The title of the page
3.1
71

Mr Local (2019) Sinhala Subtitles | කෙල්ලෝ කියන්නේ කොල්ලන්ගේ තරහාකාරයෝ තමයි !| සිංහල උපසිරැසි සමග |

කතාව ඇරඹෙන්නේ ප්‍රංශයේ බන්ධනාගාරයක රැඳවියන් එක්වී පාපන්දු ක්‍රීඩා කරන දසුනකින්. අපගේ කතානායකයා වන ⁣මනෝහර්ද එම රැඳවියන් අතරින් එක් අයෙක්. තමිල්නාඩුවේ ජීවත් වුනු මනෝහර් ප්‍රංශයේ බන්ධනාගාරයකට පැමිණීම පිටුපස තිබෙන්නේ දිගු කතාවක්.

මනෝහර් සහ සුරූපී කීර්තිනා වාසුදේවන් එකිනෙකා මුණගැසෙන්නේ මහමඟදී සිදුවන රිය අනතුරක් නිසා. මංසන්ධියකදී විදුලි ආලෝක සංඥා නොතකා ධාවනය වන කීර්තිනාගේ රථය නිසා මනෝහර් සහ ඔහුගේ මව ගමන් කරමින් සිටි මෝටර් සයිකලය අනතුරට ලක්වෙනවා. එම සිද්ධිය නිසා මනෝහර් සහ කීර්තිනා වාසුදේවන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවෙනවා.

කීර්තිනා වාසුදේවන් කියන්නෙ තමන්ගෙම කියලා බිස්නස් එකක් කරගෙන යන ලස්සන කෙල්ලෙක්. එයාගේ සමාගමෙන් කරන්නේ ටෙලි නාට්‍යය හදන එක.
කීර්තිනා සහ මනෝහර් අතරෙ තියන රංඩුව දුර දිග යනවා. මනෝහර් කරන්නේම කීර්තිනාගේ කරහ ඇවිස්සෙන විදියේ වැඩ. ඒවට රිටර්න් එක විදියට කීර්තිනා මනෝහර්ගේ රස්සාව නැති කරනවා; නැති කරනවා විතරක් නම් කමක් නෑනේ. මනෝහර් වැඩ කරපු වාහන අලෙවි ආයතනය සල්ලි දීලම ගන්නවා😃.
කොහොමහරි මේ යුද්දේ මැද්දෙන් නොදැනීම මනෝහර් කීර්තිනාට ආදරේ කරන්න පටන් ගන්නවා.
හොඳම හරිය පටන් ගන්නේ ඊට පස්සේ. ෆිල්ම් එක බලන අයට තමයි ඒවා දැන ගන්න පුලුවන් වෙන්නේ.

M. රාජේශ්ගේ අධ්‍යක්ෂණයක් වන Mr Local චිත්‍රපටිය සඳහා සිවකාර්තිකෙයාන්,නයන්තාරා,රාධිකා සරත්කුමාර්, යෝගි බාබු, සතිශ්, රෝබෝ ශංකර් සමග තම්බි රාමයියා රංගන දායකත්වය ලබාදීලා තියනවා.

මනෝහර් විදියට සිවකාර්තිකෙයානුත් කීර්තිනා විදියට අපේ ආදරණීය සදාදරණීය නයන් අක්කත් තමයි රඟපාන්නේ.
චිත්‍රපටිය නිශ්පාදනය කරල තියෙන්නෙත් සිවකාර්තිකෙයාන්ම තමයි.
බොහෝම කාලෙකට පස්සේ තම්බි රාමයියා තමන්ගේ ඇත්ත පෙනුමෙන් චිත්‍රපටියක් සඳහා පෙනී ඉඳලා තියනවා. හාස්‍යය අතින් ගත්තොත් යෝගි බාබු, සතිශ් වගේම රෝබෝ ශංකරුත් ඉන්නවා. හැබැයි යෝගි බාබුට වඩා වැඩි බරක් වැටිලා තියෙන්නෙ රෝබෝ සහ සතිශ් මතට.

සංගීත නිර්මාණය කරලා තියෙන්නෙ Hip Hop Thamizha. ⁣මේකේ සිංදු ඔක්කොම වගේ යූටියුබ් හරහා බොහෝ ගොඩක් ජනප්‍රිය වුනා.

ගොඩන් බලපතල සිද්ධි නැති පවුලේ සැමට බලන්න පුලුවන් family entertainment චිත්‍රපටියක් විදියට තමයි Mr Local චිත්‍රපටිය හදලා ති⁣යෙන්නේ.
සරල තේමාවක් තියන එ්වගේම හාස්‍යෝත්පාදක සහ ආදරකතා අඩංගු චිත්‍රපටි වලට ප්‍රිය කරන සියල්ලෝම නැරඹිය යුතුම චිත්‍රපටියක් ලෙස හැඳින්වීමටත් පුලුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

8 comments

  1. Kasun Widusha
    Cineru_users

    tnx mcn

  2. සබට තුති සහෝල ජයවේවා..😍

  3. Thanks sub ekkata natpe thunai Tamil movie ekata sub bennko

  4. Godak sthuthi dennatama sub eka dunnta. Game over movie sub demu..

  5. Maleesha maduhansa

    සබට තෑන්ක්ස් ඔයාලට. ඉක්මනට දුන්නා දිගටම කරන්න ෆට්ට❤️

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    Tnx dennatama

  8. ගොඩක්ම ස්තූතියි. digatama me wage sub karana .ජයවේවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login