ කතාවක්..De-militarized Zone එකක ☣️ අමුතු සිදුවීම් වගයක් වාර්තා වෙනවා..ඒ එහෙට ගිය පිරිසක් අතුරුදහන් වෙලා සමහර අයට අමානුෂික විදිහට පහර දීලා..ඉතින් මේ අසාමාන්‍ය නඩුව ගැන ” Search ” කරලා වාර්තා කරන්න විශේෂකාර්‍ය බලකායක් පත්කරනවා..මේකට මෙයාලට පැය 24 ක කාලයක් දෙනවා..ඉතින් මේ මෙහෙයුමට මේ කණ්ඩායම De-militarized Zone එකට යනවා..☣️ඒත් ටිකක් දුර යද්දි තමන්ගෙ කණ්ඩායමේ නිලධාරීන් එක්කෙනා ගානෙ අතුරුදන් වෙනවත් එක්කම අසාමාන්‍ය සතුරෙක් ක් විසින් මෙයාලව දඩයම් කරනවා කියලා මෙයාලට තේරෙන්න ගන්නවා..😯😈

ඇත්තටම කවුද මේ ? මොකක්ද මේකෙ තියන අභිරහස ? ඒක දැනගන්න නම් මේක බලන්නම වෙනවා..මේක සුපිරි ගණයේ ෆිල්ම් එකක් නොවුනත් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්..ෆිල්ම් එකේ දැක්ක අඩුපාඩුවක් තමා Story එක Strong මදි ✋හැබැයි මේකෙ Cinematography එහෙම හොදයි..👌ගොඩක් ෆිල්ම් වල වගේ මේකෙත් අඩුපාඩු තියනවා..එකක් මේකෙ Weapons…ඒවා මේකෙ තියන පරිසරයත් එක්ක බැලුවොත් ප්‍රමාණවත් මදි..🎬 CGI එහෙම නියමයි…👌

ඒ වගේම මේකෙ අවසානය නම් නියමයි..😍ඒ නිසාම ෆිල්ම් එකට වෙනම ගතියක් ආවා කියලා මට හිතුනෙ..ඉතින් වැඩි බලාපොරොත්තු නැතුව මේ ෆිල්ම් එක බැලුවොත් සෙට් වෙයි..හොද නරක දෙකම තියනවා..

හරි යාලුවනේ ඔන්න එහෙනම් එයාගෙ ලිපියෙන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇතිනේ චිත්‍රපටය ගැන.එහෙනම් මම ගිහින් එන්නම් ඉක්මනින් ආයෙම ඔයාලට තවත් අපූරු චිත්‍රපටයකට සිංහල උපසිරැසිත් අරගෙන..පරිස්සමට ඉන්න හැමෝම..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. උපසිරැසියට බොහොම ස්තුතියි❤

  3. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login