The title of the page
Mortal combat Legacy 2013 Complete Season 02 sinhala sub
Mortal combat Legacy 2013 Complete Season 02 sinhala sub
7.5

Mortal Combat Legacy (2013) Complete Season 02 Sinhala Subtitles |නිදහස් ලෝකයක් උදෙසා| සිංහල උපසිරැසි සමග |

(Mortal combat Legacy 2013 Complete Season 02 sinhala sub) ඔන්න ඉතින් යාළුවනේ, ආපහු මුලු සීසන් එකකටම මේ පාර සබ් අරගෙන ආවා. මේ පාර මං සබ් අරගෙන ආවේ, Mortal combat Legacy (2013) කතා මාලාවේ දෙවෙනී සීසන් එකටයි. මේ කතා මාලාවේ පළවෙනි සීසන් එකට සබ් කලේ අපේ සිනෙරු එකේ මගේ මුල්ම සබ් ගුරුතුමා උන දර්ශන හෙට්ටිවත්ත අයියා. එයාගේ ඉල්ලීමකට තමයි මං මේකේ දෙවෙනි සීසන් එකට සබ් කරන්න හිතුවේ. මුලින් මං මේකට සබ් කරන්න කැමැත්තක් තිබ්බේ නෑ, ඒත් ෂෝ එක අරගෙන මුල් එපිය බලනකොටම මගේ ඒ අදහස වෙනස් උනා ඒ මොකද කියනවා නම් මේ කතා මාලාවට ඒ තරම් ඉක්මනටම මගේ හිත ඇදිලා ගියා. ඒ ගැන නම් කියන්න වචන නෑ. ගොඩක් ස්තූති වන්න වෙන්න ඕනේ මට මේකට සබ් කරන්න කියලා දුන්න දර්ශන හෙට්ටිවත්ත අයියට. 

හරි එහෙනම්, මං මේ කතා මාලාව පැත්තට හැරෙන්නම්කෝ. මෝටල් කොම්බට් ලෙගසි කියන්නේ මැචිනිමා කොම්හි යූටියුබ් නාලිකාවේ විකාශය උන ඇමරිකානු වෙබ් ලිපි කතා මාලාවක්. මේ කතා මාලාවේ පළවෙනි සීසන් එක 2011 අප්‍රේල් 11 වන දින තමයි මුලින්ම නිකුත් වෙලා තියෙන්නේ. එඩ්බූන් සහ ජෝන් ටොබියාස් යන දෙදෙනා නිර්මාණය කරන ලද මෝටල් කොම්බට් වීඩියෝ ක්‍රීඩා මාලාව පදනම් කරගෙන කෙවින් ටන්චරොයින් විසින් මෙම ලිපි කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නේ. මෙහි දැනට සීසන් දෙකක් නිකුත් වෙලා තියෙන්නේ දෙවෙනි සීසන් එක 2013 සැප්තැම්බර් 26 දින තමයි නිකුත් වෙලා තියෙන්නේ. මේ කතා මාලාවට 7.5ක IMDb අගයක් ලැබිලා තියෙනවා. මේ කතා මාලාවෙන් මොකක්ද වෙන්නේ කියලා මං කියන්නම්, මේ මෝටල් කොම්බට් කතා මාලාව මුල් ක්‍රීඩාවට පූර්විකාවක්, මේ ලිපි කතා මාලාවේ චරිත කිහිපයක පසුබිම් කථා පැහැදිලි කරමින් පළමු තරගය පදනම්ව එළඹෙන දහවන මෝටල් කොම්බට් තරඟාවලිය පිළිබඳව පැහැදිළි කිරීමක් කරයි. සෑම එපියකම නිශ්චිත චරිතයක් හෝ චරිතයක කතා පසුබිම නිරූපණය වෙනවා.

🔥🔥🔥කොමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න.🔥🔥🔥

තව මොනවා කියන්නද මේ ගැන මේක ගැන කියනවට වඩා හොඳයි ඔයාලම මේක අරගෙන බලන එක මේක ඒ තමයි සුපිරි කතා මාලාවක් සටන් ගැන නම් කියන්න වචන නෑ. ඇත්තම කිව්වොත් මගේ යාළුවන් වෙනුවෙන් දවස් තුනක මහන්සීයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කතා මාලාවට මේ විදිහට සබ් අරගෙන ආවේ. කොමෙන්ට් එකක් දාලා ඔයාලා අපට දෙන හයිය ගැන කියන්න වචන නෑ ඒක ඒ තරම් වටිනවා. මේ වෙලාවේ ඇත්තෙන්ම මතක් කරන්න ඕනේ අපේ ලොකු බොස් සමිත සහෝ, ඒ වගේම පොඩි බොස් අංජුල සහෝ, දර්ශන සහෝව මතක් කලේ නෑ කියන්නේ මං අසාර්ථකයි කියන එකයි, මේ වෙලාවේ එයාවත් අපේ සිනෙරු ටීම් එකත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. එහෙනම් ආපහු සබ් එකකින් නැවත හමුවෙමු. හැමෝටම බුදු සරණයි!!!

 

සිංහල උපසිරැසියේ තිබු දෝෂය නිවැරදි කර ඇත

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

17 comments

  1. Godak sthuthi sahooo

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    හා හා මලයෝ එහෙනම් ගෙනාවා නේ. එළම. බලන්නකෝ දවස් දෙකක් තුනක් යනකොට. මේකට කට්ටිය පට්ට ආසයි. තව 11යි හොඳේ. 50ට ඔන්න මෙන්න. අල්ලන් යමු සහෝ. එක කුස උපන් සහෝදරයෙක් වගේ හිත හොඳ කොල්ලෙක් තමයි ඉතිං ඔයා

  3. චානක තිලංක

    ස්තුතියි සහෝ

  4. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    තව මේ වගේ සීරීස් එකක් තියෙයි. දෙන්නද? සුපිරියක් තමයි ඒකත්

  5. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks saho

  6. Hashan
    Top Fan ⭐⭐⭐

    මචං පොඩ්ඩක් 1, 4, 7 episode තුන බලන්න සිංහල සබ් එකක් නෙවේ ඒවා

    • චානක තිලංක

      හෂාන් සහෝ මං ආපහු සබ් ටික අරගෙන බැලුවා ඒවගේ කිසිම අවුලක් නෑනේ ඒවා ඔක්කොම සිංහල සබ්නේ.

      • Hashan
        Top Fan ⭐⭐⭐

        හරි හරි බ්‍රෝ video file එකට add කරල play කරාම සිංහලෙන් play වෙනවා සබ් එකේ වැරැද්දක් නෑ 😊👊.. මං සාමාන්‍යයෙන් සබ් එක download කරගත්තු ගමන් extract කරල DB text editor එකට දාලා බලනවා මොකද මට පෙලක් දවස්වල සිංහල සබ් එක කියලා english සබ් එක upload කරල තිබ්බ වෙලාවල් අහුවෙලා තියනවා ඒකයි.. 1යි 4යි 3යි ඒකෙන් open කරල බලපුවම නිකන් චීන අකුරු වගේ පෙන්නුවෙ ඒකයි මං පොඩ්ඩක් බලන්න කිව්වෙ.. පස්සෙ video file එකට add කරල බලපුවම අවුලක් නෑ 👊👊

        • චානක තිලංක

          එල සහෝ 👊👊👍

        • දර්ශන හෙට්ටිවත්ත
          Cineru Family Member

          හශාන් සහෝගේ gf ට පොඩි හොර වැඩක්වත් කරන්න බැරුව ඇති නේ? ඔයා නිකන් ෂර්ලොක් හෝම්ස් වගේ හොඳට හොයනවනේ හැමදේම! නියමයි සහෝ, ඔන්න ඔහොම කට්ටිය අපි එක්ක ඉන්නකල් අපිට සබ් හදන්න ලෙසටම පුලුවන්. පට්ටම ස්තූතියි හශාන් සහෝ
          💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  7. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks sub ekata supiri ewata subtitle karanna super

  8. Video file nane bn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login