The title of the page
Monster (2022) Sinhala Subtitles
Monster (2022) Sinhala Subtitles
4.6
66

Monster (2022) Sinhala Subtitles | ”රකුසු බුද්ධියේ කොල්ලය” | සිංහල උපසිරැසි සමඟ

(Monster (2022) Sinhala Subtitles) (Monster (2022) Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම… 

අද අරං ඇවිල්ලා තියෙන්නෙ දවස් 4 කට වඩා වැඩි කාලයක් උපසිරැසි ගැන්වීමට වෙහෙස මහන්සි  වූ තවත් සොඳුරු මලයාලම් චිත්‍රපටයක්… අඩා ! ඇත්තටම කියන තරම් මේ චිත්‍රපටය සුන්ඳරද…? පැය  2 විනාඩි 15 ක  කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් රකුසෙකුගෙ බුද්ධියෙන් ගේම දෙන 😎 කොල්ලකන කතාවක් තමයි මේක.. 

 4.6/10 ක  IMDB අගයක්  ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය  Action / Thriller    කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. මලයාලම් විශිෂ්ට නළු Complete Actor lalettan හෙවත් Mohanlal  ඇතුළු Honey Rose , Sudev Nair , Iakshmi manchu හා swastika අතුළු නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන අතර අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Vysakh විසින්.

කතාව ගැන කිව්වොත්  භාමිණී කියන්නේ තම සැමියා චන්ද්‍රා හා දියණිය කුංජාට්ටෙ එක්ක එක්තරා මහල් නිවාසෙක ජීවත් වෙන කාන්තාවක්. මෙයාගෙ රස්සාව තමයි She-Taxi කියන කුලී රථ සමාගමේ වැඩ කරන එක. කොහොමහරි එක දවසක භාමිණීට පැවරෙනවා මේ සමාගමේ අයිතිකාරයාගෙ සුවිශේෂී වාසනාවන්ත 😉 අමුත්තෙක්ව ⁣ගුවන් තොටුපළෙන් පික්-අප් කරන්න. භාමිණීගෙ යාළුවා මේ සිද්ධිය ඇයට කියන්නෙත් ගොඩක්ම පරක්කු වෙලා… කොහෙන් කොහොමහරි මේ සුවිශේෂී අමුත්තව එක්කන් එන්න ඇයට සිද්ධ වෙනවා. ඇත්තටම කව්ද මේ අමුත්තා…? මොකක්ද එයාගෙ තියෙන සුවිශේෂී කම…? ඔය කියන බුද්ධියෙන් ගේම දෙන මිනිහා මෙයාවත්ද…? පොර වසනාවන්තයෙක්ද…, අවාසනාවන්තයෙක්ද….,  නැත්තම් “රකුසෙක්ද” 😈

තව දෙයක් කියන්න තියෙනවා මේ චිත්‍රපටයේ  ගොඩක් අය කතා කරන්න අකමැති ගැඹුරු අර්ථයකුත් සැඟවිලා තියෙනවා…..!

ඒ ගැන දැනගන්න නම්  මේ රකුසු කොල්ලය අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.  (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

11 comments

  1. Enakam hitiyeeee

  2. Kasun Widusha
    Cineru_users

    Tnx sub ekata

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  4. Thank you bro sub 1ta ❤️❤️❤️💕

  5. Subata tnx sahoo

  6. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කෙවින් සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  8. ජය මචං thanks sub එකට

  9. Thank You Brother

  10. thanks brohter

  11. මට තේරෙන් නෑ කොහෙන්ද මම පටන් ගන්න ඕනි කියලා..මම කාලෙකින් බැලුව සුපිරිම කතාවක්.ආදරය,අපරාධ,විහිළු,අභිරහස් මේ හැමදෙයක්ම පිරැනු පටන් ගත්ත වෙලේ ඉඳන් පිස්සු හැදුනු කතාවක්.ඇත්තටම මෙික ලොකු ආදර්ශයක් දෙන කතාවක්.ඕනම අපරාධකරුවෙක්ගෙ ඉතිහාසය බැලුවොත් අනිවාරනේ ඒකට තුඩුදුන් හේතුව සමාජෙ.ඇත්තටම ගොඩක් පිං මහන්සි වෙලා මේ වගෙ එකක් ගෙනාවට.කිසිම අඩුපාඩුවක් නැතිව නියමෙටම සබ තිබ්බා.මෙික අනිවාරෙන්ම බලපල්ලා..😉

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login