The title of the page
8.9
97

Moon Knight (2022) E04 Sinhala Subtitles | “සොහොන් ගෙය” | සිංහල උපසිරැසි සමඟ

මාවල් සිනමා විශ්වයට (MCU) අලුතෙන්ම හඳුන්වා දෙන චරිතය තමයි Moon Knight, එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවා නම් “චන්ද්‍ර නයිට්වරයා” කියන්නෙ. Moon Knight ගේ චරිතය ඇසුරෙන් නිර්මාණය වුණු කතා මාලාවේ හතරවෙනි කතාංගයත් අද (අප්‍රේල් 20) නිකුත් වුණා. ඒ හින්දා ඔයාලා මේ වෙනකොට මේ කතාව ගැනත් ඒ වටා ගෙතුණු චරිත ගැනත් යම්තාක් දුරට අවබෝධයක් ලබාගෙන අවසන් ඇති. ඒ වුණත් කතාවේ ප්‍රධාන චරිතය Moon Knight ගැන පොඩි විස්තරයක් මේ ලිපියට ඇතුළත් කරන්න ඕන කියලා මට හිතුණා.

“Oscar Isaac රංගනයෙන් දායක වෙන මේ කතාවේ ප්‍රධාන චරිතය මාර්ක් ස්පෙක්ටර්ගේ වේශයෙන් සිටිද්දි Moon Knight ලෙසත් ස්ටීවන් ග්‍රාන්ට්ගේ වේශයෙන් සිටිද්දි Mr. Knight ලෙසත් හඳුන්වනු ලබනවා.”

මාර්ක් ස්පෙක්ටර් කියන්නෙ dissociative identity disorder / DID (විඝට්ටනමය පුද්ගල ආබාධය) නැමැති ආබාධයෙන් පෙළෙන යුදෙව්-ඇමෙරිකානු ජාතික දාමරිකයෙක්. ඔහු කොන්‍ෂු කියන ඊජිප්තියානු දෙවියන්ගේ ඇවටාර්වරයා බවට පත් වෙනවා. සිහි මුර්ජාවීම් සහ වෙනත් ජීවිතයක මතකයන් තියෙන, මෘදු ගති පැවතුම් සහිත, තැගි සාප්පුවක සේවය කරන, බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ගේ වේශයක් ඔහුට තියෙනවා. මේ වේශයෙන් ඉන්න වෙලාවට කොන්‍ෂූගේ ඇවටාර්වරයා වෙන කොට ඔහුව හඳුන්වන්නෙ Mr. Knight කියලා. ඔහුගේ අනිත් වේශය වන ස්පෙක්ටර් ගැන Oscar Isaac හඳුන්වන්නෙ ” තමන්ගේ ජීවිතයෙන් මිනිස්සු ඈත් කරලා තියාගන්න දඟලන චිකාගෝ නාගරිකයෙක්” විදිහටයි. ඔහුට අනුව ඒ පුද්ගලයා නපුරු අයෙක්.

නමුත් මෙම කතා මාලාවේ විධායක නිෂ්පාදක වන Kevin Feige ට අනුව නම් ඔහු ක්‍රෑර ක්‍රියාදාම වීරයෙක්. ඒවගේම එම චරිතයට ආවේණික ප්‍රචණ්ඩකාරිත්වය කතාමාලාවට ඇතුළු කිරීමට ඔවුන් පසුබට නොවුණු බවත් ඔහු කියා තිබෙනවා.
ස්පෙක්ටර්ගේ DID ආබාධය නිසා ඇති වුණු පුද්ගල ස්වරූපයන් විශේෂ්‍ය චරිත වන අතර ඔවුන්ගේ චෛතසික ස්වභාවයන් අනුව පිටපතට ඇතුලත් කොට තිබෙන්නෙ වෙනස් ස්වරූපවලින්. Isaac මෙය තවදුරටත් ඉදිරියට ගෙනයමින් ඔවුන්ට, එකිනෙකට වෙනස් වූ උච්චාරණයන් එකතු කොට තිබෙනවා. ස්පෙක්ටර්ගේ සංකීර්ණ මනස පිළිබඳව ගවේෂණයේ යෙදෙමින් නරඹන්නන්ට විනෝද විය හැකි ඉදිරිපත් කිරීමක් ලබා දීමටද Issac මහන්සි වී තිබෙනවා. මොකද විවිධ පුද්ගල ස්වරුපයන්ට ආරූඬ වෙමින් රංගනයේ යෙදීම ඔහුට තාක්ෂණිකමය වශයෙන් විශාල ශ්‍රමයක් වැය කිරීමට සිදු වූ අභියෝගාත්මක දෙයක් වී තිබුණා. Issac ගේ චරිතයේ බහුවිධ වේශයන් මුණ ගැසෙන ස්ථානවලදි ඔහුගේ සහෝදරයා වන Michael Benjamin Hernande ඔහුට සහය රංගනයෙන් දායක වී තිබෙනවා. මෙම චරිතයට සූදානම් වීම සඳහා Issac භාවිතා කර තිබුණේ Robert B. Oxnam ගේ A Fractured Mind නම් කෘතිය වන අතර එය තමාගේ “බයිබලය” බවද ඔහු කියා තිබුණා.

Issac ස්පෙක්ටර්ට භාවිතා කොට තිබුණේ තමන්ගේම ඇමෙරිකානු උච්චාරණයයි. ඔහු ග්‍රාන්ට්ට ලන්ඩන්වල භාවිතා වන ඉංග්‍රීසි උච්චාරණයක් භාවිතා කොට තිබුණා. එය ජාත්‍යන්තරමය වශයෙන් “විකාරරූපි” තත්වයේ, පිළිගත නොහැකි ස්වභාවයේ උච්චාරණයක්. ග්‍රාන්ට් යනු සමාජීය හැකියාවන් නොමැති සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට වෙර දරන පුද්ගලයෙකි. ග්‍රාන්ට් සහ ස්පෙක්ටර් පළමුවෙන්ම එකිනෙකා පිළිබඳ දැනුවත් වුණු මොහොතේදි දෙදෙනා අතර අවිනිශ්චීතභාවයක් ඇති වෙනවා. නමුත් Mr. Knight, ස්පෙක්ටර්ගේ Moon Knight ට නොමැති පුරාණ ඊජිප්‍තුව පිළිබඳ ග්‍රාන්ට්ගේ දැනුම භාවිතයෙන් ප්‍රහේළිකා විසඳීම වැනි අමාරු අවස්ථාවලින් ජය ගන්නවා.

තවත් උපසිරැසියකින් හමුවෙමු…
ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

12 comments

  1. Gammak saho 🔥❤

  2. Sub ekta thnx machn 🙂❤️

  3. බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….😊❤️🔥

  4. Thanks ❤️💯

  5. Thanks……good luck……

  6. Thanks for the sub!!!!!

  7. Hi, thank u episode ekata eepaga ekath dan awilla eekiwwe ep. 5 . Eekath ikamanatama danna.😄😀😃

  8. Thank you bro , episode 5 ekath ikkamata dennako plz

  9. 5weni episode eke sub ekath dannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login