The title of the page
MGR Magan Sinhala Subtitle
MGR Magan Sinhala Subtitle
3.5
74

MGR Magan (2021) Sinhala Subtitle | “එම්.ජී.ආර්ගේ පුතා” | සිංහල උපසිරැසි සමඟ

(MGR Magan (2021) Sinhala Subtitle) (MGR Magan 2021 Sinhala Sub)

සුභ දවසක් ඔයාලා හැමෝටම…

අද සබ් එක ගෙනාවේ පොඩ්ඩක් කොමඩි පැත්තට බර ඒත් අපිට පොඩි හරි ආදර්ශයක් ගන්න පුලුවන් ෆිල්ම් එකක්. මේකේ IMDb අගය පොඩ්ඩක් අඩුයි ඒත් අව්ලක් නෑ බලන්න පුලුවන් පට්ට ෆිල්ම් එකක්..

MGR Magan (MGRගේ පුතා) කියන්නේ 2021 ඉංදියානු දෙමල පවුලේ සියලුම දෙනාට නැරඹිය හැකි චිත්‍රපටියක් වන අතර මේක Ponram තමයි අධ්‍යක්ෂණය කරාලා තියෙන්නෙ… Screen Scene Media Entertainment Pvt Ltd ආයතනය විසින් තමයි මේ චිත්‍රපටින නිෂ්පාදනය  කරලා ති⁣යෙන්නේ..මේ චිත්‍රපටයේ M. Sasikumar, Sathyaraj සහ Mirnalini Ravi ප්‍රධාන චරිත නිරූපණය කරනවා.. සංගිත අධ්‍යක්ෂණය Anthony Daasan විසින් සිදුකරලා ති⁣යනවා. ෆිල්ම් එක ⁣පහුගිය නොවැම්බර් 4 තමයි Disney+ Hotstar විසින් නිකුත් වුණේ..

කතාව ගැන කිව්වොත් රවි කියන්නේ තාත්තට කැමති නැති පැත්තකට වෙලා ජීවත් වෙන වෙනම චරිතයක්. කොටින්ම කිව්වොත් එයා ඉන්නේ එයාගේ මමා එක්කමයි (අම්මගේ මල්ලි ). රවීගේ තාත්තා තමයි M.G රාමසාමි කියන්නෙ එහෙම නැත්තං MGR කියන්නේ මෙයා කරන්නේ ඒ ගමේ අයගේ අසනීප වලට ඒ ගමේ තියන බෙහෙත් පැල හැදෙන කන්දකින් බෙහෙත් පැල අරගෙන ලෙඩ හොද කරන එක. කෙටියෙන් කිව්වොත් රාමසාමි ඉංදියානු වෙදකම තමයි එයාගේ රස්සාව විදියට කරන්නේ. ඉතින් මේ රාමසාමියි K.R තංගවෙලුයි අතරේ පරන නඩුවක් ඇදගෙන එනවා.. නඩුවට හේතුව තමා තංගවේල්ට ඕන මේ බෙහෙත් පැල තියන කන්ද එයාගේ බිස්නස් එකක් කරගන්න( ඒක ගල්කොරියක් කරන්න). එයා නිතිමය ටෙන්ඩර් එක්ක්ක් අරගෙන මේ කන්ද ගල්කොරියක් කරන්න එනකොට තමා මේ රාමසාමි මේකට නඩුවක් දාන්නේ.

මේ නඩුවට රාමසාමි ගන්න හැම ලෝයර් කෙනෙක්ම තංගවෙල් සල්ලි වලට අරගන්නවා. රාමසාමි එයාගේ පුතාව (රවිව) ලෝයර් කෙනෙක් කරන්න උගන්නනවා ඒත් රමාසමිගේ බලාපොරොත්තු කඩ කරගෙන රවී විභාගේ ෆෙල් වෙනවා. ඊට පස්සේ රාමසාමි රවීව ගේ ඇතුලට ගන්නේ නැතුව එලියෙට දානවා. එදා තමා රවී රාමසාමි එක්ක තරහා වෙලා යන්නේ නිකන් නෙමේ රාමසාමිට රවි අභියෝග කරනවා එයාගේ නමයි ෆොටො එකයි හැම පත්තරේකම සිරස්තල විදියට වැටුන දවසට තමා ගේ අතුලට එන්නේ කියලා. අවුරුදු ගානක් ඇදුන කන්දේ නඩුව අන්තිමට ඉවර වෙන්නේ තංගවේල්ට වාසි වෙන විදියට ඒ කියන්නේ තංගවේල්ට ඒ කන්ද විනාස කරලා ගල්කොරිය දාන්න අවසර හම්බෙනවා.. ඒක ගැන කලකිරිමෙන් ඉන්න රාමසාමි බීලා ගෙදර ඇවිල්ලා පිස්සු නටනකොට අනතුරක් වෙලා ඔලුව බිම වැදිලා ගොඩක් අමාරු වෙලා ස්පිරිතාලෙට අරගෙන යනවා.. ඔතනින් එහට මම කතාව කියන්න යන්නේ නෑ.

රවී ඒ බෙහෙත් පැල තියන කන්ද බේරගනිද?

නැත්තං තංගවේල් ඒක ගල්කොරියක් කරයිද?

රාමසාමි මැරෙයිද? රවිටයි එයාගේ තාත්තටයි කවදාවත්ම එකතු වෙන්න බැරි වෙයිද?

රවීගේ නම හැම පත්තරේකම සිරස්තල වෙන එකක් නැද්ද?

ඔය ටික දැනගන්න ඕනනම් අනිවාරෙන්ම ෆිල්ම් එක බලන්න කියලා කියනවා.

“අම්මා කෙනෙක් දුකෙන් ඉන්නකොට අපිට ඒක අම්මා පෙන්නන නිසා දැනෙනවා”

“ඒත් තාත්තා කෙනෙක් දුකෙන් ඉන්නකොට කවදාවත්ම අපිට ඒක දැනෙන්නේ නෑ මොකද තාත්තා කෙනෙක් අපිට කවදාවත්ම එයාගේ දුක වේදනාව පෙන්නන්නේ නැති නිසා”

“අපිට අම්මා තරම්ම ආදරේ කරන ඒත් ඒක අම්මා තරම්ම පෙන්නන්නෙ නැති එකම කෙනා තමයි තාත්තා”

අනිවාරෙන්ම මග ඇරගන්නෙ නැතුව මේ ෆිල්ම් එක බලන්න කියලා ආරධනා කරනවා ආයිත් පාරක්..තවත් මේ වගේම උපසිරැසියකින් හමුවෙමු.. එතකම් පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න.. stay safe and stay home thanks all..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
වෝෂිත තිලෝක්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
වෝෂිත තිලෝක්‍ය

October 7, 2021


38
Total Subtitles

7 comments

  1. තැන්ක්ස් සබ් එකට.

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Adee pagal kiyala film 1k thiye telugu ekata sub diyanko ban..dan a film eka avith godak kal..by the way thanks for this sub…paagal 2021 movie ekatath sab diyan honde

  5. Sub ekata thanx

  6. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි

  7. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login