The title of the page
Must You Go ? (2021) E08 (END) Sinhala Subtitles
Must You Go ? (2021) E08 (END) Sinhala Subtitles
8.4

Must You Go ? (2021) E08 (END) Sinhala Subtitles | “වොන් කරදරේක?” | සිංහල උපසිරැසි සමඟ

    • Title : Must You Go (2021)
    • Also Known As : Leave me Not, Are You Leaving, Will You Leave?, Gashiriitgo, Gashiri ltgo, Gasiri lsgo, gasiliisgo, gahiriitgo, gasiriisgo
    • Country : South Korea
    • Genres : Music, Historical, Romance, Fantasy
    • Episodes : 8
    • Aired : Feb 26, 2021 – Mar 19, 2021
    • Duration : 30 min

ඔන්න නවත්තපු කතාවක ඉතුරු කොටස් ටික ගේන්නයි මගේ සූදානම. කලින් ලිපි වල කතාව ගැන ගොඩක් පැහැදිලි විස්තරයක් තියන නිසා මම කතාව ගැන වැඩිය කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. දැන් කට්ටියට නවත්තපු තැනත් මතක නැතුව ඇතිනේ අපි බලමු කලින් කොටස් වල මොනවද වුනේ කියලා.

මින් යූ ජියොන්ග් කියන්නේ ණය බරින් මිරිකිලා පාර්ට් ටයිම් රස්සා කරගෙන ජීවත්වෙන කෙල්ලෙක්. කෙල්ල සින්දු කියන්න, සංගීත භාණ්ඩ වාදනය කරන්න දක්ෂයි. කෙල්ලගෙ හීනෙත් කවදහරි ගායිකාවක් වෙන එක. කොරියාවේ ප්‍රසිද්ධ ගායකයෙක් වුන ලී වොන් කියන ගායකය එක්කත් මෙයාගෙ පොඩි සම්බන්ධ කමක් තියනවා. දවසක් ප්‍රවෘත්ති වල යනවා දුර්ලභ චන්ද්‍රග්‍රහණයක් වන බවත් සඳ ලේ රතු පැහැයට හැරෙන බවත්. ඒකත් එක්කම කතාවේ අද්භූත චරිතයක් වෙච්ච දෝ යොන්ග් මොකක්හරි අමුතු දෙයක් කරන්න යනවා. දෝ යොන්ග් මින් ජියොන්ව හම්බවෙලා කියනවා පන්සලක් ඉස්සරහ සංගීත භාණ්ඩයක් වාදනය කරන්න කියලා. 

මින් යූ ජියොන් අර කිව්ව විදිහටම පන්සල ඉස්සරහ සංගීත භාණ්ඩය වාදනය කලා. සඳ, ලේ රතු පැහැයට හැරුණා. පන්සලේ දොර ඇරගෙන පරණ කාලේ ඇදුම් ඇදගත්ත පිරිමි කෙනෙක් ආවා. එතකොටම මින් යූ ජියොන්ග්ට සිහි නැතිවුනා. දැන් අර පිරිමියා මින් යූ ජියොනුත් කරේ තියාගෙන පන්සලෙන් එළියට එනවා.

දෙවෙනි කොටසින් පෙන්නන්නෙ අතීත කතාව ගැන. ඒ 1403 අතීත ජෝසන් යුගය. ඒකාලෙ මින් යූ ජියොන්ග්ගෙ පියා අපරාධයකට අහුවෙලා ද්‍රෝහියෙක් වෙනවා. ඒ නිසා ඇගේ අම්මත් මියයනවා. දැන් ඇය වංශවත් පවුලකට බැලමෙහෙවරකම් කරමින් ඉන්නවා. දවසක් ඇය රෙදි හෝදන්න ගඟට යද්දී ඇය කලින් ගායනා කළ සින්දුවක් ගායනා කරනවා. විශාරද පාර්ක්ට ඇගේ කටහඩ ඇහෙන්නෙ මේ වෙලාවේ. ඔහු කටහඩේ අයිතිකාරිය හොයාගෙන එනවා. ඔවුන් දෙදෙනා පළමු වරට මුණගැහෙන්නෙ ඒ වෙලාවේ.

දැන් වර්ථමාන කාලෙට පාර්ක් සංගීතඥයා ආවානෙ. ඔහු මින් යූ ජියොන්ග්ගේ පස්සෙන්ම ගෙදරටම ආවා. යූ ජියොන්ග්ටත් වෙන කරන්න දෙයක් නැති නිසා ඔහුට ගෙදර නවතින්න ඉඩ දෙනවා. හැබැයි නොමිලේ නම් නෙවෙයි. මින් යූ ජියොන්ග්ගේ විනෝදාංශයක් තමයි එළියේ, පාරවල් අයිනේ ඉදන් සින්දු කියන එක. මින් යූ ජියොන්ග් එළියට වෙලා ගිටාර් එකත් වාදනය කරමින් ගීතයක් ගායනා කලා. පාර්ක් සංගීතඥයා ඒක රසවිදිනවා. විශාරද පාර්ක්ට දෙයක් මතක් වෙනවා. අතීතයේ සිදුවූ දෙයක්. ඔහු කැලයක දුවන සිද්දියක් සහ මින් යූ ජියොන් ගින්නකට අහුවෙලා කෑගහන සිද්ධියක් තමයි ඔහුට මතක් වෙන්නේ.

විශාරද පාර්ක් තමන්ට මතක හැමදේම වගේ යූ ජියොන්ග්ට කියනවා. නමුත් ඔහුට සමහර කොටස් මතක නැහැ. ඉතින් යූ ජියොන්ග් සහ විශාරද පාර්ක් පුස්තකාලෙට යනවා, ඒ ගැන වැඩි විස්තර හොයාගන්න. යූ ජියොන්ග් ඉතිහාස පොත් බලල කොහොමහරි විශාරද පාර්ක් ගැන තොරතුරු හොයාගන්නවා. එහි මෙහෙම සඳහන් වෙලා තිබුනා. “ගොගුර්යෝවේ වැන්ග් සැන් අක් සහ සිල්ලාගේ යූරික් සහ පාර්ක් යූන් කොරියාවේ සංගීතඥයන් තිදෙනා ලෙස හැඳින්වේ. ගොර්යෝවේ යූ රජුගේ පාලන කාලය තුළ ඔහු ඉපදුණේ ඇමති පාර්ක් චියෝන් සියොක්ගේ පුත්‍රයා ලෙසයි.“ 

“ඔහුගේ උපන් ගම මිරියෑං වන අතර ඔහුගේ ළමා කාලයේ නම යුන් ය. වැඩිවියේදී ඔහුගේ නම තන්බු වන අතර ඔහුගේ පෑනේ නම නන්ග්යේ ය. ඔහු 1405 දී සිවිල් සේවා විභාගය සමත් විය. එමෙන්ම ඔහු ජේඩ් විද්වතුන්ගේ ශාලාවේ නිලධාරියෙකු බවට පත් විය. පසුව ඔහු ජේඩ් විද්වතුන්ගේ අධ්‍යක්ෂවරයා බවට පත් විය. සේජොං රජු සිහසුනට පත් වූ පසු, ඔහු සංගීත පර්යේෂණ ආයතනයේ උසස් නිලධාරියෙක් වුනා. ඒ වගේම සංගීත සංයුතිය ගැන පර්යේෂණ කළා.“

ඉතින් ඊට පස්සෙ මොකක්ද වුනේ කියල දැනගන්නනම් ඉතුරු එපිසෝඩ් ටික බලන්නම වෙනවා. 

  • විශාරද පාර්ක්ට සැරින් සැරේ මතක් වෙන දේ මොකක්ද?
  • ඒ සිද්ධ වුන දේම ආයිමත් වේවිද?
  • දෝ යොන්ග් කියන්නෙ කවුද?
  • ඇයට ඇත්තටම මොකක්ද ඕන කරන්නේ?

ඉතුරු කතාංග වලින් මේ සේරම දැනගන්න පුලුවන්. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න. 

-තෙරුවන් සරණයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Dark Lover සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Dark Lover

September 11, 2021


17
Total Subtitles

7 comments

  1. Wow maru..
    Thanks Complete karata..

  2. Thank you very much😍❤️

  3. බොහොම ස්තුතියි මේ ලස්සන කතාව අවසන් වෙනතුරු අරගෙන ආවාට .

  4. මේක Complete කරාට ගොඩාක් තෑන්ක්ස්❤️
    සබ් එකට තෑන්ක්ස් සහෝ🔥
    MILITARY PROSECUTOR DOBERMAN එකටත් සබ් දෙන්නකෝ😢

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Sub ekata thanx

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login