Mustafa Mustafa (2026) Sinhala Subtitles
Mustafa Mustafa (2026) Sinhala Subtitles
4.2

Mustafa Mustafa (2026) Sinhala Subtitles | “ ජීවිතේම කණපිට හැරුණු මනමාලයෙක් ” | සිංහල උපසිරැසි සමඟ

(Mustafa Mustafa (2026) Sinhala Subtitles) (Mustafa Mustafa (2026) Sinhala Subtitle) (Mustafa Mustafa (2026) Sinhala Sub)

Mustafa Mustafa යනු 2026 වසරේ තිරගත වුණු, තරුණ පරම්පරාවට ගොඩක් සමීප වෙන විනෝදාත්මක දෙමළ චිත්‍රපටයකි. යාළුකම, ආදරය වගේම නොහිතපු වෙලාවක ජීවිතේට කඩාගෙන වැටෙන ලොකු ප්‍රශ්නයක් නිසා ඇතිවෙන පැටලැවිල්ලක් මේ චිත්‍රපටයෙන් ලස්සනට වගේම හාස්‍යජනකව පෙන්නුම් කරලා තියෙනවා.

කාර්තික් කියන්නේ ළඟදීම තමන්ගේ ආදරවන්තිය වුණු ස්ටෙෆිව කසාද බඳින්න ලෑස්ති වෙලා ඉන්න තරුණයෙක්. කසාදෙට දවස් දෙකකට කලින් කාර්තික් එයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක බැචලර් පාටි එකක් දාන්න යනවා. ස්ටෙෆිට දීපු පොරොන්දුව නිසා කවදාවත් බොන්නේ නැති කාර්තික්, එදා යාළුවන්ගේ බලකිරීමට පොඩ්ඩක් බොනවා. හැබැයි පහුවදා උදේ නැගිටිද්දි එයා දකින්නේ හීනෙකින්වත් නොහිතපු දෙයක්!

කාර්තික් වෙනත් කෙල්ලෙක් එක්ක කාමරයක ඉන්න රහස් වීඩියෝ එකක් අන්තර්ජාලයට ලීක් වෙලා තියෙනවා කියලා එයාට දැනගන්න ලැබෙනවා. මේක ස්ටෙෆි දැක්කොත් වෙඩින් එක එතනින්ම ඉවරයි. තමන්ට වුණු මේ ලොකුම අකරතැබ්බෙන් බේරෙන්න කාර්තික් සහ එයාගේ යාළුවෝ එකතු වෙලා, මේ වීඩියෝ එක අප්ලෝඩ් කරපු හැකර්ව හොයාගෙන යන පිස්සු ගමන තමයි මුස්තාෆා මුස්තාෆා චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.

එක බොරුවක් වහන්න ගිහින් තවත් බොරු දාහක් කියන කාර්තික්ට අන්තිමට මොනවා වෙයිද? වීඩියෝ එක මකලා තමන්ගේ කසාදෙ බේරගන්න මේ යාළුවන්ට පුළුවන් වෙයිද? මේ ඔක්කොම දේවල් පිටිපස්සේ ඉන්න ඇත්තම කෙනා කවුද කියලා දැනගන්න මේ විනෝදාත්මක චිත්‍රපටය නරඹන්නම වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිම්හානි චතුරිකා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිම්හානි චතුරිකා

November 20, 2025


19
Total Subtitles

3 comments

  1. Buddhika laKMal

    ස්තූථියි සිස් සබ්එකට

  2. Thushantha Harsha

    තැන්ක්ස් ආදරෙයි 🩷🥰

  3. madhu ranga
    Cineru_users

    thanks lot

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login